ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-10-23

මන්තරයක්....


ධර්ම මද්දුම හේවා පරිපාලන නිලධාරියෙක්  ඔහු මාතලේ උප දිසාපතිවරයා ලෙස සේවය කරමින් සිටි අවධියේ සිදුවීමක් පසුගිය 15 දා අරුනට  ලියලා තිබුනා.

උප දිසාපතිවරු  ශාසන බල මණ්ඩලයේ  සංවිධායක ලෙස තනතුරෙන් බලතල හිමිවෙනවා.

ඉතින් විහාරධිපති හිමිවරු යම් යම්  ගැටළු නිරාකරණය කර ගන්න දිසාපතිවරයා හමුවීමත් සිදුවෙනවා. එක විහාරාධිපති හිමි නමකට එරෙහිව පන්සලේ තාප්පේ පෝස්ටර් ගහලා. හාමුදුරුවෝ දුක් ගැනවිල්ල කියා ගෙන දිසාපතිවරයා හමුවුනා. 

මොකද හාමුදුරුවනේ ?

මහත්තයෝ කවුද නොසන්ඩාලයෙක් පන්සලේ තාප්පේ  පෝස්ටරයක් ගහලා මට අපහාස වෙන විදියට.

මොකක්ද හාමුදුරුවනේ ලියලා තියෙන්නේ ?.

“හේමා ලෝකට එන්න කියාපිය “ කියලා.

මොකද්ද මහත්තයා මම මේකට කරන්නේ ?

හාමුදුරුවනේ , පන්සලේ ඇබිත්ත කොල්ලෙකුට හුණු කූරක් දීලා ඊට යටින් මෙහෙම ලියන්න කියන්න. ඒකත් වැරදුනොත් වෙන වැඩක් කරමු.

හාමුදුරුවෝ ආපහු පන්සලට ගියා පහුවෙනිදා උදේ තාප්පේ තියෙනවා

“හේමා ලෝකට එන්න කියාපිය “

“ හේමාලෝක එනවා කියාපිය - තොගේ අම්මට නාගෙන ඉන්න කියාපිය “ කියලා.

ඒක වැරදුනේත් නැහැ. ආයෙත් පෝස්ටර් වැදුනේත් නැහැ.


notes of imaginary

0 ප්‍රතිචාර: