Friday, December 13, 2024

මම - පුර්විකාවක් .




මම ලොකු පුතා. වැදගත් නොවන චරිතය. හදහන කියන හැටියට කේතු මහා දසාවෙන් අවුරුදු හතරක් ඉදිරියට තියාගෙන ඉපදුන පින්වත් කුමාරයා. ඒ අවුරුදු හතර එවරවෙන්නේ සිකුරා ලබලා. තාත්තයි අම්මයි කියවන කොට හිතෙන්න ඇති කාලා බීලා,ජේත්තුවට ඇදලා, සුව පහසු කාලයක් ඇතුලේ ජීවිතේ නාස්තිකරගන්න ඇති කියලා මේ කාලේ. අධ්‍යාපනයට වඩා වෘත්තියට යොමුවුන අධ්‍යාපනය උසස් පෙලින් නිම කල ඒ කාලය මට අද නම් සංවේගයට කරුනක්. මම ඒ නරක ආදර්ශයට දරුවන් යොමු කරන්න කැමති වුනේ නැහැ. ඒ යුගයත් හැත්තෑවේ දශකයත් වෙනස්. ජීවිතය සමබිමක ගලාගෙන ගිය ,යන ගමනක් නෙමෙයි. රැලි හෙල් බෑවුම් කදු තරණය කරමින් ගිය දුර ගමනක්. දශක හතයි දශම හතකට දැනෙන්නේ විඩාවක්. කළකිරීමකට වඩා කිසිවක් කෙරෙහි ආසාවක් කැමැත්තක් නැති මහත් උදාසීන බවක්. විමුක්තිය නිදහස සොයාගෙන යන්න තියෙන්නේ එක් තැනයි. කියලා හිතෙන පාලුවක්. බෞද්ධයෙක් ලෙස හිතන්නත් කියවන්නත් පටන් ගත්තම , බෞද්ධ සාහිත්‍යය අත්හැර හිතන්න යොමු වුනාම අතීතය අත්හැර වර්මානය ගෙවීම පහසුවක්. තවත් මේ නිසරු කය නඩත්තු කිරීම නොවැදගත් කාර්යයක්. දවසින් දවස අක්‍රීයවන ඉන්ද්‍රීයයන් නොයෙක් ක්‍රම විදිවලින් යථාවත් කරන්න දරන උත්සහාය මට නම් කලකිරවන්නක්. එය පලරහිත කටයුත්තක් කියලා මගේ මනස මට කියවන්න පටන් අරන්…. මට හිතනා තරමින් මගේ වගකීම් වගවීම් බිංදුව වෙලා. මට වගකිම් වගවීම් කරන පිරිසකගේ උත්සහායක මැදිහත්වීමක මම ධන අගයක් බවට පත්වෙලා. මට නික්ම යන්න පුලුවන්නම් . මා නික්ම යනවා නම් ඔවුන්ගේ මැදිහත්වීම් සූන්‍යවී යනවා නේද මගේ මනස කියවන්න පටන් අරන්. මගේ විකාරත් සමග ආයෙත් ඉඩක් ලදොත් හමුවෙමු.


A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon