2023-12-03

සොර බොර - සිලෝවක්



 

ගංගාවක් වන්,
දියවන්නාව පාදා
විස්කම් දැක්වූ,
බුලතානන් එකල් හී
බින් තැන්නේ හී,
මහ මූදක් නිමෙව්වා
වෙල්ලස්සේ කෙත්,
සරු සාරයි දෙකන්නේ,
කාලේ සේ
නැහැ දැන්නම් දඹානේ,
ඌරන් ගෝණුන්,
පසු පස්සේ දුවන්නේ
හේනත් සාරයි,
සරු අස්වැන්න දේයා
සංතෝසෙන් මයි

වන පොජ්ජේ රැඳෙන්නේ,

 

ත්‍රිෂ්ටුප් ඡන්දස, වාතොර්මි විරිත,
පාදයක්,
,, ,, ,, ගණ හා ගුරු දෙකක්,

තුති පුද,
සඳස මග කියන ධර්මසිරි වීක්කොඩි, ඇදුරු තුමන්ට,

,
පබැදුම .. චමින්ද ලියනගේ විද්වතාගේ

notes of imaginary

No comments: