අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-29

1/29/2026 08:00:00 pm


ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා

සුපිපුනු වන මල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යද්දී


රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //

හිරු අවරට ඇදුනා

පාළුව තනිකම රජයන විටදී //

ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී


සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //

රහසක් මට කීවා

සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී //

ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් ................


පද රචනය:            විමලධර්ම ජයවීර

සංගීත නිර්මාණය: සනත් නන්දසිරි 

ගායනය:               සනත් නන්දසිරි.


ජීවිතය හමුවෙන්නේ එහෙමයි. මම නොලිවුවත් විමලධර්ම ජයවීරයන් එහෙම ලියනවා. 

හිත අතීතය ආවර්ජනයට අරගෙන යන පසුබිමක් මවමින් සනත් නන්දසිරියන් කඩ හඩ එක්කරනවා.


කරුනාදාස සපුතන්ත්‍රී කියන්නේ මෙහෙම කතාවක්. 


මංමුලාවී පාර හොයාගෙන - 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ


ඇයත් නොදන්නිය ඇය යන මානය - 

උන්හිටි තැන් මතකයෙ අඩමානය //

පාර කියන්නේ කෙලෙසද මා හට - 

ඇයටද පාරක් ඇති නැති ගාණය

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ 


ගුණදාස කපුගේ ගේ හඩම මේ ප්‍රශ්නය අහන්න බලා ගෙන හිටියා වගෙයි. 

මටත් තිබුනා ප්‍රශ්ණයක් .


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි


ඒ වුනත් අපි තාමත් යනවා. ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ ස්වභාව ධර්මයට විතරයි.


මේ ප්‍රශ්ණය කපුගේ අහන්නේ “ පාර දිගේ චිත්‍රපටියේ. චන්දරේ  වෙන්නේ විජය කුමාරණතුංග.

එයා සීසර් කෙනෙක්. ෆිනෑන්ස් ඇරියස් වෙන වාහන උස්සන එකයි රාජකාරිය.

කාලයත් එක්ක චන්දරේට ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. ඇය චන්දරේට කියනවා මට බබෙක් හම්බුවෙන්න ලැබෙන්න ඉන්නා විත්තියක්.

බබාට දැන් මාස තුනයි කියලා.

චණ්දරේ කියනවා

“අපි ඔක්කොම නිකන් අහකට විසි කරපු එඩරු දඩු වගෙ 

අපට මුල් නැ වැල් නැ

ඒත් දලු එනවා“

කියලා .

චණ්දරේ යාළුවෝ දෙන්නෙක් එක්ක කච්චේරියට ගිහිල්ලා විවාහය ලියාපදිංචි කරලා යමින් ගමන

පාරමාරුවෙන ගමන් ඈ අහනවා අපි කොහෙද යන්නේ කියලා ?.

චණ්දරේ කියනවා..

“ දන්නේ නෑ “ කියලා .


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි


පාර දිගේ චිත්‍රපටිය නිමා වෙනවා.


මේ ප්‍රශ්න පත්‍රය නිමා වෙන්නේ නැහැ .

ඒක නේ ජීවිතය කියන්නේ …

කුමාරදාස සපුතන්ත්‍රි බන්ඩාර අතාවුද ටයි මාලණි බුලත්සිංහලටයි  කියනවා මෙහෙම කතාවක් .

එච්. එම්. ජයවර්ධනයන් හැඩ වැඩ දාලා 

අපිට කියන්නේ මෙහෙම කතාවක්.

එකත් ජීවිතේ බදා ගන්නවා.


කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...


මං මුලාවී ජීවිතේ අපි

ලං වෙලා ඉමු මේ ලෙසින්

තවත් පෙම්ව..තියන්...

පෙම්වතුන්

එනතුරා මේ මාවතේ..

ගමන් මඟ විමසා අපෙන්


මේ ලෙසින් සසරේ පුරා අපි

ලංවෙලා සිටියේ හදින්

හෙටත් අද වාගේ...

බලා හිඳිමු

සිත් සතන් නැති ලෝකයා

පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...


හා.. හහහහා.... හහහහා.... හහහහා....

හා.. හහහහා.... හහහහා.... හහහහා....


මේ 2025 අවුරුදු පනහකට ආසන්න කාලයක් ගතවෙලා නානාප්‍රකාර හැළහැප්පී මැද්දේ .

නොනිමෙන ගමනක යෙදෙන ගමන් තාමත් අහනවා..


කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්…

කියලා.










A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: