---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.
භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක් පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක් බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක් ගොඩන`ගා ගැනීමට හැකිවිය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මානව ශිෂ්ටාචාරගතවීමේ මුල අදියරවලදී ප්‍රබල භාෂාමය උප සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් ලේඛනය බිහිවූ අතර මෙසොපෙතේමියාවෙන් ඇරඹී එය මිසරය, පර්සියාව, ඉන්දියාව, චීනය වැනි ලෝක ශිෂ්ටාචාර පැවති ප්‍රදේශ පුරා රූපාක්‍ෂර, සංකේතාක්‌ෂර, සංකේතාත්මක ලෙස හා අවසානයේ ක්‍රමික අක්‌ෂර ලෙස ලොව පුරා පැතිර ගියේය. ඒ අනුව ලේඛනය යනු වසර ලක්‍ෂ ගණනාවක් තිස්‌සේ ශබ්ද විධිකාරයට, අංගචලනාකාරයට චිත්‍ර සටහන් ගුහාවල ඇදීම යනාදි වශයෙන් විකාශය වෙමින් ආ මානව සන්නිවේදනයේ විශිෂ්ට ප්‍රතිඵලයක් බව පැවසිය හැක. එබැවින් ලේඛන ක්‍රමවල ඉතිහාසය මිනිසාගේ ආරම්භක අවස්‌ථාවෙහි පටන්ම සාකච්ඡාවට බඳුන් කළ යුතුය.
පෙර දැක්‌වූ ආකාරයට ලෝක භාෂා පරිණාමයේ ප්‍රතිඵලයක්‌ව උදාහරණ ලෙස අවුරුදු 2500 පැරණි සිංහල භාෂාව පෙන්වාදිය හැක. ඉන්දු යුරෝපා භාෂා පවුලට අයත් මෙම භාෂාවද ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අංගචලනය හා ශබ්ද උපකාර කොටගත් සංඥාවල සිට ප්‍රොටෝ ඓතිහාසික යුගය වන විට කිසියම් ලේඛන කලාවක් සහ ක්‍රමික භාෂා ව්‍යවහාරයක්‌ම බවට පත්ව අනතුරුව සිදුවන ආර්යාගමන බලපෑම්, ඒ හා ස්‌වදේශික සහසම්බන්ධතා ක්‍රි.පු. 3 සිට මහින්දාගමනයෙන් ඇතිවුණ අශෝකාක්‌ක්‍ෂරවල බලපෑම්ද, පසුකාලීන ආන්ද්‍ර, ද්‍රවිඩ බලපෑම්ද ක්‍රි.ව. 7 සිට පල්ලව බලපෑම්වල සිට ක්‍රි.ව. 15, 16, 17 යුරෝපා ආක්‍රමණවලද බලපෑම් සහගතවත් නොයෙක් බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස බිහිවුණ ක්‍රමිකව විකාශනය වූ ලේඛන ක්‍රමයක් සහිත භාෂාවක් ලෙස දැක්‌විය හැක.
පෙරකී අවුරුදු 2500 වැනි දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මේ සිංහල භාෂාවට නව වැකි, වාක්‍ය රටාවන්, වියරණ විදී, නීතිරීති රාශියක් එකතුවූ අතර ඊටත් වඩා සුවිශේෂි ලෙස නව අක්‌ෂර රාශියකින් සැදුම්ලත් කලින්කල වර්ධනය වූ අක්‌ෂර හෝඩියකින් සැදුම්ලත් ලේඛන කලාවක්‌ද බිහිවූවාය. අද අප එකී අක්‌ෂර ව්‍යවහාරයේ ක්‍රමික විකාශය නිරීක්‍ෂණය කිරීම සඳහා එය පූර්ව බ්‍රහ්ම, අපර බ්‍රහ්ම ලෙස වර්ගීකරගනු ලබති. මෙකී සිංහල අක්‌ෂර හා භාෂා ව්‍යවහාරය අතීතයේ සිට වර්තමානය දක්‌වා කෙසේ නිර්මාණය වූයේ දැයි පර්යේෂණ කිරීමට මෙරට හා විදේශීය ප`ඩිවරුන් උත්සහ ගත්තේ ක්‍රි.ව. 18 වන සියවසෙන් අනතුරුවය. ප්‍රථමයෙන්ම ගොගර්ලි, කාසිෙච්ට්‌ටි, ටර්නර්, රීස් ඩේවිස් වැනි විද්වතුන් මෙරට ශිලා ලිපි කියවා මෙරට භාෂාව සහ ලේඛන පිළිබඳව අධ්‍යනය කර සිය නිගමන සිලෝන් ඇල්මැක් රාජකීය ආසියාතික සමිති ස`ගරාව වැනි ස`ගරාවලට ඉදිරිපත් කළහ.
අනතුරුව ලක්‌දිව සෙල් ලිපි කියවූ ගෝල්ඩ්සමිත්, ඊ. මයුලර්, බෙල් අයර්ටන්, හොකාර්ට්, වින්සර්, ඉසෙඩ් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාරණ යන බහුශ්‍රැතයන් විසින් ශිලාලිපි රාශියක් සොයාගත් අතර, එසේම ඒවාවල භාෂාවේදී, වියරණ විදී, අක්‌ෂර විකාශය වැනි ප්‍රයෝජනවත් මාතෘකා යටතේ පර්යේෂණ ලිපි හා ග්‍රන්ථ රාශියක් ලියන ලදී. ඒ අතර මෙරට ප්‍රථම අභිලේඛනමය කෘතිය වන Ancient
inscriptions in Ceylon (මයුලර් විසින් රචනා කළේය) සිට ක්‍රි.ව. 1904 දී වික්‍රමසිංහ විසින් පළකරන ලද ලක්‌දිව සෙල්ලිපි සංග්‍රහය (Epigraphia 'eylanica) නමැති ස`ගරාව සිට එය ක්‍රි.ව. 1964 දක්‌වා දීර්ඝ කලක් සාර්ථකව සෙනරත් පරණවිතාරණ යටතේ පවත්වාගෙන ගොස් ඉක්‌බිතිව ශිලාලේඛනය හා ව්‍යවහාර පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ලෝකයාට සපයන ලදී.
අනතුරුව සිංහල අක්‌ෂර මාලාවේ සම්භවය හා වර්ධනය පිළිබඳව පර්යේෂණ කළවුන් අතර තෙන්නකොන් විමලානන්ද, සද්ධාමංගල කරුණාරත්න, අබය ආරියසිංහ, මූලටීයන වංගීංස හිමි, අහමඩ් හසන් දානි, බන්දූසේන ගුණසේකර, පී.ඊ.ඊ. ප්‍රනාන්දු, සී.ඩබ් නිකලස්, හෙන් පාකර්, සී. ඊ. ගොඩකුඹුර, විමල් ජී. බලගොල්ලේ, ඒ. කොඩ්රිංටන් යන දෙස් විදෙස් පඬිවරුන් වැදගත්වේ. ඔවුන් විසින් රචිත ලංකාවේ බ්‍රාහ්මී අභිලේඛන, Sienhalaless paleography පැරණි ලක්‌දිව යන කෘතිවල ආදී ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව, එහි වර්ධනය සහ භාෂා ව්‍යවහාර පිළිබඳව නව පර්යේෂණ වාර්තා රැසක් ඉදිරිපත් කර ඇත.
එකී උද්යෝගයේද ප්‍රතිඵලයක් වශයෙන් අදවන විට පුරා විද්‍යාඥයන් විසින් ලක්‌දිව ශිලා ලිපි 4000ක ප්‍රමාණයක් සොයාගනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අක්‍ෂර මාලා සම්භවය හා එහි භාෂා ව්‍යවහාර පිළිබඳ ඊට බලපෑ බ්‍රාහ්මී අක්‌ෂර ව්‍යාප්තිය (අශෝකාක්‌ෂර), පල්ලව, ද්‍රවිඩ ලේඛන හා භාෂා ව්‍යවහාර වැනි සංස්‌කෘතික ප්‍රවාහයන්ද එහි උත්කෘෂ්ඨ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල භාෂාවේ සිදුවන අක්‌ෂර රූප වෙනස්‌කම්, භාෂා හා ලේඛන විධිවල වෙනස්‌කම් නව භාෂා හා ලේඛන ව්‍යවහාර, කාලාරූපික සිදුවුණු ලේඛන වෙනස්‌කම්, ශිලා ලිපි වර්ග ඒවාවල සඳහන්ව ඇති තොරතුරු යනාදි වශයෙන් ආදි ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව හා ඒවාවල භාෂා ව්‍යවහාරය ආශ්‍රිත ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් තොරතුරු රාශිය අදවන විට අනාවරණය කරගෙන ඇත.
එකී කරුණු සිතේ තබාගෙන මෙම නිබන්ධනය මඟින් සාකච්ඡා කරන්නේ ප්‍රාග්-ප්‍රොaටෝ අවධියේ (ක්‍රි.පු. 12 - ක්‍රි.ව. 3) මෙරට ශිලා ලිපි වල අක්‌ෂර හා එහි භාෂා ව්‍යවහාරය පිළිබඳවය.
ලෝක භාෂා හා මුල්ම ලේඛන
සිංහලයේ ආදී ඓතිහාසික අවදියේ අක්‌ෂර සහ භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම එවැනි සුමිහිර ලේඛන කලාවක් සහිත භාෂා ව්‍යවහාරයක් බිහිවීමට හේතුවූ ලෝක භාෂා ව්‍යවහාරය හා එහි මුල්ම ලේඛන පිළිබඳව තරමක් දුරට සාකච්ඡා කළ යුතුය. එබැවින් භාෂා හා ලේඛන ක්‍රමවල ඉතිහාසය මිනිසාගේ ආරම්භ අවස්‌ථාවෙහි පටන්ම සාකච්ඡාවට භාජනය කළ යුතුවේ. පරිණාමවාදයට අනුව චාතුර්ථික යුගයේ දී මානව කල්ප වානරයාගෙන් මානවයා ප්‍රභවයවූ බව කියවේ. දෙපා ගමනින් යන වානර මිනිසාගේ අවධියේ සිටම මිනිසා පිළිබඳව ඉතිහාසය ආරම්භ වී පවතී.
ලොව පුරා පුරාවිද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීමට අනුව පුරාශිලා (Paleolithic Age), මධ්‍යය ශිලා යුගය (Mesolithic) මා නවශිලා යුගය (NeolithicAge) යනුවෙන් ප්‍රාග් ඉතිහාස පුළුල් කොටස් තුනකට බෙදා තිබේ. මෙම අවදියේ ත්‍රිත්වය තුළ ජීවත්වූ මානවයාගේ භාෂාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ලේඛන ව්‍යවහාරයක් නොපැවති අතර ඔවුහු ඒ වෙනුවට සන්නිවේදන කටයුතු වෙනුවෙන් හූ කීම, ගිනිගොඩවල් ගැසීම, අංගචලන මාධ්‍යයෙන් සංඥා දැක්‌වීම, ගුහාවල චිත්‍ර ඇ`දීම වැනි භාෂා ව්‍යවහාරයන් භාවිතා කළහ. මේවාවලට නිදර්ශන ප්‍රංශයේ හා ස්‌පාඤ්ඤයේ පිහිටි ලැස්‌කෝ හා අල්ටමීරා ගුහාවල පිහිටි දඩයම් දර්ශන රැගත් චිත්‍ර පෙන්වා දිය හැක. ඒ ආකාරයට පැරණි මානවයා අංගචලන, චිත්‍ර සටහන්, ශබ්ද විධික්‍රම භාවිතා කොටගෙන ස්‌වකීය භාෂා මාධ්‍යයක සන්නිවේදන කටයුතු සිදු කළහ.
අනතුරුව මෙය විශාල වෙනසකට භාජනය වන්නට විය. එනම් මිනිසා ශිෂ්ටාචාරගතවීම ආරම්භ කිරීමයි. ඒ අනුව හේනෙම මැටිවලින් තනමින්, ගොවිතැන් කරමින්, ක්‍රමිකව සත්වපාලනය සිදුකරමින් ක්‍රි.පු. 6 සියවසේ දී ජෙරිකෝ වැනි මූල නාගරික ජනාවාස ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකරමින් ස්‌වකීය ශිෂ්ටාචාරගතවීම වේගවත් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පු. 4500-1750 අතර කාල පරාසය තුළ ලෝකය පුරා ඊජිප්තු (නයිල් නිම්න) ශිෂ්ටාචාරය, මෙසෙපොතෙමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හොවැංහෝ වැනි දියුණු නාගරික හා විවිධ සංස්‌කෘතිකාංගයන් පිරි ශිෂ්ටාචාර බිහිවන්නට විය.
මෙම ශිෂ්ඨාචාර බිහිවුණු කාල පරිච්ඡේදය නූතන පුරා විද්‍යාවේ කාල ක්‍රමයට අනුව තඹ (Copper) සහ ලෝකඩ (Bron'e) යුගය ලෙස හැඳින්වේ.
පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති ප්‍රාථමික භාෂා සන්නිවේදන ප්‍රකාශන
මාෙධ්‍යාaපක්‍රම පෙරකී මිනිස් බුද්ධි චින්තනයේ විප්ලවීය ශිෂ්ටාචාර බිහිවන අවදියවන විට එකී ශිෂ්ටාචාරගත අවදියට ඔබින ලෙස මිනිස් භාෂාව වෙනස්‌වී සංවර්ධනයට පත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා සිය අදහස් හා හැ`ගීම් ප්‍රකාශ කිරීම සඳහා කිසියම් සංකේත හෙවත් අක්‌ෂර ක්‍රමයක් නිර්මාණය කරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙකුත් ලේඛන කලාවක් ලොව පුරා බිහිවිය. දැනට කෙරී ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව ලෝකයේ පැරණිතම ලේඛනය නැතහොත් අක්‌ෂර ව්‍යවහාරය භාවිතා කර ඇත්තේ ක්‍රි.පු. 3500 සුමේයන්වරු විසිනි. ඔවුහු කූඤ්ඤ අකුරු (cuneiform) නම් ඉතාම සංවර්ධිත ලේඛන ක්‍රමයක් නිපදවූහ. එය සංකේතාත්මක (Symbolic stroke) වචන නිරූපණය කළ ක්‍රමයකි. මෙම අකුරු අව්වේ වියළාගත් මැටි මුද්‍රdවල ලේඛන ගත කල ක්‍රමයකි. එම සමකාලයදීම පුරාතන මිසරවරුන්ද රූපාක්‌ෂර (Picture writing) ක්‍රමයක් භාවිතා කළහ. එය අද විද්වතුන් විසින් හඳුන්වන්නේ හයිරෝග්ලිµsක්‌ස් (hieroglyphics) යන නමිනි. මෙම ක්‍රමයද එක් එක් රූපයෙහි ශබ්දයක් හෝ ස්‌වරූපය නියෝජනය විය.
මීට අමතරව ක්‍රි.පු. 2500 ඉන්දියාවේ බිහිවුණු ඉන්දු-නිම්න ශිෂ්ටාචාරයෙහිද ගල් හා මැටි මුද්‍රd මත ලියන ලද මුද්‍රd සහිත සංකේතාක්‌ෂර රාශියක් හමු වී ඇත. එසේම මෙම සංකේතාක්‍ෂර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැතිර පැවති ඇµaගනිස්‌ථානය, සයිප්‍රස්, ක්‍රීට්, පාස්‌කු දූපත් හා ලංකාවේ ප්‍රදේශ වලින් හමු වී ඇත. මෙකී ඉන්දු නිම්න අක්‌ෂර මාලාව ඉන්දියාවේ සියලුම අක්‌ෂර මාලාවන්ගේ මූලාරම්භය වශයෙන් ආර්.නාගස්‌වාමි හඳුන්වයි. ආචාර්ය ඩින්ජර්ගේ අදහසකට අනුව එම අක්‌ෂර මාලාවෙන් අඩක් චිත්‍රමය වෙයි. අඩක් ශබ්දමය වෙයි. මෙම අක්‌ෂර මාලාවෙන් බ්‍රහ්මී අක්‌ෂර මාලාව ප්‍රභවය වීය යන්න ලැන්ග්ඩන්, හන්ටර් ආදීන්ගේ විශ්වාසයයි. මෙම අක්‌ෂර මාලාව තුලනය කරන ලැන්ග්ඩන් බ්‍රාහ්මී අක්‌ෂර 14 ක සමානාත්වය පෙන්වා දෙයි. (මේ අනුව අප සිංහල භාෂාවේ හා ඇයගේ අක්‌ෂර අභිවර්ධනයට හේතුවූ බ්‍රාහ්මී භාෂාව අක්‌ෂර මාලාව ප්‍රභවය වූයේ ඉන්දු නිම්නයෙන් බව උපකල්පනය කළ හැක) මීට අමතරව ක්‍රි.පු. 1766-1027 අතර පැවති චීනයේ ශැං යුගයේ සත්ව ඇටකටුවල රූපාක්‌ෂර වර්ගයක් ලියු අතර එය පසුකාලයේ අක්‌ෂර 1000යුත් මැන්ඩරින් භාෂාව බවට පරිවර්තනය විය.
මේ අතර සුමේයානු හා මිසර අක්‌ෂර හෝඩිය පාදක කොට ගෙන ක්‍රි.පු. 1000 පමණ අක්‌ෂර 22 යුත් හෝඩියක් භාවිතයට ගත් අතර, එය පසුකාලයේදී ග්‍රීක්‌වරුන් විසින් ණයට ගෙන ඔවුනට අභිමත අක්‌ෂර හා ලේඛන ව්‍යවහාරයක් සකසාගත්හ. පසු කාලයේ ලෝකයේ විශේෂයෙන්ම යුරෝපයේ විවිධාකාරවූ භාෂා රටා සහ අක්‌ෂර ක්‍රමයක් බිහි වීමට හේතුවුයේ මෙම ලතින් හෝඩිය වේ.
මේ හා සමගාමීවම ඉන්දියාව, ලංකාව, පර්සියාව. චීනය, ජපානය, පලස්‌තීනය සහ මැද පෙරදිග යන ප්‍රදේශ වල ද විවිධාකාර භාෂා හා උප භාෂා මෙන්ම අනම්‍ය වූ අක්‌ෂර ලේඛන ව්‍යවහාර බිහිවුණ බවද අප අමතක නොකළ යුතුය.
කෙසේ හෝ වේවා අද වන විට වාග් විද්‍යාඥයන් සහ පුරා විද්‍යාඥයන් විසින් ලෝක භාෂා ව්‍යවහාර හඳුනාගැනීම පහසු කරවීම සඳහා ප්‍රධාන භාෂා පවුල් නැතහොත් භාෂා ගණ ලෙස බෙදා වෙන් කරති. මෙම ක්‍රමය ක්‍රි.ව. 1872 දී මැක්‌ස්‌මුලර් ප`ඩිතුමා විසින් සොයා ගත් ක්‍රමයකී. ඔහු විසින් නිර්මාණය කරන ලද එකී භාෂා බෙදීම පහත දැක්‌වෙන පරිදි සංක්‍ෂිප්තව දැක්‌විය හැක.
යනාදී වශයෙන් ප්‍රධාන භාෂා පවුල් කිහිපයක්‌ද තවත් අප්‍රධාන භාෂා පවුල් රාශියක්‌ද මෙම වර්ගීකරණයට අයත්ය.
ප්‍රාග් ඓතිහාසික අවදියේ හා ප්‍රොටෝ ඓතිහාසික අවදියේ සිංහල අක්‌ෂර ක්‍රම හා භාෂාව.
ඉහත දැක්‌වූ වාග් විද්‍යා ප්‍රභේදකරණයට අනුව සිංහල ඉන්දු යුරෝපානු භාෂා පවුලට අයත් වේ. එහෙත් මෙම නිබන්ධනය ම`ගින් සංක්‍ෂිප්තව සාකච්ඡා කරන ක්‍රි.පු. 12 - ක්‍රි.ව. 3 දක්‌වා වූ ආදී ඓතිහාසික අවදියෙහි අක්‌ෂර මාලාව පිළිබඳව හෝ එහි භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කිරීමේදී තරමක් දුරට ලෝක අක්‌ෂර ව්‍යවහාරය මෙන්ම මෙරට ලේඛන කලාවෙහි ආරම්භ පිළිබඳව තරමක් දුරට සාකච්ඡා කළ යුතුය. සංකල්පීය වශයෙන් ලේඛන නිරූපනය කරමින් කළ මානව සන්නිවේදන ක්‍රියාකාරකම් පිළිබඳව ඉතිහාසය පුරාශිලා යුගය තරමට පැරණි යෑයි ලංකාව සම්බන්ධයෙන් අනුමාන කළ හැක. යම් යම් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් විසින් අඳින ලදැයි අනුමාන කරනු ලබන ගුහා චිත්‍ර ගණනාවක් දැදුරුඔය නිම්න අවට අරන්කැලේ හා ගනේවිහාර භූමිවලින් හමු වී ඇත.
මීට අමතරව ක්‍රි.පු. 2000 වඩා පැරණි නවශිලා යුගයට යෑයි අනුමාන කළ හැකි සංකේත රූප ගණනාවක් දොරවක්‌කන්දෙන් හමු වී ඇත. ප්‍රෙටෝ ඓතිහාසික අවදිය වන විට ලාංකික මානවයා භාෂා ව්‍යවහාරය පිළිබඳ මනා දැනීමක් ලබා තිබු අතර මෙකල සංකේතාක්‌ෂර ලේඛන ක්‍රමයක් පැවති බවට සාධක පින්වැව සහ ඉබ්බන්කටුව සුසාන භූමියේ ශිලා මංජුසා පියන් මත ඇ`දි සටහන්ද අනෙයිකොට්‌ටේ ලෝහ මුද්‍රවල ඇති සංකේතවලින්ද මනාව තහවුරු වේ.
මේවායින් ඇතැමෙක් ඉන්දු නිම්නයේ සංකේතාක්‌ෂර වලට සමාන බවද පැවසේ. මීට අමතරව අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලදී ක්‍රි.පු. 600-500 අතර කාල පරාසයට අයත් බ්‍රාහ්මී අක්‌ෂර සහිත මැටි බඳුන් කැබලි ප්‍රමාණයක් ආචාර්ය ශිරාන් දැරණියගල විසින් සොයා ගෙන ඇත. මෙම සොයා ගැනීමත් සමගම ලෝකය උඩුකුරු වූ අතර බ්‍රාහ්මී ලේඛන ක්‍රමය ඉන්දියාවේ භාවිතා කිරීමට පෙර ඒවා ලංකාවේ භාවිතාවුණු බව උපකල්පනය කළ හැක. මීට අමතරව ස්‌ථර පුරා විද්‍යාත්මක සාධකවලට අනුව මෙරට ලේඛන කලාව ස්‌ථර වශයෙන් ආරම්භ වූ බව පවසන ක්‍රි.පු. 3 සියවස හෙවත් ආදී ඓතිහාසික යුගයේ බ්‍රාහ්මී ශිලා ලිපිවල ඇති පූර්ව බ්‍රාහ්මී පැරණි අක්‌ෂර අතර බ්‍රාහ්මී නොවන අක්‌ෂර සංකේත හමුවීමෙන් පෙනී යන්නේ මහින්දාගමනයට පෙර මෙරට ලේඛන ක්‍රමයක් පැවති බවය.
ලංකාවේ ගල් ගුහා ආශ්‍රිතව මෙවැනි බ්‍රාහ්මී නොවන අක්‌ෂර රාශියක් පුරා විද්‍යාඥ සුදර්ශන් සෙනෙවිරත්න විසින් සොයා ගෙන ඇත. මෙම අක්‌ෂරවලින් ඇතැම් ඒවාට සමරූපීභාවයක් පැරණි දකුණු ඉන්දියාවේ ත්‍රිච්නාපොලි - මධුරාපුර හා සින්නවේලි ආශ්‍රිත භූමි ප්‍රදේශවල හමු වී ඇති පුර්ව බ්‍රාහ්මී අක්‌ෂරවලද ඇත. එසේම ඉහත කී ප්‍රදේශ වලින් හමුවී ඇති උ, එ. ක, න, ප, ය, ර වැනි අක්‌ෂර වලට හැම අතින්ම සමාන අක්‌ෂර මෙරට ලෙන් වලින්ද සොයාගෙන ඇත.
මෙම සමානකම් ගැන අදහස් දක්‌වන නන්දසේන මුදියන්සේ මහතා පවසන්නේ උතුරු ඉන්දියාවේ ලේඛනයෙන් කැඩීගිය අමුතම බ්‍රාහ්මීය ලේඛන සම්ප්‍රදායක් අශෝක යුගය පෙර ලංකාව ඇතුළු දකුණු ඉන්දීය ප්‍රදේශවල පැතිරී යන්නට ඇති බවයි. එසේම මෙරටින් හමු වී ඇති බ්‍රහ්මී නොවන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමාන අක්‌ෂර ගැන අදහස් දක්‌වන පරණවිතාරනයන් පවසන්නේ හරප්පා සභ්‍යත්වය ආසන්නව විජය උපන් භූමිය පැවති හෙයින් ක්‍රි.පු. 3 පෙර ඔහු විසින් මෙරට හරප්පා සභ්‍යත්වය සමාන අක්‌ෂර ගෙන එන්නට ඇති බවත් ය.
කෙසේ හෝ වේවා මහින්දාගමනයට පෙර මෙරට ලේඛන කලාවක් පැවති බවට ලිඛිත ඓතිහාසික සාධක මහාවංසය, දීපවංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවලින් ද ලැබේ. නිදර්ශන ලෙස තමන්ට රාජාභිශේකය සඳහා ක්‍ෂත්‍රීය කුමාරිකාවක් ඉල්ලා විජය රජු විසින් පාණ්‌ඩ්‍යය දේශයට ලිපියක් යෑවීම, සුදුසු රජ කුමරකු ඉල්ලා විජය විසින් සුමිත්ත කුමරුට ලිපියක් යෑවීම වැනි කරුණු පෙන්වා දිය හැක. එසේම අදද සිංහලයේ භාවිතා වන ඔලුව, කකුල, කට, කලව, තොල, පොත්ත. බඩ, ළිඳ, ලිප, විලුඹ, වැනි වචන ආර්යය නොවන ස්‌වදේශීය වචන බව පෙනේ.
ඉහත කී කරුණු වලට අනුව ආදි ඓතිහාසික යුගයේ භාවිතා කෙරුණු බ්‍රාහ්මී අක්‌ෂර හා ව්‍යවහාරයන එය දායාද කොට දුන්නා යෑයි පවසන මහින්දාගමනට පෙර සිටම දායාද වූ බව කිව හැක. විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්‌ෂර මාලාව හරප්පා රූපාක්‌ෂර වලින් සකස් වූ බවත් එසේ සකස් වීමෙන් පසුව ඉන්දියාව පුරා භාවිතයට ගැනුනු බවත් බහුතර පුරාක්‌ෂර විද්‍යාඥ මතයයි. ප්‍රාදේශික අනන්‍යතා ඇතිව ඒවා හැඩ ගැසුනු අතර ද. ඉන්දියානු බ්‍රාහ්මී අක්‌ෂර දෙරට පැවති සබඳතා හෙයින් මෙරටට සංක්‍රමණය වන්නට ඇතැයි තර්ක කළ හැක.
ඒ හෙයින් මෙරට ජනතාවගේ සාක්‌ෂරතාවය මහින්දාගමනය සීමා කිරීම තර්කගෝචර නොවේ. එසේ ලක්‌දිව භාවිතයේ තිබුණු අක්‌ෂර මාලාව බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලාගේ පැමිණීමෙන් පසුව වෙනත් මූලයන්ගේ බලපෑමත් ආභාසයත් ඇති ව වර්ධනය වූ සේ ගැනීම වඩාත් තර්කගෝචර වෙයි. එබැවින් ආදි ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව හා භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කරන විට එහි අභිවර්ධනයේලා කිසියම් දුරකට මහින්දාගමනය පෙර සිට වර්ධනය වෙමින් පැත ආ ලේඛන ව්‍යවහාරයක් හේතු වන බව නිගමනය කළ හැක.
ඉසුරු හේරත්A day in the life
0 comments:
Post a Comment