මමත් අප දෙතුන්
දෙනාත් බුදු මැදුරේ දෙ අත් වැද ගෙන පිරිත් නුල් පටත් පටලවා ගෙන
එකත් පසව දැහැන් ගතව සිටිමි. හිමිවරුන්
කිහිප නමකගෙ පිරිත් සජ්ජායනය පාලි වචන සජ්ජායනයේ ඇත්තේ ගීතවත් බවකි.
බුදුන්
වහන්සේගේ සියලූ දේශනා මෙන් ම පිරිත් දේශනා ද වදාළා ඇත්තේ පාලි භාෂාවෙනි. අප අසන කියන සියලූ ගාථාවල කිසියම් රිද්මයානුකූල භාවයක්
පෙන්නුම් කරනු ලබන්නේ ද එබැවිණි.
‘‘එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං
විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ කො අඤඤතරා දෙවතා අභික්‍කන්‍තාය රත්‍තියා අභික්‍කන්‍තවන්නා
කෙවලකප්පං ජතෙවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඬ්කමි. උපසඬ්කමිත්‍වා භගවන්‍තං
අභිවාදෙත්‍වාඒකමන්‍තං අට්ඪාසි.එකමන්‍තං ඪිතා ඛො සා දෙවතා භගවන්‍තංගාතාය අජ්ක්‍ඞභාසි
:-’’
මුලින්
දේශනා කල ගාථවේ සිංහල අරුත මෙසේය.
‘‘එක්
කාලයක බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටතුමාගේ දෙව්රම් වෙරෙහි වැඩ සිටියෝ ය.
එවිට එක්තරා දෙවියෙක් රාත්‍රී පළමු යාමයේ
දී මුළු ජේතවනය ම ඒකාලෝක කරමින් බුදුන් වහන්සේ වැඩසිටි ස්ථානයට සැපත් වූවේ ය. පැමිණ උන්වහන්සේට ගෞරවාපූර්වක ව වැඳ
නමස්කාර කර සිටියේ ය. එසේ ගෞරවාපූර්වකව වැඩ සිටිමින් ඒ දෙවියන් බුදුන්
වහන්සේට මෙසේ කියා සිටියේ ය.’’
පිරිත් පටන් ගන්නේ එසේය. හැම පිරිතකටම නිදාන
කතාවක් වෙති. අප නිතර අසන සෙත් පිරිතෙහි ඇත්තේ එදිනෙදා අපේ ජීවිතය පවත්වා ගෙන
යාමේදී ඇවැසි වන උපදෙස් මාලාවකි.
අප සියලූ දෙනා පුරුදු පුහුණු වී සිටින්නේ
සංඝයාවහන්සේලා විසින් දේශනා කරනු ලබන පිරිත් ශ්‍රවණය කර සාධුකාර පිරිනැමීම පමණි.
සැබෑ බෞද්ධයන් නම් කළ යුත්තේ අදාළ පිරිතෙහි වචනාර්ථය මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව
තම දිවි පෙවෙත සකසා ගැනීම යි
පිරිත් නුලක් අත බැදීමෙන් ආශිර්වාද ලැබු
බවක් ප්‍රදර්ශණය වේ. එය වර්තමානය වන විට මෝස්තරයකි. තරාතිරම දක්වන හැදුනුම් පතකි.
කඹයක් තරම් නූල් බැද ඇති අත්ද නැතිවා නොවේ
පිරිත්
සජ්ඞායනයේ දී පවත්නා රිද්මයානුකූල භාවය නොමැති වූයේ නම් එය ශ්‍රවණය කිරීම සඳහා
මිනිසුන් නො පෙළඹෙන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එහෙත් අප උකහා ගත යුත්තේ එහි
ශබ්ද රසය හෝ රිද්මයානුකූල භාවය නොව අදාළ පිරිතෙහි අඩංගූ ‘වචනාර්ථ’
යයි.
නමුදු
එදා සිට අද දක්වා කිසිදු බෞද්ධයෙක් මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇති බවක් දක්නට නොලැබේ.
පැයක පමන සෙත් පිරිත් සජ්ජායනයේදී එකිනෙක ගාථා පැහැදිලි කිරීම විසල් මෙහෙයුමක්
නිසා මංගල සූත්‍රයේ මේ ගාථා දෙක උදාහරණයක් ලෙස දක්වමි.
01.
බහු
දෙවා මනුස්සාච - මංඞලානි අචින්‍තයුං
ආකක්‍කමානා
සොත්‍ථානං - බ්‍රෑහි මඞගලමුත්‍තමං
“ තම
යහපත කැමති වන්නා වූ බොහෝ දෙවියෝ ද මංගල කරුණු ගැන සිතූහ. උතුම් මඟුල් කරුණු වදාළ
මැනවි.“
මෙම ආරාධනයට බුදුන් වහන්සේ පිළිතුරු
දෙන්නේ මෙසේය.
02.
අසෙවනා
ච බාලානං - පණ්ඩිතානඤ සෙවනා
පූජාච
පුජනියානං - එතං මඞගලමුත්‍තමං
“නුවණ මඳ බාලයන් ඇසුරු නො කිරීම,
නුවණැති
පණ්ඩිතයන් ඇසුරු කිරීම,
පිදිය
යුත්තන් පිදීම,
යන
මේවා උතුම් මඟුල් ය. “
පිරිත් ශ්‍රවණය කර ඉන් සෙත් ශාන්තියක් ලබා
ගැණිමට නම් නුලක් අත බැද දිය පොදක් තොල ගා හිස පිරිමැදීමෙන් කල නොහැකි කටයුත්තකි.
පිරිත්
දේශනයේ අන්තර්ගතය තේරුම් ගෙන ඒ අනුව
ජීවිතය හැඩ ගස්වා ගැනීමෙන් පමනක් කල හැක්කකි.
පැවිදි
සමාජය ගතානුගතික බවින් මිදි වර්තමාන සමාජයට ගැලපෙන පරිද්දෙන් විවෘතව දහම ගැන සාකච්චා කිරීමට කාලය පැමින තිබේ.
එසේ හෙයින් සැබෑ බෞද්ධයන්ගේ යුතුකම සහ
වගකීම වනුයේ උන්වහන්සේ පහදා දුන් කරුණු කාරණා පිළිබඳ නිවැරදි දෘෂ්ටි කොණයකින් බලා,
ඒ
සියල්ල නිවැරදි ව ග්‍රහණය කරගෙන තමාගේත් මතු පරම්පරාවේත් යහපත උදෙසා එකී සත්‍යය
ලොවට හෙළිදරව් කිරීම ය.
1 comments:
ගාථා උනත් නිකං කට පාඩමෙන් කිය්වනවට වැඩිය තේරුම් අරං කියන එක තමයි හොද - Mayya - https://maiyyagelokaya.blogspot.com/
Post a Comment