අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Tuesday, November 21, 2023

11/21/2023 12:06:00 pm
1





Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා..

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා....

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා....

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න....

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා"

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්‍යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

මෙම සටහන මුණුපොතෙහි හුවමාරුවු බොහෝ ප්‍රසාදයට පත්වු සටහනක්. අපි දරුවන්ගේ පෞරුෂත්වය සංවර්ධණය කිරීම දරුවන්ට ඇති ආදරය නිසා නැති කරනවා.

උදේට පාසල් යන දරුවන්ගේ පොත් බෑගය කර තියාගෙන යන්නේ අම්මා . දරුවත් සමග පාසල් ගේට්ටුව දක්වා යන අම්මලා පාසල අවසන්වන තු රු ගේටට්ටටුව ලග.

පාසල තුලට යන දරුවාට පංති කාමරය පිරිසිදු කර ගන්න ඕන නැහැ. එය පවිත්‍ර කරන්නේ සේවිකාවක හෝ සේවකයෙකු විසින්..

එතනින් ඉගන ගන්න ඕන ක්‍රියාකාරකම දරුවට ලැබෙන්නේ නැහැ.

ටීචර් දෙන පත පොතේ ගෙදර වැඩ ගෙදරදී සම්පුර්න කරලා දෙන්නේ අම්මලා.

මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් දරුවට ආදරේට අම්මලා කරලා දෙනවා.

සීයලගේ කාලෙට වඩා මුණුපුරු මිණිපිරියන්ගේ කාලය වෙනස්

සීයලාටට ආත්තම්මලාට අභියෝග වලට මුහුණ දෙන්න පෞරුෂත්වයක් ගොඩ නැගුවේ පුංචි කාලේ ඉදන්..

notes of imaginary

1 ප්‍රතිචාර:

මයියා said...

ඔව්...ආදරය රැකවරණය අවධානය නිරතුරුව ලබා දෙන ගමන් දරුවන්ට තමන්ගේ වැඩ කටයුතු තමාටම කරගන්න දෙන්න ඕනේ..නැතිනම් වැඩිහිටියෙක් උනාම ඒ ලමයා අසරණවෙනවා - Mayya - https://maiyyagelokaya.blogspot.com/