එල්ටීටීඊ නැව්, සුදු වෑන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය.
රටේ බුද්ධි අංශ දුර්වලයි, කියන පෝස්ට් කිහිපයක් ශෙයා වෙනව දැක්කා... අපේ බුද්ධි අංශ කොච්චර ශක්තිමත් ද කියල කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්...
එල්ටීටීඊ සංවිධානයේ කොදු නාරටිය වුන ලෝකය පුරා දැවැන්ත ජාලයක් විදියට ඉතා ශක්තිමත් ලෙස පැතිරිල තිබ්බ සැපයුම් ජාලය අක්‍රීය කිරීමේ මෙහෙයුම ඒවගෙන් එකක්... හුගක් අය දන්නෙ නාවික හමුදාවෙන් මූදෙදි නැව් වලට පහර දීල විනාශ කලා කියන එක විතරයි.
ඔය විනාශ කරපු හැම නැවක් පිටිපස්සෙම හුගක් සංකීර්ණ කතා ගොඩක් තියෙනවා…
එල්ටීටීඊ එකට ශක්තිමත් සැපයුම් ජාලයක් තිබුන. ගුවන් යානා, කාලතුවක්කු, වෙනත් බර අවි, පර්‍යේශණ උපකරණ, ආහාර ඇතුළු සංවිධානයේ ප්‍රවර්ධනයට වගේම පැවැත්මට අවශ්‍ය සැපයුම් බොහොමයක් ලංකාවට ආවෙ මේ සැපයුම් ජාලය හරහා. මේ සැපයුම් ජාලය විනාශ කරන්නෙ නැතිව යුද්ධය ඉවර කරන්න ඉතාමත්ම අපහසුයි.
සංවිධානයට අයිති නැව් වලින් ලංකාව අවට ගැඹුරු මුහුදට ගේන මේ අවි ආයුධ, සුසේ යටතෙ පාලනය වුන මුහුදු කොටින්ට අයිති කුඩා යාත්‍රා වලට පටවගෙන ගොඩ බිමට ගේන එක තමයි මේ අය භාවිතා කරපු උපක්‍රමය.
නාවික හමුදාවෙන් මේ විදියට නැව් වලින් බඩු අරගෙන එන බෝට්ටු වලට පහර දීල විනාශ කරන එක තමයි රජයේ හමුදාවන් ගෙ මුල් දවස්වල උපක්‍රමය වුනේ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුන, එකක් තමයි එල්ටීටීඊ නැව් ගැන නිවැරදි බුද්ධි තොරතුරු නොතිබීම, අනික තමයි නාවුක හමුදාව සතුව සමහර පහසුකම් නොමැතිවීම.
මේ ගැටලු දෙක විසදගන්න යුද්ධ හමුදා බුද්ධි අංශ එල්ටීටීඊ නැව් ගැන නිවැරදි බුද්ධි තොරතුරු හොයන්නත් නාවික හමුදාව අවශ්‍ය ප්‍රාහාරක බලය ලබාගන්නත් කටයුතු කලා. එවකට පැවති රජය බුද්ධි අංශ සහ නාවුක හමුදාව ගැන විශ්වාස කරල අවශ්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් සලසල දුන්න..... මේ වගේ වෙලාවල අදාල ආයතනය ගැන තබන විස්වාශය හුගක් වැදගත්......
යුද්ධ හමුදා බුද්ධි අංශයට මේක ඉතා විශාල වගකීමක් වුනා. රට ඇතුළෙ හැමතැනම මරාගෙන මැරෙන ප්‍රහාර, බස් බෝම්බ, ගම් වලට ඇවිත් සිදුකරන මිනිස් සංහාර. උතුරෙ වගේම දකුනෙ ජනතාවත් ජීවත් වුනේ උදේ ගෙදරින් පිට වුනොත් හවස ගෙදර එන්න පුලුවන් වෙයිද කියල සැකයකින් සහ අවිශ්වාශයකින්...
බුද්ධි අංශය මේකට ප්‍රදාන ක්‍රමවේද කිහිපයක් භාවිතා කලා... පොට්ටු අම්මාන්ගෙ එල්ටීටීඊ බුද්ධි අංශය ඇතුළට නියෝජිතයන් (agent) ඇතුළු කිරීම, ලෝකය පුරා විහිදිලා පැවතුණ KP (කුමරන් පත්මනාදන්) ගෙ ජාත්‍යන්තර සැපයුම් ජාලය ඇතුළට නියෝජිතයන් ඇතුළු කිරීම, ජාත්‍යන්තර සම්බන්ධ තා ශක්තිමත් කර ගැනීම, තාක්ෂණික උපකරණ සහ දැනුම ලබා ගැනීම වගේ ඒව…
ඒ කාලෙ තිබුන වාතාවරණය සහ පහසුකම් වල හැටියට මේක ඉතාම අපහසු කටයුත්තක්… මේකෙදි ඉතාමත්ම වැදගත් කාරණය තමයි අපිට අවශ්‍ය තොරතුර ගන්න නම් ඒ තොරතුර ලබාගන්න පුලුවන් ස්ථානකට අපේ spy හෝ නියෝජිතයා ඇතුළත් කරන්න ඕන… මේ නැව් ගමන් කරන නිවැරදි මාර්ග සහ ගමන් ගන්න වෙලාවල් දැනගෙන හිටියෙ එල්ටීටීඊ එකෙත් ඉතාම කිහිප දෙනයි…
මේ නැව් ගැන හොයන්න ක්‍රමවේද දෙකයි තිබුණෙ. එකක් ඒව එන ගමන් මාර්ග ගැන දන්න අයගෙන් තොරතුරු ලබාගැනීම ... දෙවෙනි එක තාක්ශනික ක්‍රමවේද භාවිතා කරල ඒ නැව් ට්‍රැක් කිරීම..
අපි මේ ක්‍රම දෙකම භාවිතා කලා.. එල්ටීටීඊ එක ඇතුලෙ ඉතා සූක්ශම විදියට ප්ලාන්ට් කරල තිබුන අයගෙන් තොරතුරු ගත්තත් බොහෝ දුරට ඒ තොරතුරු නැවක් එන්න තියෙනව වගේ සාමාන්‍ය තොරතුරු ... මේ නැවක් එන නිවැරදිම වෙලාව සහ රහස් තොරතුරු දන්නෙ එල්ටීටීඊ එකෙත් එක්කෙනයි, නැතිනම් දෙන්නයි... මේ රහස් තොරතුරු ලබාදෙන්න මේ අය ඉතාමත් රහසිගත ක්‍රමවේද භාවිතා කලා. මේ ක්‍රමවේදය අදුනගැනීම ඉතාමත්ම අපහසු කාරණයක් වුනා. ඒ වගේම මේ අය භාවිතා කරපු එන්ක්‍රිප්ශන් (Encryption) ඉතා කෙටි කාලයයි පාවිච්චි කලේ. ඊට පස්සෙ අලුත් එකක් පාවිච්චි කරන්න පටන් ගන්නව. ඒ අය භාවිතා කරපු එන්ක්‍රිප්ශන් ඩීකෝඩ් කරන එක පට්ට ගේමක් වුනා.... ඒ අය සමහර වෙලාවට දවසෙන් දවස කෝඩ් වෙනස් කලා…
මේ නැව් ලියාපදිංච් කරල තිබ්බෙ වෙන රටවල් වල සහ විවිධ සමාගම් වල නම් වලින්. ඒ වගේම ඒවගෙ ලියාපදිංචිය කාලෙන් කාලෙට මේ අය වෙනස් කලා, ඒ වගේම සමහර නැව් වල පේන්ට් එක පවා ඉතා කෙටි කාල සීමාවන් තුල වෙනස් කරල තිබුන.
කොහොම හරි නැව් එක එක වෙන වෙනම අදුනගෙන, ඒවගෙ ගමන් මාර්ග අධ්‍යයනය කරල ඒව ගැන නිවැරදි තොරතුරු හොයාගන්න යුද්ධ හමුදා බුද්ධි අංශයට පුලුවන් වුනා.
මේ සියලුම කටයුතු වලට ඒ කාලෙ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්ෂක ලේකම් ඇතුළු රජය උපරිම සහයෝගය සහ අවශ්‍ය බලතල ලබා දුන්න.
ඉන්දියාවෙන් එන්න තිබුන විරෝධය වලක්වගන්න රජය මැදිහත් වෙලා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නියමාකාරයෙන් පවත්වගෙන ගියා.
මේකෙ හුගක් අවස්ථා ඔයගොල්ලො බලන වෙස්ටර්න් ෆිල්ම් වල ඒව වගේම තමයි... නාවික හමුදාව නැවකට ඇටෑක් කරන්න කලින් ඒක හරියටම එල්ටීටීඊ නැවක්ද කියල කන්ෆමේශන් එක ගන්න යුද්ධ හමුදා බුද්ධි අංශයට කතා කරනවා...එතකොට ඒ නැවට අදාල සියලු විස්තර වගේම නැවේ විස්තර අහනකොට ඒ අය දෙන ආන්සර් එක එර්දියෙන් බලල වගේ යුද්ධ හමුදා බුද්ධි අංශය කියනවා....
ඔයාල නිකමට හිතන්න මූදෙ යන වෙන රටකට හරි සමාගමකට හරි අයිති නැවකට නේවි එකෙන් ඇටෑක් කරල විනාශ කලොත් අපේ රටට ඇතිවෙන විපාක… මේ වගේ තැන් වලදි බුද්ධි අංශ වගේම නාවික හමුදාවෙ නිලධාරීන් රට වෙනුවෙන් ලොකු අවධානමක් ගත්තා.... පොඩ්ඩක් වැරදුනොත් මේකෙ ඉන්න එව්න් මානව හිමිකම් කඩවුනා වගේ කතා කියාගෙන රෙදි උස්සගෙන එන හැටි ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ...
මේ වෙනුවෙන් ටීම් එකක් දිවා රෑ නොබලා වැඩ කලා.... සමහර අයට මාස ගනන් ගෙදර යන්න බැරි වුනා... සති දෙක තුන එකම ඔෆිස් එකේ ඉර එලිය බලන්නෙවත් නැතිව එක දිගට වැඩ කලා... කෑම කෑවෙ පවා මොනිටරින් ස්ක්‍රීන් දිහා බලාගෙන... සමහර අය ඔවුන්ගෙ පව්ල් වලින් සහ පෙම්වතියන්ගෙන් කුනු බැනුම් අහනවා... සමහර අයට මාස ගානක් යනකම් ගෙදර අය එක්ක පවා දුරකතනයකින් කතා කරන්නවත් අවසර හම්බවුනේ නැහැ... සමහරු කියනව ඕකුන් කොලබින් පිට ගිහින් නැහැ, කොහොම යුද්ධ කලාද කියල, මේ වගේ දේවල් ගැන ඒ අයට අවබෝධයක් නැහැ… ඒ අයට ගෞරව කරන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා...
දැන් ඔයාල අහයි ඇයි මේව මෙච්චර කල් නොකිව්වෙ, අපි දන්නෙ නැහැනෙ කියල. මම සේවයෙ ඉන්න කාලෙ ඉදපු බුද්ධි අධ්‍යක්ශක වරයෙක්ගෙන් ඇහුව සර් අපි අනාගත පරම්පරාවට දැනගන්න මේව ඩීක්ලැසිෆයි (Declassify) කරමු කියල. පිළිතුර වුනේ තව ටික කාලයක් ගියාම ඔය නැව් ටිකට ගැහුව කියල මේකෙ එව්න් අපිට නඩු දාන්නත් බැරි නැහැ, ඒක හින්ද කට පියාගෙන ඉන්න කියල.
ඉතාම වගකීම් සහගතව ක්‍රියාත්මක වුන මේ ක්‍රියාන්විත ගැන දන්න අය ඉන්නෙ ඉතාම ස්වල්පයයි. යුද්ධ හමුදා බුද්ධි අංශය කවදවත් තමන් කරන රාජකාරිය මාකටින් වලට යොදාගත්තෙ නැහැ..කොච්චර චෝදනා එල්ල වුනත් නිහඩව ඒව දරාගෙන ඉන්නවා... ඒ බව දන්න එවකට නාවික හමුදා ප්‍රදානීන් නිතර යුද්ධ හමුදා බුද්දි අංශය ඇගයීමට ලක් කලා.
මොන දේ කලත් යුද්ධ හමුදා බුද්ධි අංශය ගැන අපේ රටේ මිනිස්සුන්ගෙ හිත්වල තියෙන්නෙ ඉතාම වැරදි අදහසක්. ඒකට හේතුව තමයි සුදුවෑන්, මිනීමැරුම්, පාස්කු ප්‍රහාරය වගේ විවිධ චෝදනා එල්ල කරල බුද්ධි අංශ සාමාජිකයන් කිහිප දෙනෙකුට එල්ල කරල තියෙන චෝදනා… ඒව සම්බන්ධව මේවෙනකොට රට තුල පර්‍යේශන සහ නඩු විභාග වෙන නිසා ඒව නීතියට බාර දෙමු. අපි කියන්නෙත් වැරදි කාරයොන්ට කිසිම සමාවක් දෙන්න එපා කියල. මේ චෝදනා ලබල තියෙන්නෙ යුද්ධ හමුදා බුද්ධි අංශයේ ඉතා අඩු පුද්ගලයන් සංඛ්‍යාවක්…
ඒ චෝදනා හින්ද රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත්ම අවංකව රාජකාරි කරපු විශාල ප්‍රමාණයක් ඉන්න යුද්ධ හමුදා බුද්ධි අංශය ගැන වැරදි මත සමාජගත කිරීම රටේ තියෙන බොහොමයක් දේශපාලන පක්ශ සහ ව්‍යාපාර, රූපවාහිනී නාලිකා, විවිද පුද්ගලයන්, සමාජ මාධ්‍ය, යූටියුබ් වගේ විවිධාකාර ක්‍රමවේද වලින් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා…
ඔයගොල්ලොන්ට පහුගිය කාලවකවානුව මතක නම් කවමදාවත් අපේ රටේ මාධ්‍ය හෝ බොහොමයක් දේශපාලන පක්ශ යුද්ධ හමුදා බුද්ධි අංශයට හොඳක් කියල නැහැ. බුද්ධි අංශ කිව්වොත් සුදු වෑන් පාස්කු වගේ කතා කියල දේශපාලන වාසි ගන්න උත්සාහ කරනව. පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරය සැලසුම් කලෙත් යුද්ධ හමුදා බුද්ධි අංශය කියල චෝදනා කලා…
මේ මෙහෙයුම් වලට ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වුන අය තවමත් යුද්ධ හමුදාවෙ සේවය කරනවා. ඒ අය තමන්ගෙ වගකීම ඉටු කරල නිහඬව ඉන්නව. රටේ විවිධ පාර්ශව මේ වැඩ කරපු අයට විරුද්ධව විවිධ චෝදනා නගල තියෙනව. ඒත් ඒ අය ඒ හැම දෙයක්ම දරාගෙන උපේක්ෂාවෙන් නිහඬව ඒඅයගෙ රාජකාරිය කරගෙන යනව…

2 comments:
මිත්‍රයා... බුද්ධි අOශ , යුද්දේ කාලේ , කරපු කැප කිරීම් ගැන දැනගන්න නම් රසදාවත බ්ලොග් එක කියවලා බලන්න .. මේ පෝස්ට් වලින් කියන්නේ ඒ කාලෙ ගැන නෙමේ නේද ? හමුදාවේ දැන් ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න හමුදාවේ වර්තමාන තත්ත්වය ගැන .. ආයුධ තියනවද , ඒවා නඩත්තු වෙනවද කියන එක ගැන . රටේ ප්‍රශ්නයක් තිබුනොත් විතරක් , හමුදාවල් , බුද්ධි අOශ ක්‍රියාත්මක උනහම විතරක් ඇතිද ? කුමන හෝ හදිසි ප්‍රහාරයකට මුහුන දෙන්න අපි සූදානම් ද ?? එහෙම ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ටක්කෙටම දැනුම් දෙන්න අපේ බුද්දි අOශ දැන් කාර්‍ය්‍යක්ශමද ??
මග පෙන්වීම අගය කරනවා.ස්තුතියි.
Post a Comment