ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-12-15

නිදාන කතාව


මං එවකට කිඹුල්වත්පුර ඉඳන්
සැවැත් නුවරට යන පාරේ
හැටනව වැනි පටුමගේ හිටියේ.
අපේ තාත්තගේ යාළුවෙක් තමයි කොසොල් රජතුමා. ආදරේට කිව්වෙ කෝසලයා කියල.

ඉතින් අපේ හිතවත් කම්"මත
කිඹුල්වත්පුර පොලේ අපි
තිස්සමහාරාමෙ මීකිරි වික්කා.

මං තාත්තට හොරෙන්
මී කිරි අස්සෙ ගුලි බිස්නස් එකක් කරා
ඒක ජාති ජාතිත් පාපයක් කියලා
දැන ගත්තෙ ආත්ම ගානකට පස්සෙ.

කොහොම නමුත්
කිරිබත්ගොඩ හාමුදුරුවෝ යාළුවො එක්ක
කිරි කන්න එනවා අපේ කඩේට
එයා අවංක කෙනෙක් ඒකාලේ ඉඳන්ම

ඒකාලේ මට මතක හැටියට
කිරි හට්ටි හත අටක් කාලා
පන්සලෙන් ගෙනාපු කැකුළු බතුත් දාලා
හට්ටි උලන් කන පුරුද්දක් එයාට තිබ්බා

මං එයාට ගුලි වික්කෙ නෑ.
කොටින්ම කිසිම හාමුදුරුවෝ කෙනෙක්ට
වික්කෙ නෑ
මේක අමූලික ඇත්තක්
නමුත් දවසක්
මගේ අතින් හට්ටියක් මාරුවෙලා

ඒකෙ තිබ්බෙ ගුලි ටිකක් උඩින් මීකිරි දාලා
ඒක මං දෙන්න හිටියේ කොසඹෑ නුවර
තුසිත කියලා මගේ යාලුවෙක්ට

ඉතින් කිරිබත්ගොඩ සාදු ඒ මෝදක කවලන් වුනු
කිරි එක කාලා
වේලුවානාරාමෙට ගිහින්
ලොකු පිස්සුවක් කෙලලා
සෝවාන් ලිස්ට් එකෙන් නම කපාගත්තා

ඒ පාපයට
කොසොල් රජතුමා මාව
ගුලි පැක් එකයි ජොයින්ට් කෑල්ලකටයි නවුවක් දම්මල
අපායට මාරුකරලා යැව්වා.

මං තාමත් අපායේ මී කිරි විකුණනවා
කිරිබත්ගොඩ හාමුදුරුවෝ පන්සලට වෙලා
පැණි කනවා. 

notes of imaginary

0 ප්‍රතිචාර: