ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2023-10-19

කුමට බරක් වුන නටුවක් ගහකට



දළු කොළ ඉති අතරෙහි හිඳ හිනැහෙන
දසදහසින් ගැවසී නිති දිදුලන
කැකුළු අතර සිටියේ නුඹ දින ගැන
නවමු පැතුම් පතමින් ලොව පිබිදෙන
සරු පොහොරද ලබමින් දියවර හා
ගස සියලුම රස බෙදමින් අප හා
නුඹ ඒ හැම ලැබුයෙන් මා හරහා
බැඳුණු සෙනේ පවසමි නොම වළහා
ගතවන විට මෝරා මේ ලෙසිනා
නිරතුරුවම මට කරුණකි දැනෙනා
දිනයකි නුදුරුම මල ලෙස පිපෙනා
උතුරා යන සතුටකි හද අරණා
අඳුර පිරුණු එක් මූසල උදයක
බිඳී වැටුණු මුදු සුමුදුම පෙත්තක
උණුසුම හා එක් වූ පිනි කඳුලක
පහස නිමා කළෙ මා දුටු සිහිනෙක
සසැලී මා සිටියත් වාවනු බැරි
එබිකම් කළ සඳ කව්රුද පෙති ඇරි
දුටුවේ දසුනකි බිහිසුණු ගති පිරි
කැකුළු නසන පණුවෙකි නපුරුම හරි
මතු දිනයක රස පලයක් නිමකොට
මාත් පෙරුම් පිරුවා මිය යන්නට
මැලවී ගිය කල කැකුළත් අකලට
කුමට බරක් වුන නටුවක් ගහකට
පී. ජී ආරියපාල

notes of imaginary