මව්බිම ජාතික පුවත්පත.
2026.01.05
පාසල් දරුවන්ට ලබාදිය යුත්තේ වයසට සුදුසු නිවැරදි ලිංගික අධ්‍යාපනයක් මිස විකෘති කාමුක වෙබ් අඩවි භාවිතා කිරීම ගැන අධ්‍යාපනයක් ලබාදීම නොවෙයි.!
අපේ රටේ ලා බාල දරු දැරියන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්ෂිකව ලිංගික අතවරවලට ලක්වන බව පොලිස් සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වනවා. වාර්තා නොවන එවන් අතවර ඊට වඩා විශාල ප්‍රමාණයක් පවතින බවට සාධක තිබෙනවා.ඒ අතරින්ද වාර්ෂිකව දහසකට වැඩි ගැහැණු දරුවන් ප්‍රමාණයක් කැමැත්තෙන්ම ලිංගික සංසර්ගයන්ට යොමුවී දූෂණයට ලක්වන බවත් වයස අවුරුදු 14ත් 16 ත් අතර ළමයින්ගෙන් 97.3% කට මේ සම්බන්ධව නිසි දැනුමක් නොමැති බවත් මීට වසර කිහිපයකට පෙර මා විසින් සිදු කළ සමීක්ෂණයක් ඇසුරින් ජනමාධ්‍ය වාර්තා කළා. එමගින් මා අවධාරණය කළේ වයසට සුදුසු ආකාරයෙන් දරුවන් හට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.
අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා බැලීමේදී වෙනත් රටවල් දරුවන්ට ඉතා කුඩා අවධියේ සිට වයසට සුදුසු පරිදි කාටූන් චිත්‍ර අනුසාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා දක්නට පුළුවන්. නව යොවුන් වියට එළඹීමට පෙර නම් ලිංගික හෝමෝන ශ්‍රාවය වීම ඇරඹීමට පෙර ලබා දෙන මෙම අවබෝධය මගින් ඒ දරුවන් තුල ගැබ් ගැනීම් සම්බන්ධව, මවගේ කුස තුළ දරුවෙකු පිරිසඳ ගන්නා ආකාරය සහ කුස තුළ වර්ධනය වන ආකාරය පිළිබඳ මනා දැනුමක් ලබා දෙනවා. එමගින් මව් සෙනෙහස තවදුරටත් වැඩි වන අතර එමගින් ලිංගික උත්තේජනයන් ලැබෙන්නේ නැහැ.
මේ අතර පාසල් දරුවන් අතර විශේෂයෙන් කාන්තා විද්‍යාලවල ලාබාල දැරියන්ගේ සිට සමලිංගික චර්යාවන්ට පෙළඹීමේ ප්‍රවණතාවයක් තිබෙන බව තවදුරටත් මීට කලින් මා විසින් ජනමාධ්‍ය මගින් අනාවරණය කලා. මෙහිදී එම දරුවන් මෙම ක්‍රියාවන්වලට පෙළඹෙන්නේ ඔවුන් උපතින්ම වෙනස් ලිංගික දිශානතියක් ඇතිව උපදින හේතුවෙන් නොව විවිධ ක්‍රමවේදයන් මඟින් මේවාට යොමු කරන නිසයි.මෙමගින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, විකෘති ලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහිවීම ලිංගික රෝගවලට ගොදුරුු වීම, මෙන්ම අනාගත විවාහ දිවිය අසාර්ථක වීම සියදිවි නසා ගැනීම වැනි සමාජීය ගැටලු ඇතිවන බව දක්නට ලැබෙනවා.
සමලිංගික සබඳතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති නීතිය මේ සම්බන්ධයෙන් වැදගත් වනවා ශ්‍රීලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය 1995 අංක 22 දරන සංශෝධනයෙන් සංශෝධනය කරනු ලැබුවේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසයි.ඒ අනුව එම වගන්තිය මගින්. ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමග යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් (සමලිංගික සබඳතා) සිදුකරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශ්ව කරුවෙකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් සිදු කරනු ලැබීමට කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමටත් තැත් කරන කවර හෝ තැනක්දකු වරදකට වරදකරුවන බව දක්වා තියෙනවා .මේ සඳහා වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට ඇති අතර මේ වරද වයස අවුරුදු දහසයට අඩු තැනැත්තෙකු කෙරෙහි වයස 18 ට වැඩි තැනැත්තකු විසින් සිදු කර තිබේ නම් ඔහුට අවම අනිවාර්ය වසර 10 සිට 20 දක්වා වූ සිර දඬුවමක් නියම කොට තියෙනවා.
මේ අනුව ඉතා පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ කවර වයසක හෝ ස්ත්‍රී පුරුෂ කවරෙකු හෝ සමලිංගික චර්යාවන්හි යෙදේ නම් එය අපරාධමය වරදක් වන බවයි. එහිදී 'කැමැත්ත " යන්න සලකා නොබලන අතර ක්‍රියාවට සහභාගී වන සියලුම දෙනාට දඬුවම් කරනු ඇත. .ඒ අනුව සමලිංගික චර්යාවන් අපේ රටේ අපරාධ නීතිය මගින් තහනම් කළ අපරාධමය හැසිරීමක් බව තහවුරු වනවා.
.
මෙම ප්‍රතිපාදන සලකා බලන කල නව යොවුන් වියට එළඹෙන අවධියේ වන බාල වයස්කාර දරුවන්ට සමලිංගික වෙබ් අඩවි වෙත අනිවාර්යයෙන් යොමු කිරීමේ පෙළඹවීමක් නැතහොත් එක්තරා ආකාරයක “කුට්ටනය කිරීමක්” යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර දරුවන්ට ඉගැන්වීමට ලබාදීමට සකස් කළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කල පෙළ පොතේ දක්නට ලැබෙනවා.
මෙම ප්‍රතිපාදන සලකා බලන කල නව යොවුන් වියට එළඹෙන අවධියේ වන බාල වයස්කාර දරුවන්ට සමලිංගික වෙබ් අඩවි වෙත අනිවාර්යයෙන් යොමු කිරීමේ පෙළඹවීමක් නැතහොත් එක්තරා ආකාරයක “කුට්ටනය කිරීමක්” යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර දරුවන්ට ඉගැන්වීමට ලබාදීමට සකස් කළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කල පෙළ පොතේ දක්නට ලැබෙනවා.
දරුවන්ට සාමාජිකත්වය ලබාගෙන සම්බන්ධ වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක නමක් මේ පොතේ අන්තර්ගත කොට තිබෙනවා.මේ වෙබ් අඩවිය ඉතා පැහැදිලිවම සමලිංගික චර්යාවන් සඳහා සගයන් සොයා ගැනීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක් මෙය පෙළපොතට අහම්බෙන් ඇතුළත් කළ දෙයක් නොවන බව ඉතා පැහැදිලියි. වෙබ් ලිපිනයට අමතරව එයට ඇතුළත් වීම සඳහා පිරිමි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට වෙන වෙනම ඇතුලත් කළ යුතු දත්ත අංශ දෙකක් දක්වා තිබෙන බව දක්නට ලැබෙනවා. නම, වයස, රටට අමතරව උස සහ බර ද මෙහිදී ඇතුළත් කළ යුතු වෙනවා. මිත්‍රත්වයක් ඇතිකර ගැනීම සඳහා උස සහ බර අවශ්‍ය වන්නේ ඇයි ?
ගැහැණු දරුවන් වෙනම සහ පිරිමි දරුවන් වෙනම යොමුවකින් වෙබ් අඩවියට යොමු විය යුතු ආකාරය මෙහිදී දක්වා තිබෙනවා.එනම් සමලිංගිකයන් වර්ග කිරීමක් මෙහිදී දක්නට ලැබෙනවා. මේ සියලු උපදෙස් වෙබ් අඩවියේ නොව පොතේ දැක්වීම මගින් මෙය මේ වෙබ් අඩවිය පිළිබඳව හොඳින්ම දැනගෙන හිතාමතාම පෙළපොතට ඇතුළත් කර ඇති බව තහවුරු වෙනවා.
ඒ අනුව මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට බාලවයස්කාර දරුවන් අනිවාර්යයෙන් යොමු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති මොඩියුලය සකස් කර ඇති පුද්ගලයන් මෙන්ම ප්‍රතිපුරුෂ වගකීම මත අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් දක්වා මේ සඳහා වගකීමට බැඳී සිටිනවා. එපමණක් නොව මෙම මොඩියුලය උගන්වන ගුරුවරුන් මෙම වෙබ් අඩවිවලට දරුවන් යොමු කිරීමට පියවර ගන්නා විට ඔවුන්ද ළමයින් අපචාරවලට යොමු කිරීම සම්බන්ධව අපරාධමය චෝදනාවට ලක්වනු ඇත.
ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල් වයස අවුරුදු දාසයට අඩු බාල වයස්කාර දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වලින් ඉවත් කිරීමට නීති සකසද්දී අපේ රටේ අවුරුදු දොළහේ සිට දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනිවාර්ය කිරීම විහිළුවක් සහ අපරාධයක්.
දැනටමත් සමාජ ජාල වෙබ් අඩවි උපයෝගී කරගෙන දරුවන් රාශියක් මත්ද්‍රව්‍ය අපචාර සහ අපයෝජන වලට නීති පතා ගොදුරු වීම තුළ ඉතා ලාබාල වයසේ දරුවන් පවා අනිවාර්යයෙන් මේ සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීමට පියවර ගැනීම මගින් අපේ සමාජය සම්පූර්ණයෙන් විනාශ වී අපේ රටත් අනාගතයේදී තවත් සෝමාලියාවක් ,හයිටියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
එම නිසා රටේ අධ්‍යාපනය සම්බන්ධව මීට වඩාත් දැඩි අවධානය යොමු කොට මානසික රෝගීන්ට රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ සිදු නොකර මනා කථිකාවකින් අනතුරුව ඉතා සීරුවෙන් සිදු කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වනවා.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ.
2026. 01. 03
A day in the life
2026. 01. 03
0 ප්‍රතිචාර:
Post a Comment