ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-10-22

මනාලිය

මනාලිය

සඳ එළිය යහන මත
තවරා කවුළු හැර
තරු දෙනෙත්
අඩවන් කරාවී .
රත ලවන් පෙති නුරා
විවරකොට මුතු පටින්
සුසුදු කැල්මන්
විහිදුවාවී .
පිච්ච මල් පැළඳි සිකි
පිල් කළඹ මුදා හැර
සිථිල සළු පටක්
දවටාවී .
මධු විතක් වී තිළිණ
රැය පුරා උණුසුමට
හද ගැබේ පියුම්
අතුරාවී.
රෝ.සි.



notes of imaginary

0 ප්‍රතිචාර: