ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-12-22

සෙනෙහස




ඔබේ තනියට සෙවණැල්ල වෙමි
සයුරු තෙර වෙරළ ක් වෙමී
ඔබ රැගෙන එන තැවුල් රඳවා
සිනා පෙණ පිඬු විසිරමී.

වළා රොද සේ පාව යනවිට
කඳු මුදුන වී රැක ගමී
විඩාබර සිත නිවා සනසන
සිසිල් මුදු පවනක් වෙමී.

විස ඇනී ළය රිදුම් දෙනවිට
සඳුන් සිසිලස තවරමී
අවලාද , දුක් ගැහැට පිසදා
තුන් සුතුර මතුරා යමී.

අඳුරු රැයකට පුරහඳක් වී
සඳ රැසින් ඔබ නහවමී
සුසුමකට දුර තබා ඈතින්
බලා කඳුලක සැඟවෙමී.

රෝ.සි..

notes of imaginary

1 ප්‍රතිචාර:

මයියා said...

++++++++++ MAYYA