මම මේ අලි ඇතුන් ඉතා කෘාර විදිහට මරා දැමීමට තදින්ම විරුද්ධ වෙමි. මේ මිනිස් අලි ගැටුමට විසඳුම අලි මරා දැමීම හෝ අලි නිසා මිනිසුන් විනාශ කිරීම නොව ඊට විසදුමක් සෙවීමය. එවැනි ගැටලු බොහෝ තිබියදී සමාජ මාධ්ය භාවිතාව වෙනුවෙන් නීති ගෙන ඒමට තරම් පවතින රජය බොළඳ වීම ලැජ්ජාවට කාරණයකි.
අද ලෝක සත්ව දිනයයි..පාරිසරික සමතුලිතතාවය වෙනුවෙන් සියලුම සතුන් වෙත අවධානය යොමු කරමු.
ඒ වෘක්ෂ ගීතය
ඇනෙයි පපුවක ඇතුළටම
ඉසියුම්ම ඒ වේදනාවන්
දරාගන්නට හැකිවෙද
හස්තිරජෙකුට
මනුසතා ඇයි මේ තරම්
අපට දුන්නේ වේදනාබර ඒ රිදුම්
උස් කඳු මුදුන්වල
නිම්නයක කෙළවර
විසල් ඒ පා ලකුණු කොයිවෙද
සද්ධන්ත මිතුරනි කෝ කොතැනවෙද
කුංචනාදය ගෙනා අභිමන
ඉතින් එය දැන් නාය ගිය කන්දකි
නිම්නයම ඉරිතැලුණු හැටි පුදුමෙකි
මහ යුද්ධෙකට පසුව නිති
දුකම එයි ලුහුබැඳ
වෙඩි බෙහෙත් ගඳ පපු කැවුතු කැඩුවද
වියරු රළ නවතනු කෙලෙසකද
ඇරඹුමයි එය නොවේ අවසන
හස්ති රජු මම රැලක් රකිනට පේවුණු
දන්නවද නුඹ නුඹට මා වළකනු බැරී
ඉසියුම්ම ඒ වේදනාවන්
දරාගන්නට හැකිවෙද
හස්ති රජෙකුට
මනුසතා ඇයි මේ තරම්
අපට දුන්නේ වේදනාබර ඒ රිදුම්
සෝමලතා හේරත් මැණිකේ

0 ප්‍රතිචාර:
Post a Comment