2023-11-10

11/10/2023 06:09:00 pm
2


දික්තලා මේ සසර මහ ඕඝයක්
නංගියේ නෑ මගේ කිසි කහටක්
කැලේ මැද සෙනසුනේ සිටි හිමිනමක්
මතක නොවැ කියපු බණ කතාවක්.
උඹෙ නුරා ගිනි නිවනු බෑ තවත්
දික්පිටිය මගේ හොඳ ගෝලයෙක්
අරං පලයන් මහගෙදර මේ ඔප්පුවත්
දෑවැද්ද කියල වෙන නෑ දෙයක්.
නඩු කියන්නේ මොටද කැමති නම්
අඩුපාඩුවක් වෙතොත් ඉවසපන්
අතාරින්නට සසර බැඳි යදම්
අවසරයි මට යන්න දැන් ඉතින්.!
රෝ.සි.


notes of imaginary

2 ප්‍රතිචාර:

nidige pancha thanthare said...

පෙරලිච්ච පිට හොඳය
කීමක්ම හෙම නෙවෙයි
පපු කැනත්තේ තවම
රිදුම් දෙනවා කොනක්

Litseeker said...

වෙනස් විදියක දැක්මක්! හිතන්න වටින දෙයක්.