ඉටි කොලේකින් ඔතල
ගෙනාවා ගෑනියක්...
මූන බැලුවම දැක්කෙ
දැක පුරුදු ඇති රුවක්...
ඉස්සරහ පේලියේ
නුඹ උන්නු සන්දියේ...
පිටිපස්සෙ පේලියේ
මං බකල චන්දරේ...
පොතට වැඩියෙන් මතක
සුදු මූනෙ හැඩ උබේ...
ආදරෙයි කිව්වාම
කනට ගැහුවා මගේ...
බැලුව මං සුදු මූන
කඳුළු වැල් වේලිලා...
ගුටි කාපු පාරවල්
පේනවා නිල් වෙලා...
මං බලපු සුදු මූන
නියවලින් හූරලා...
අහුවුනොත් ඌට මං
ෆෝමලින් ගහනවා..
.
ලඟ පාත කවුරුවත්
නැති වෙලාවක් බලා...
ඉම්බ මං සුදු මූන
ඇතත් සීතල වෙලා...
එම්බාම් කරන්නට
බෑ සෙනෙහස වැඩි නිසා...
කනට ගහපන් අදත්
ලඟ පාත කවුරුවත්
නැති වෙලාවක් බලා...
ඉම්බ මං සුදු මූන
ඇතත් සීතල වෙලා...
එම්බාම් කරන්නට
බෑ සෙනෙහස වැඩි නිසා...
කනට ගහපන් අදත්
ඊය බකලයා කියා...
2023.11.06
නිසදැස් ගී අරණ
බොහෝ
රසිකයන්ගේ අවධානයටත් වින්දනයටත් පත්වු
පැදිපෙලක් විද්යුත් මාධයයේ පවා සාකච්චාවුවක් විදින්න බකල චන්දරේගේ අන්දරය.
2 ප්‍රතිචාර:
සුපිරි!
ආදරය එන්නේ වෙලාවකට මිනියක් ලෙසින්!
එළ!
ඔය වගෙ දෙයක් මං ඇමෙරිකන් වීඩියෝ එකක දැක්කා. නඩුකාරවරයට හිටියෙ ගෑනියෙක්. චූදිතයා මිනීමැරුමක් කරලා විත්තිකුඩූවෙ. නඩුකාරවරියත් විත්තිකරුත් පොඩි කාලේ එකම පංතියෙ. නඩුකාරවරිය චුදීතයට ඒක මතක් කරලා දීලා අහනවා පංතියේ හිටිය අහිංසකම ලමයෙක් උන උඹ කොහොමද මිනිමරුවෙක් උනෙ කියලා
Post a Comment