මේ කියමන මේ තරමටම ප්රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි..ඉතිං සියඹලා වාරෙට සෑහෙන සියඹලා ගෝනි ගානක් මේ මනුස්සයා මේ කඩේට විකුණනවා.ඒත් මේ කඩේ මුදලාලියා ටිකක් කට්ටයා... අර මනුස්සයා පුරවලා ගෙනෙන සියඹලා ගෝනිවල බර මුදලාලි එකින් එක කිරනවා. ඊට පස්සේ ඒ එක් එක් ගෝනියකින් සියඹලා කිලෝ දෙකක් විතර ඒ සියඹලා දාගෙන ආපු ගෝනියේ බරට කියලා හැම ගෝනියකින්ම අඩු කරනවා. අර මනුස්සයත් ඉතිං සද්ද නැතිව මුදලාලිට එකඟ වෙලා සියඹලා ටික දීලා සල්ලි අරගෙන යනවා. සියඹලා යහමින් තියෙන කාලෙට මනුස්සයට ඒ ගැන ගානක් නැති උනත්, සියඹලා හිඟ කාලෙට මේක හරි අසාධාරණයක් බව මේ මනුස්සයට තේරුණත්, කට වහගෙන ඉන්නේ සියඹලා ටික විකුණ ගන්න ගමේ වෙන තැනක් නැති හින්දයි.සියඹලා අවාරේ කාළේ ඔන්න දවසක් මේ මනුස්සයා ඇවිදලා, ඇවිදලා අමාරුවෙන් සියඹලා ටිකක් ඇහිඳ ගෙන ගෝනියක දාගෙන කඩේට අරගෙන එනවා...මුදලාලි සියඹලා ටික කිරනවා... කිරපු ගෝනියේ තිබුණු සියඹලා ටික කඩේ ඇතුලේ තැනකින් හලලා හිස් ගෝනිය මේ මනුස්සයට ගෙනත් දෙනවා...දීලා කඩේ ඇතුලට ගිය මුදලාලි වෙන වැඩක් කර කර ඉන්නවා. මේ මනුස්සයට සල්ලි දෙන පාටක් නෑ... මනුස්සයත් ඉතිං සියඹලා වල සල්ලි දෙනකම් බලාගෙන ඉන්නවා...මුදලාලිට ගානක්වත් නෑ... මුදලාලි වෙන වැඩක...බැරිම තැන අර මනුස්සයා මුදලාලිගෙන් සල්ලි ඉල්ලනවා..." මුදලාලි මගේ සියඹලා වල සල්ලි..?"" උඹ අද හරි පොඩ්ඩයිනේ ගෙනත් තියෙන්නේ..."" ඒක තමයි මුදලාලි දැන් අවාරෙනේ... ඇවිදලා ඇවිදලා අමාරුවෙන් ඔය ටික තමයි හොයා ගන්න පුළුවන් උනේ... කොච්චර තිබ්බද මුදලාලි..?"" කිලෝ දෙකයි..."" කමක් නෑ මුදලාලි ඒ කිලෝ දෙකේ සල්ලි දෙන්නකෝ..."" මොන සල්ලිද..? ඒවා ඔක්කොම හරි..."" ඒ කිව්වේ මුදලාලි..?"" ඒ කිව්වේ... කිලෝ දෙකයි තිබ්බේ... ඒ කිලෝ දෙක මම ගෝනියේ බරට අඩු කලා... එතකොට ඒකට ඒක හරි... උඹට අද සල්ලි නෑ..."" ඈ... එහෙම වෙන්නේ කොහොමද..?ඒ කියන්නේ මුදලාලි..."" මම අද සියඹලා ගෙනල්ලම නැද්ද...????මොකක් හරි ලොකු වැඩක්, ව්යාපෘතියක්, කලාත්මක නිර්මාණයක් වගේම දේශපාලන වැඩකදී හෝ වෙනයම් ඕනෙම වැඩකදී මුළ ඉදන්ම කට්ට කාගෙන ශ්රමයෙන්, ධනයෙන් දායකත්වයක් දීලා අන්තිමට ඒ වැඩේ සාර්ථක උනාම ලොක්කන් විසින් බැරිවීමකින් හරි ඕනකමින් හරි අර මුළ ඉදලා බර ඇදපු කෙනෙක්ව සඳහනක්වත් නොකර අමතක කරලා දාපු වෙලාවට ඒ අයට ඒ ගැන කලකිරිලා හැම තැනම කියන කතාවක් තමයි " එතකොට මේ වැඩේට මම සියඹලා ගෙනල්ලම නැද්ද..?" කියලා අහන එක. මේක මේ දවස්වල බහුතර දෙනෙක් අතර ඉතාමත් ප්රසිද්ධ කියමනක් වෙලා තියෙනවා.ඒ වගේම මේ කතාව මේ දවස්වල ඡන්දයෙන් පස්සේ පැරදුණු මන්ත්රීවරුන් පළතේ ජනතාවගෙන්ද, දිනුවේ නැති උනත් හම්බවෙලා තියෙන ලිස්ට් එකේ මන්ත්රීකමට කෑදරවෙලා එක එකා පොර කනකොට ඒ පක්ෂයේ ඉහළ නිළතල වලින්ද, දිනලත් ඇදපු බර ගානට, කාපු කට්ටට හරියන හොඳ ඇමතිකමක් නොලැබුණු හෝ අඩු ධාරිතාවයකින් යුක්ත රාජ්ය ඇමතිකමක් ලැබුණට පස්සේ නායකයන් නැති තැන්වලින්ද අහන්න ලැබෙන ජනප්රිය කියමනක් වෙලා තියෙනවා...
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
3 comments:
ඕක අපටත් වෙනවා අනන්ත
අනේ ඔව්.
කීමට කිව්වට අදයි කතාව දැනගත්තෙ.
උස්බ නව වසරක් වේවා !
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.