2023-11-19

පාපියුම්..මග හැරුණේ ඇයි ....??





ලතා මඬුලු තුරු සෙවණැළි අතරින්
සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ
මාවත රලු තැන් මොළොක් වුණාවද
සිරි පතුලට වෙහෙසක් දැනුණාවද ?

පා ගමනින් වඩිනා සඳ හිමියනි
නො දුටුවේ ද දුක දෝත දරා ආ
සැඩොල් කුලේ ඉපදී සිටි මා රුව
හිස ඔසොවන්නට අවසර නැති වූ...

මාගන්දිය බමුණා දුටු අරුමැසි
පතුල් සටහනක් දුටුවා නම් මම
ගැබක් තුළ ට රිංගන්නේ නෑ යළි
හිමි පා පියුමේ සුවය ලබනු මිස.

සල්මල් සුවඳින් පරසතු කුසුමින්
සිරි පා පියුමේ රොන් සුණු තැවරී
මහ කරුණාවෙන් හිමි නෙත වැසුණේ
හිමියනි ඔබ ....මා නොදුටු නිසයි.

රෝ.සි

notes of imaginary

2 comments:

මයියා said...


බුදධ චරිතය ගැන ලියැවුනු බවතරණය පොත මතක් උනා - Mayya - https://maiyyagelokaya.blogspot.com/

සොඳුරු සඳවතී said...

ලස්සන යි