හැඩැති සුවඳැති මලුත් පිපෙයි පරවෙයි ලොවේඋසැ'ති කඳු නාය ගොස් විවර සෙලුවත මැවේනොමැති කෙළවර ඉමක් සසර සරනා බවේපිනැති උපතක් ලදුත් මංමුළා වී තැවේ.දෙතෙර යාකරන් ඉඳු දුන්න ක්ෂිතිජයෙ මැවේඑතෙර යාගත නොහී මෙතෙර මා හද තැවේසුනෙර .සැලෙනා තරම් සසළ හදවත දැවේකතර වාලුකාවකි මිරිඟුව කි මට ලොවේ.සලපතළ මලුවක් අතුළ සුදු වැලි දමාසඳ වතළ කල දිසෙයි දෙව් ලොවට මං යොමාවත කමළ සිහිවත්ම සෙනේ දිය නොව නිමාහද මඬල උතුරාවි මව්පියෙනි බැති පෙමා.රුදුරු රළ රැළි වැදී සැලෙන නෞකා බඳේනපුරු දැති මෝරු දත් විළිස්සා එන සඳේනුදුරු ගොඩ බිම ක් නැත ගිජු ලිහිණි නෙත් ඇදේසොඳුරු ලොව සිහිනයකි රුවල ඉරුණොත් හදේ .රෝ.සි.
හොද සහ නරක
12 hours ago







0 ප්‍රතිචාර:
Post a Comment