අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2023-12-23

12/23/2023 10:16:00 am


ටිබෙටය ඉහළ උන්නතාංශයක් ඇති භූමි ප්‍රදේශයකි. මේ නිසා ටිබෙටයට  ඉහළින් ගුවන් යානා පියාසර නොකරයි.

ගුවන්යානා රේඩාර් පද්ධතිය දෙස බැලුවහොත් ලොව පුරා බොහෝ ගුවන් යානා පියාසර කරන නමුත් චීනයේ ටිබෙට් කලාපයේ ගුවන් යානා නොමැති බව ඔබට පෙනෙනු ඇති. ටිබෙට් කලාපය වටා ඇති ගුවන්තොටුපළවල් වෙත ඒ හරහා පියාසර කළහොත් කෙටි කාලයකින් යා හැකි වුවත් ටිබෙටයට ඉහළින් ගුවන් යානා පියාසර නොකරන්නේ ඉහල උන්නතාංශයක ඇති නිසායි.මේ නිසා ටිබෙටයට "ලෝකයේ වහලය - Roof of the world" නම් සාදෘශ්‍යය හැඳින්වීම කරනු ලබයි. ටිබෙටය යනු මුහුදු මට්ටමේ සිට මීටර් 5000 ක සාමාන්‍ය උන්නතාංශයක් (Altitude) සහ ලොව උසම ස්ථානය වන එවරස්ට් කන්ද පිහිටි භූගෝලීය පිහිටීමකි....

අඩි 35,000ක් උඩින් යන  ගුවන් යානා අඩි 29000 ක් උස හිමාලය කදු වැටිය මග හැරීම ගැටවක් ලෙස අපි දකිමු.

ලෝකයේ ගුවන් ගමන් මාර්ග දිහා බැලුවම අපි දකින දෙයක් තමයි  චීනයේ ටිබෙට් ප්‍රදේශය සහ හිමාලය කඳු වැටියට ඉහළින් ගුවන් යානා ගමන් කරන්නේ ඉතාම අඩුවෙන් කියලා. ඇත්තටම ලෝකේ උසම කන්ද වන එවරස්ට් කන්දේ උස අඩි 29,000ක් විතර වුණාට, සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් යානයක් අඩි 35,000ක් විතර ඉහළින් ගමන් කරනවා. ඉතින් නිකන් බැලූ බැල්මට ගුවන් යානාවන්  කන්දේ වදින්න විදිහක් නැහැ.

 එහෙනම් ඇයි මේ පාර මගහරින්නේ?

මේකට  හේතුව තමයි හදිසි අවස්ථාවකදී ගන්න ඕන ආරක්ෂක ක්‍රියාමාර්ගය. අඩි 35,000ක් උඩදී යම් හෙයකින් යානයේ ඇතුළත පීඩනය නැති වුණොත් (Cabin Decompression) මගීන්ට හුස්ම ගන්න අමාරු වෙනවා. ඒ වෙලාවට නියමුවන්ගේ එකම ඉලක්කය වෙන්නේ හැකි ඉක්මනින් යානය හුස්ම ගන්න පුළුවන් මට්ටමක් වන අඩි 10,000 සීමාව දක්වා පහත් කරන එකයි.

නමුත් ගැටලුව තියෙන්නේ හිමාලය ප්‍රදේශයේ සාමාන්‍ය කඳු වල උස පවා අඩි 10,000 - 15,000ට වඩා වැඩියි. ඉතින් හදිස්සියකදී යානය පහත් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම කන්දක හැප්පෙනවා. ඔක්සිජන් මාස්ක් එකෙන් ලැබෙන සීමිත ඔක්සිජන් ප්‍රමාණය ඉවර වෙන්න කලින් ආරක්ෂිත උසකට යන්න බැරි වීම තමයි ලොකුම අවදානම.

ඒ වගේම හිමාලය වගේ උස කඳු පන්ති වලට ඉහළින් වායු ගෝලයේ ඉතා දරුණු කැළඹීම් (Clear Air Turbulence) ඇති වෙනවා. මේවා රේඩාර් එකටවත් අහු වෙන්නේ නැහැ. ඒ වගේම හදිසි එන්ජින් දෝෂයක් ආවොත් ගොඩබෑමක් කරන්න අවශ්‍ය පහසුකම් සහිත ගුවන් තොටුපළවල් ඒ අවට නැති තරම්. මේ ඔක්කොම අවදානම් නිසා තමයි ගුවන් සමාගම් සැතපුම් ගාණක් වටෙන් ගිහින් හරි හිමාලය මගහරින්නේ.






0 ප්‍රතිචාර: