ලතා මඬුලු තුරු සෙවණැළි අතරින්සන්සුන් ගමනින් හිමි වඩිනා සඳසිරි පතුලට වෙහෙසක් දැනුණාවද ?පා ගමනින් වඩිනා සඳ හිමියනිනො දුටුවේ ද දුක දෝත දරා ආසැඩොල් කුලේ ඉපදී සිටි මා රුවහිස ඔසොවන්නට අවසර නැති වූ...මාගන්දිය බමුණා දුටු අරුමැසිපතුල් සටහනක් දුටුවා නම් මමගැබක් තුළ ට රිංගන්නේ නෑ යළිහිමි පා පියුමේ සුවය ලබනු මිස.සල්මල් සුවඳින් පරසතු කුසුමින්සිරි පා පියුමේ රොන් සුණු තැවරීමහ කරුණාවෙන් හිමි නෙත වැසුණේහිමියනි ඔබ ....මා නොදුටු නිසයි.
රෝ.සි
2 comments:
බුදධ චරිතය ගැන ලියැවුනු බවතරණය පොත මතක් උනා - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ලස්සන යි
Post a Comment