සාගරයෙන් වටවීලා
ඒරොප්පෙන් , සැමන් ගේන
පුදුම මිනිස්සු..
පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු..
ඔසරිය මැද පෙනෙන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන
බනින මිනිස්සු..
වෙලාවකට පුදුමයි, අපි අමුතු මිනිස්සු
තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
හෙළුව අතින් වහගෙන හරි
අනුන්ගෙ රෙද්දේ ඇද කුද
හොයන මිනිස්සු..
වෙලාවකට හිනා යනවා, මෙහෙම මිනිස්සු
ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්,
ටැටූ එකෙන් කලර් එකෙන්
මිනිස්සුන්ට සහතික දෙන
අමුතු මිනිස්සු..
නිධානයක නිදන් ඉන්න , අරුම මිනිස්සු
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක් බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ,Side effect
හොයන මිනිස්සු..
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු
හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම quality බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා
යවපු මිනිස්සු..
ඊට පස්සේ රට ඉවරයි , කියන මිනිස්සු
අනේ මන්දා අපි නම් මහ පුදුම මිනිස්සු..
මුතු ඇටයේ ඉපදුන , අපි අමුතු මිනිස්සු
අයුුලි නුගාරා - FB

2 ප්රතිචාර:
ජොලි සීයාගෙ සින්දුව මතක් උනා -Mayya
අමුතු අමුතු ජාති එක්ක කවලම් වුණු
සංකර වුණු අමුතු මිනිස්සු
මේ තරමින්වත් බේරිල ඉන්නෙ මිනිස්සු
පිළිවෙත, කොන්ද දෙකම නැතිව මිනිස්සු
Post a Comment