අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-11

1/11/2026 08:00:00 pm



වෙනිසියුලාවේ මෙහෙයුම කරේ ඇමරිකානු ඩෙල්ටා බලකාය කියලා ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා.මේ එක්කම් ඩෙල්ටා බලකාය ගැන ආපසු ලෝකෙම කතා කරන්න ගත්තා.

ඩෙල්ටා බලකාය (Delta Force) කියන්නේ ඇමරිකානු එක්සත් ජනපද හමුදාවේ (US Army) ඇති ඉතාමත් රහසිගත සහ ප්‍රභූ ගණයේ විශේෂ මෙහෙයුම් ඒකකයක්මෙහි නිල නාමය වන්නේ 1st Special Forces Operational Detachment-Delta (1st SFOD-D).සමහරු මේක Navy Seal බළකාය ලෙස වැරදියට තේරුම් ගන්නවා.හැබැයි මේ වෙනම බලකායක්.
ඇමරිකානු හමුදාවේ ප්‍රබලම හමුදා කණ්ඩායම් වල හොඳම සෙබළුන්ව මේ බළකාය වෙනුවෙන් තෝර ගන්නවා.එහෙම තෝරගත්ත සෙබලුන්ව විශාල කාලයක් අතිශය දුෂ්කර ශාරීරික මානසික හා පුහුණුවක් වෙනුවෙන් යොමු කරනවා.මේ පුහුණුවේදී 90% ක් පමණ පිරිසක් අසමත් වෙනවා.මේ පුහුණුව වෙත යොමු කරන්නෙත් ඇමරිකානු හමුදාවේ හොඳම සෙබලුන්.ඒ අයගෙනුත් 10% විතරයි සමත් වෙන්නේ කියද්දි මේක කොච්චර දුෂ්කරද කියලා ඔබ හිතා ගන්න.මේ පුහුණුවට එක සෙබළෙක් වෙනුවෙන් සාමාන්‍යයෙන් අපේ මුදල් වලින් නම් රුපියල් කෝටි 30කටත් වඩා මුදලක් වියදම් වෙනවා.

මෙහෙම සෙබලු තෝරගත්තත් ඔහුන්ගේ නමක්,නිලයක් කවුරුත් දැනගන් නෑ.ඔවුන් ඉතා රහසිගතව තමන්ගේ මෙහෙයුම් වල නිරත වෙන්නේ.සාමාන්‍යයෙන් ඕනම මෙහෙයුමකට කලින් ඒ රටේ භාෂා සංස්කෘතික දැනුමෙන් පවා ඔහුන්ව සන්නද්ධ කරනවා.ඕනම පරිසරයකට මුහුණ දෙන්න පුලුවන් විදියට ඔවුන් සකස් කරනවා.ඔවුන් මෙහෙයුම් වලදී ලොව අතිදියුනුම තාක්ෂණික මෙවලම් සහ අවි පාවිච්චි කරනවා.මේ එක සෙබළෙක් ගේ සතු අවි ආයුධ මෙවලම් වල වටිනාකම රුපියල් කෝටි 3ක් ඉක්මවා යනවා.

Operation Red Dawn: සදාම් හුසේන්
Operation Kayla Mueller: අයිසිස් (ISIS) නායක අබු බකර් අල්-බැග්ඩෑඩි සොයා සිදු කළ වැටලීම.අල්ලා ගැනීමේ මෙහෙයුම,
Operation Gothic Serpent (1993) - සෝමාලියාව.​මෙය ලෝක ප්‍රකට "Black Hawk Down" සටන ලෙස හැඳින්වේ. මෙහිදී සෝමාලියානු සටන්කාමීන්ගේ නායකයින් අල්ලා ගැනීමට ඩෙල්ටා බලකාය සහ රේන්ජර්ස් (Rangers) බලකාය එක්ව කටයුතු කළහ. මෙහිදී ඩෙල්ටා සෙබළුන් දැක්වූ වීරත්වය අතිමහත්ය
මේ වගේ ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ මෙහෙයුම් ගණනාවක ඔවුන් නිරත වෙලා තියෙනවා.සමහර මෙහෙයුම් ගැන කවදාවත් ලෝකයා දැනගන්න එකක්වත් නෑ.මේ බලකාය ගොඩ බැස්සා කියන ආරංචිය ලැබුණත් සමහර ත්‍රස්ත කණ්ඩායම් යටත් උනා කියලා වාර්තා පවා තියෙනවා.ඊයේ මෙහෙයුමේදී පවා ඩෙල්ටා කණ්ඩායම් රටේ ජනාධිපතිවරයා රැගෙන ගිහින් ඇමරිකානු ජනාධිපති එය ප්‍රසිද්ධ කරනකන් වෙනිසියුලා ආණ්ඩුව වත් තමන්ගේ ජනාධිපති රැගෙන ගියා කියලා දැනන් ඉඳලා නෑ.ඒ මෙහෙයුම් ඒ තරම්ම සූක්ෂ්ම විදියට සිදු වෙනවා.

අමතක කරන්න එපා, අපි මේ දන්න දැනගත්ත දේවල් පවා අයිස් කන්දකින් උඩ කොටස විතරයි. ඩෙල්ටා බලකායේ සැබෑ මෙහෙයුම් බොහොමයක් කවදාවත් ලෝකයා දැනගන්න එකක් නැහැ.









A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: