අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-12-17
මරිය මග්දලේනා'

12/17/2024 06:44:00 pm

' මරිය මග්දලේනා ශුද්ධවූ බයිබලය තුළ තවත් කැපී පෙනුණු චරිතයක් විය. එහෙත් ශුද්ධවූ බයිබලයේ පවා ඇයගේ සම්පූර්ණ වතගොත සඳහන් වී තිබුණේ නැත. ඊශ් ...

Read more »
2024-12-14
යමු අපි සිරිපාදේ .

12/14/2024 08:00:00 am
2

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 20 වැනි සියවසේ මැද භාගයේදී සිරි පා කඳු මුදුන හා ඒ ආශ්‍රිත වනාන්තරය අභය භූමියක්‌ බවට ප්‍රකාශයට පත් කර ඇත. ලෝක උර...

Read more »
2024-12-13
මම  - පුර්විකාවක් .

12/13/2024 08:00:00 am

මම ලොකු පුතා. වැදගත් නොවන චරිතය. හදහන කියන හැටියට කේතු මහා දසාවෙන් අවුරුදු හතරක් ඉදිරියට තියාගෙන ඉපදුන පින්වත් කුමාරයා. ඒ අවුරුදු හතර එවරවෙන...

Read more »
2024-12-12
 පී.බී. අල්විස් පෙරේරා

12/12/2024 08:00:00 am

' පීබී' කිවු පමනින්ම සිහිපත් වන්නේ පී.බී .අල්විස් පෙරේරා කවියාය.සාහිත්‍යධරයාය. එතුමන් 1917 මාර්තු මස කොළඹ කොල්ලුපිටියේ පල්ලිය වත්තේ ...

Read more »
2024-12-11
අම්මා.

12/11/2024 08:00:00 am

නොවැම්බර 29 …….. අම්මා අප අතරින් වෙන්වු දවස එතුමිය අවුරුදු අනූඅටක් ආයු  සම්පත් විද නිදුක් නිරෝගීව අපත් සමග සතුටින් කාලය ගත කලා. එක් හැන්දෑවක...

Read more »
2024-12-10
මොළය දක්වන ප්‍රතිචාර

12/10/2024 08:00:00 am

කවුරුහරි ඔයාට කැමති වුණාම, ඔයත් නොදැනීම එයාට කැමති වෙන්න පුළුවන් කියල දැනගෙන හිටියද? ඔයාට කවදාහරි මෙහෙම දෙයක් වෙලා තියෙනවද? කවුරු හරි ඔයාට ක...

Read more »
2024-12-09
 නස්රුදීන්  - බඹරු දැක්කම අකුලගන්න මල්

12/09/2024 08:00:00 am

න ස්රුදීන් ට රජමාලිගාවෙන් පණිවිඩයක්.  වහාම එන්න කියලා.  නස්රුදීනුත් රජ දැක්මට සුදුසු විදියට ලක ලෑස්තිවෙලා තම බූරු වාහනෙන් මාලිගාවට යන්න පිටත...

Read more »
2024-12-08
පිරිතෙන් ලැබෙන අනුසස්.

12/08/2024 08:30:00 am

පිරිත් දේශනාවන්ගෙන් ලැබෙන ප් ‍ රතිඵල පිළිබඳව විමසා බැලීමේ දී මිළින්ද ප් ‍ රශ්නය නම් කෘතියෙහි ඇතුළත් මිළින්ද රජතුමා හා නාගසේන හිමියන් අතර ඇති...

Read more »
2024-12-06
ඇදුමක කතාව.

12/06/2024 12:46:00 pm

නවක මන්ත්‍රීවරුන් 168 ක් සහිත පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත. ආයතනයක් නවකයින්ගෙන් පිරෙන විට ‘සාම්ප්‍රදායට’ අගයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඑලයකි....

Read more »
2024-12-05
ඔබ සොයමින් එනවා........

12/05/2024 06:29:00 pm

මියැසිය   -ආචාර්ය අමරදේව සැදෑ අදුර තුල  හිරු මියයනවා සොයමින් එනවා   ඔබ සොයමින් එනවා සොයමින් එනවා ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු  කදුලැලි වැස...

Read more »