පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, October 24, 2023

නිර්නාමික ප්‍රතිචාරයක්.


 මීදුම පලකල “ මහනුවර රජවරුන්ගේ සොහොන් “ ලිපියට එක් කල comment  එකකුයි මේ පහත පලවන්නේ .එය ලිපියට අදාල නැති නිසා මට බහළුමක් වුනා. ඒත් කාලීන සිදුවීමක් වු ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ පාර්ලිමේන්තු ආරෝව නිසා කිසියම් වැදගත් කමක් දැක්කා. ඒ නිසා පල කරන්න හිතුවා.

මෙවැනි නිර්නාමික  පලකරන්නන් Anonymous ලා හාණිකර ලිපිත් යොමුකරන නිසා මීදුම ප්‍රමිතිකරණය අපේක්‍ෂාවෙන් රදවා තබා ගන්නා අවස්ථා  තියෙනවා.

ඩයනා ගමගේ මන්ත්‍රී තුමිය අපේ සම්ප්‍රදායික මති මතාන්තර වලින් බැහැරව සිතන පතන කාන්තාවක්. ඇගේ සම්භවයේ වෙනසක් නිසා වෙන්නැති කියලත් හිතෙනවා. ඈ ශ්‍රී ලාංකික බවට වඩා යුරෝපීයආකල්ප  දරනවා කියලයි හිතෙන්නේ.

ආර්ථිකය නගා සිටුවීමට “ කංසා වගා කල යුතුයැයි විටෙක පවසන ඇය අනවසර යෙන් නිෂ්පාදනය කරන මධ්‍යසාර ( කසිප්පු ) අපනයනය කල යුතුයැයි සිතනවා.

මම ඇනෝගේ ලිපිය පල කරනවා. පුංචි හිස්තැන් ටිකක් සමග ඇනෝ මගෙත් එක්ක විරසක වෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ. Comment එක කියව විට ඇනෝ ආරවුලක පටලැවිලා  වගෙත් හිතෙනවා.

 

ප්‍රමිතිකරණය අපේක්ෂාවෙන්

නොදනී "මහනුවර අපේ රජවරුන්ගේ සොහාන්" පිළිබඳ අදහස් දැක්වූවා

දින 2කට පෙර

ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා කවුද යකෝ වේසි?’ කියල.

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා.  (****, ***,**ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ (**යා, **යා )වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට *සි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට.

පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

 වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ ******* සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.




notes of imaginary

1 comment:

නිදිගෙ පංච තන්තරේ said...

මේ කමෙන්ටුව සෑහෙන්න හරවත් විවාදාපන්න කරුණුත් ඇතුළත් එකක්. ඒ නිසාම එය මා ලියු පොස්ට් එකකටත් ඇතුළු කළා.
https://nidigepanchathanthare.blogspot.com/2023/10/blog-post_23.html