Friday, May 30, 2025

වෘත්තීය සමිති.




ශ්‍රී ලංකාවට තිබෙන ලොකු අභියෝගයක් ලෙස Trade Union Culture එක ගැන අපි නිතර කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ Trade Union Raj එකක් කියලා කියන්නේ ඒකයි.

 


ඇත්තෙන්ම ඒක තමයි මීළඟට ජය ගන්න තියෙන අභියෝගය. ඒ නිසාම ඒක දැවැන්ත ප්‍රතිසංස්කරණක් විදියට අපි දිගින් දිගටම කතා කළා. දැන් ඒකේ අභිමුඛව අපි ඇවිත් තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සහ රාජ්‍ය ව්‍යවසායන් සියල්ලකම පාහේ සේවකයන් ප්‍රභල වෘත්තීය සමිති හදාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවා ඇතුලේ වෘත්තීය සමිති වර්ගීකරණය වෙලා පැටව් දාලා තියෙන්නේ.
මේ වෘත්තීය සමිති සංස්කෘතිය පුද්ගලික අංශයටත් සෑහෙන දුරකට බෝවෙලා තිබෙනවා. ඒ නිසාම සමහර පුද්ගලික සමාගම් අපේ රටේ මෙහෙයුම් පවත්වා ගෙන යන්නේ තරමක බරක් දරාගෙන.
 
දැන් මේ වෘත්තීය සමිති සංස්කෘතිය ඇතුලේ ලොකුවටම තියෙන්නේ දේශපාලනය. මේ වෘත්තීය සමිති හැම එකක්ම පාහේ රටේ දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධයි. එකම වෘත්තීයක් ඇතුලේ විවිධ පක්ෂ වලට වෙනම සමිති.
රටේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා එතුල ලැබෙන මානව අයිතීන් ඇතුළේ වෘත්තීය සමිති නිර්මාණය කර ගන්නත්, ඒ හරහා සිය සේවක අයිතීන් වෙනුවෙන් කටයුතු කරන්නත් සේවකයින් ට අයිතිය ලැබෙනවා ඒ විතරක් නෙවෙයි සිය සාමාජික සංඛ්‍යාව යම් පමණක් ඉක්ම ගිය පසු ඒ සේවක සංගමයේ නිලතල දරණ අයට නිශ්චිත රාජකාරියක් නොකොට සංගම බලා කියා ගෙන ඉන්න පුළුවන් වැටුප් ගන්න ගමන්. සේවක සංගමයට සමාජික මුදල් එකතු වෙනවා වගේම ඒකෙන් අර තමන්ගේ දේශපාලන පක්ෂයට ආධාර අනුබල දෙන්නත් පුළුවන්. ඉතිං සිය ලැබැඳියාව තිබෙන දේශපාලන පක්ෂය සහ මේ සංගම් අතර හොඳ අන්‍යොන්‍ය අවබෝධයක් තියෙනවා. මේක හොඳට පේන්නේ මැයි පළවෙනිදට.
 
මේ වෘත්තීය සමිති සංස්කෘතිය දියුණු කරලා ශක්තිමත්ව පවත්වා ගෙන යන්න කටයුතු කළ ප්‍රධාන පක්ෂය උනේ ජවිපේ. ජවිපේ අනුගමනය කරන කොමියුනිස්ට් සංකල්පය ක්‍රියාත්මක රටවල වෘත්තීය සමිති තහනම්. චීනය, වියට්නාමය වගේ රට වල හොඳ ශ්‍රම බලකායක් සිටියත්, ඔවුන් ඉල්ලීම් ඉල්ලගෙන උද්ඝෝෂණ, වර්ජන කරන්න යන්නේ නෑ. ඒවා එහේ ආණ්ඩුවෙන් පාලනය කරනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඉන්න ජවිපේ වෘත්තීය සමිතියියි, ඒවා එකතු කරලා සම්මේලනයි හදා ගෙන මේ රටේ යකා නටනවා. 
දැන් රට පත් වුන ආර්ථික අර්බුදය ඇතුලෙදි ඒකෙන් එතෙර වෙන්න අපි ආයෝජන ගෙන්න ගන්න ඕනේ, රාජ්‍ය සේවකයන් අඩු කරන්න ඕනේ, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කරන්න ඕනේ, කම්කරු නීතිය වෙනස් කරලා අලුත් කරන්න ඕනේ. කෙටියෙන් කියනවා නම් මේ ටික කරන්න වෘත්තීය සමිති වල මේ තියෙන බලය අඩු කරන්න ඕනේ. 
හැබැයි දැන් අපි රටේ බලය දීලා තියෙන්නේ වෘත්තීය සමිති වලින් නිර්මාණය වුන, වෘත්තීය සමිති සංස්කෘතියේ පුරෝගාමී දේශපාලන ව්‍යාපාරයකට. ඒ සමිති සංගම් වලට බොරු පොරොන්දු කිලෝ ගණන් දීලා, පුද්ගලීකරණය කරන්නේ නෑ, රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නෑ, බෝනස් දෙන්නම්, වැඩි පඩි දෙන්නම් කියලා තමයි ඡන්දය ගත්තේ. දැන් ඒ නිසාම ඊළඟට තිබෙන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ඔවුන්ට බෑ. හිරවෙලා. ඒ නිසාමයි ජනාධිපති මැයි දිනය දවසේ කියන්නේ හූණු බිජුවක දෙයක් ඉල්ලන්න එපා ඉවසන්න කියලා. හැබැයි තාම මැයි මාසේ ඉවර උනෙත් නැ තැන තැන උද්ඝෝෂණ පටන් අරගෙන, වර්ජන එන්න හදනවා. 
මේ ඔක්කොම අස්සේ ජවිපේ වෘත්තීය සමිති වලින් ආයතන වලට කරන බලපෑම වැඩි වෙලා. සේවක වැටුප් මත ඇති පීඩනය නිසා ශ්‍රී ලංකාවේ අපනයන සැකසුම් වල නිෂ්පාදන වියදම වැඩියි. ඒ නිසා ඒවා දැනටමත් අමාරුවෙන් ඉන්න කොට වෘත්තීය සමිති වලින් හැදුන පක්ෂයක් බලයට ඇවිත්, ඒවායින් පරිපාලනයට කරන බලපෑම කියන්නේ කට්ට පැනිල්ලක්. ඒ උඩට Trump Tariffs බොම්බෙත් පත්තු උනහම ගොඩක් කර්මාන්ත වලට කරන්න තියෙන option එක තමයි තත්ත්වය තවත් අවුල් යන්න කලින් වෙන රටකට relocate වෙන එක. ඒ නිසා අපිට මේ රටේ පවතින කර්මාන්ත පිටවීමක් දකින්න පුළුවන්. 
වෘත්තීය සමිති වල ඉන්න සියළු සාමාජිකයන්ට කියන්න තියෙන්නේ ඔයාලා ඔය සංගම් ඇතුලේ ඉඳගෙන කරන වැඩෙන් ඔයාලගෙම රටයි, දරුවන්ගේ අනාගතයයි අවුල් යනවා කියන එක තමයි. තමන් strike කරන කොට තමන්ට බලනොපෑවට අනිත් හැමෝටම බලපානවා. එතනදි ඔයා පීඩකයා වෙනවා වගේම වෙන කෙනෙක් strike කරන කොට ඔයා පීඩිතයා බවට පත් වෙනවා.
ඊළඟ අර්බුදය තෙල් නැති වෙන එක නෙවෙයි රස්සා නැති වෙන එක. Mass Unemployment එක.
 

පැතුම් කර්නර්

A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon