ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2026-01-22

හයේ සංගුව



පිඹිනවා වගෙ ඇහෙනවා මට

පැට්ටේරියේ හයේ සංඟුව

ඔබ එතැයි මග බලනවා මම

නැවතිලා පෙර උන්නු වංඟුව


මේ තමයි ඉරණම අපේ දැන් දුක්

වෙන්නෙ ඇයි අනේ බම්ඹුව

ලත වුනොත් හිත හිතා මේ ගැන

සුදෝ මට හැමදාම බිංදුව


මව් පියන්ටත් දුක හිතී ඇති

දැන් එදා ගැන මටත් පිම්ඹුව

උං ඉතිං හැමදාම දුන්නේ

මගේ දිවියට අඩුම ලංසුව


හිත හදාගෙන අයින් වෙමු අපි

තවත් මග තොට නොවී සංඩුව

එහෙම බැරිනම් පැනල යමු අපි

පස්සෙ හොඳවෙයි නේද වස්තුව


කාන්ති ඉපලවත්තයන්ගේ නිර්මාන කාර්යයක්.


මට මතක් වුනේ අපේ ගම් නියම් ගම් වතු අධිරාජ්‍යයට යට වෙලා තිබුන මීට දශක පහකට හයකට ඈත අතීතය.

ඒ සරු සාර තේවතු , කර්මාන්තශාලා , වතු සේවකයින් පදිංචිව සිටි වතු නිවාස අද වල් වැදිලා.

ඒ වෙනුවට අළුත් වගාවන් ඇති වෙලත් නෑ. වතු ආශ්‍රීතව ඇති වෙලා තිබුන ගම්වැසියන්ගේ ආර්ථිකයත් බිද වැටිලා. 

වෙනත් වෙනත් ආර්ථික රටාවන්ට ඔවුන් හුරු පුරුදු වෙලා.

ඒ සරු සාර තේ වතු තිබුනන් මේ වගේ හයේ සංගුව ඇසේවි.

“එහෙම බැරි නම් පැනල යමු  අපි

පස්සේ හොදවෙයි නේද වස්තුව “

කියලා හිතන්නත් තිබුනා.

සංගුවට පෙර කාලයේ භාවිතාවුනේ තප්පුව.

තප්පුව වතු දෙමළ ජනතාවගේ වාදන භාණ්ඩයක් . ඒක් වෙනම සංගීත භාණ්ඩයක්. අපේ බෙරේ වගේ ..

A day in the life

0 ප්‍රතිචාර: