ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-12-24

පෘතග්ජන


පිනිබර සීතල උදයක
දැනුනා සුවඳක් කුසුමක
සොයනා කල එය කොයිබක
තිබුනා සුපිපී අකුලක

තුරු අතරෙහි එබී බලා
කටු කොහොලින් මඟහැරලා
දෝතට අරගෙන නෙලලා
එහි සුව වින්දෙමි රැකලා

දහවල එනතුරු රැඳුනේ
මල වෙතමයි සිත බැඳුනේ
හැමටම නිරතුරු ඇසුනේ
මුවින් නැඟුන එහි වරුනේ

සියුමැලි පෙති තලා පෙලා
සුවඳම සෙව්වා පතලා
දවසෙම මුදු බව සොයලා
පොඩිවුන පෙති බිම හැලිලා

නිමවිය ගෙවලා දහවල
ඉවතට විසිකර නෙලු මල
සෙව්වෙමි පිබිදුණු රෑ කල
වෙන කුසුමක් විසිතුරු කළ

පී. ජී. ආරියපාල


notes of imaginary

0 ප්‍රතිචාර: