2023-10-14

10/14/2023 10:09:00 pm
5


















ගොම්මන් පාළුවේ පිල්කඩ උඩින් හිඳ
සන්සුන් වෙන්න හැදුවත් කොච්චරක් අද
හොල්මන් කරන බියකරු සිතුවිළි නිබඳ
සැනසෙන්නට නො හැක හිමියනිනො දැක බිඳ
වැවේ මායිමේ තනියා දුටුවාද
රැලේ ගමන් යන නපුරන් හමුවීද
උදේ කාපු කුරහන් රොටි විතරමද
මගේ හිතට සැක සංකා නැතුවා ද .
රෑ බෝවන්ට පෙර එන බව කිව්වාට
වෑ කන්දේ කරුවල ඇවිදින් පිලට
කණාමැදිරි එළි දෙවැටේ නටන කොට
උල ලේනියක් අඬනව ඇහෙනව දුරට .
පොඩි පුතු කුසේ හිඳ දඟලා පහර ගසයි.
වැදුම් ගෙයට හෙට පුරහඳ ඒවි වගෙයි
අලිමංකඩේ තනියා ගැන හිතට බයයි
හිමි ඔබ තවම නැති හින්දා ම’සිත තැවෙයි .
සංහිඳ පාමුලේ දෙවියන් සිටින තුරා
රන්කඳ මගේ රැකදීපන් සමා වෙලා
තනියෝ මංකඩ දි මගෙ හිමි ඇහැ ගැහිලා
හදියක් නො කර පලයන් පුතු ගැන හිතලා .
රෝ.සි.

notes of imaginary

5 ප්‍රතිචාර:

Thattayagekolama said...

ඉතාම රසවත් කව් පෙලක්! විමලරත්න කුමාරගම මහතා මතක් උනා!

Anonymous said...

ඉතාම රසවත් කව් පෙලක්! විමලරත්න කුමාරගම මහතා මතක් උනා! Thattayagekolama

දුමින්ද අබේසේකර said...

හරිම ලස්සනයි
ජයවේවා

Litseeker said...

හැඟීම් දනවන විදියට ලියවිලා තියනවා. නිරෝෂා විරාජිනීගේ ගීතයත් මතක් උනා.

නමියගෙ වීදිය said...

අගෙයි!
කාලෙකින් මේ පැත්තට එන්නත් හම්බ වුනේ 😁