අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Tuesday, May 20, 2025

5/20/2025 07:24:00 pm




"ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ් කීවා "ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි." කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.

 

අපට කිසිම පෙර සූදානමක් තිබුණේ නැහැ. මේ කතාවෙන් පස්සේ ජනාධිපතිතුමා තත්පර 15ක් විතර නිහඬව සිටියා. ඊට පස්සේ කිව්වේ මෙහෙමයි."ඇමතිතුමා ඔබ මතක තබාගත යුතුයි ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තයේ කොලණියක් නොවන වග.. ඒ කොලණිය 1948දී ඉවර වුණා. මම මේ රටේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපති. මම වගකියන්නේ රටේ මහජනතාවටයි. මම මේ යුද්ධය ඉවර කරනවා. ඒක ඔබ ගිහිල්ලා ඔබේ බටහිර මිත්‍රයන්ටත් දන්වන්න මම කීවා කියලම."
ඔය කතාව යනකොට ප්‍රංශ විදේශ ඇමති කුෂ්නර් කිව්වා "ජනාධිපතිතුමා ඔබතුමා අපේ මිත්‍රයෙක්" කියලා.
එතකොට අපේ ජනාධිපතිතුමා කිව්වා "මම හොඳට දන්නවා මගේ මිතුරන් කවුද කියන එක" කියලා.
කොටි බෝම්බවලින් අපේ මිනිස්සු මැරුවම උඹලට ඒක ප්‍රවෘත්තියක් පමණයි... ඒත් මට ඒක මහත් වේදනාවක්" කියලත් එතුමා මතක් කළා.
- හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග
2010 දී
A day in the life

0 ප්‍රතිචාර: