Tuesday, May 13, 2025

දිව්‍යලෝකේ බොරු මීටරේ .






සිරිපාල හදිස්සියේම මැරුනා.
දවසක් දෙකක් ගෙදර වටේ කරකැවී කැවී හිටියත් සිරිපාලගේ අදහස සම්පුර්න වුනේ නෑ.
ගෙදර මිනිස්සුන්ට පළවෙනි දවසේ තිබුන දුක වේදනාව දෙවෙනි දවස වෙන කොට පාවෙලා ගිහිල්ලා. උඩ බලා ගෙන හිටියත් ඇති කියලා දැන් සිරිපාලටත් හිතිලා. 
අඩන  දොඩන  සීන් වලින් අනම් මනම් දොඩන සීන්වලට හෙමින් හෙමින් මාරු වෙලා. 
පස් යට හිර වෙන්න කලින් මෙතනින් මාරු වෙන්න ඕන කියලා හිතපු සිරිපාල ගෙදර ඉස්සරහ අඹ ගහේ අත්තකුත් ජර බරාස් කියා ගෙන එතනින් මාරුවුනා.

 

සිරිපාල කෙලින්ම ගියේ දිව්‍ය ලෝකෙට.
තඩි ගේට්ටු වහලා.  සිකුරිටි දිව්‍ය පුත්‍රයෝ රාජකාරි මාරු වෙන වෙලාවද කොහේද ?.කවුරුත් පේන්න නැහැ. වට පිට සිරි නරඹමින් ඇවිදගෙන යන කොට දිග තාප්පේ පේලියට බිත්ති ඔරලෝසු ගොඩාක් එල්ලලා තියෙනවා දැක්කා. සිරිපාලට ලොකු ප්‍රශ්නයක් ?. 
මොකටද මෙච්චර ඔරලෝසු...............?.

ඔහේ ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්නකොට ඩියුටි මාරුවෙලා සිකුරිටි දිව්‍ය පුත්‍රයෝ ස්ථාන ගතවෙනවා. සිරිපාල හෙමින් හෙමින් කිට්ටු කරලා ආ ගිය තොරතුරු කතා කරන්නත් ඉස්සෙල්ලා " මොකක්ද අප්පේ මෙච්චර ඔරලොසු ගොඩක් ?."  කියලා දිව්‍ය පුත්‍රයෙක් ගෙන් ඇහුවා.

අපි ඉතින් එක එක දේවල් වල් මැන ගන්න එක එක උපකරන පාවිච්චි කරනවානේ !. ඔරලෝසු වලින් තමයි බොරු කියන ප්‍රමානය මැන ගන්නේ. ලෝකේ ඉන්න හැම කෙනාටම එක ඔරලෝසුව ගානේ තියෙනවා !.

ඔරලෝසුව අයිතිකාරයා බොරුවක් කිව්වාම ඔරලෝසු කට්ට එක වාරයක් කරකැවෙනවා එක පාරක් කරකැවුනාම අර කවුන්ටරේ " එකායි " කියලා සටහන් වෙනවා. ඔහොම කියන කියන බොරුව මෙහේට එනකම්ම .......කියන බොරු ප්‍රමානය සටහන් කර ගන්නවා.

දිව්‍ය පුත්‍රයා හිනාවෙමින් පැහැදිලි කර දුන්නා.
විමසිල්ලෙන් දෑන් සිරිපාලගේ ඔරලෝසුව හොයනවා. 
සිරිපාල දැක්කා ඔරලෝසුවක් ඒකේ  තාම එක කට්ටක්වත් කැරකිලා නෑ.  
කවුන්ටරේ සීරෝ ..

"කාගේද අප්පා මේ ඔරලෝසුව ?."   

“ආ මේක බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගේ උන්වහන්සේ ජීවිතේටම එක බොරුවක්වත් කියලා නෑ........... " 

ඒක නිසා තාම කටු ඒ විදියටම තියෙනවා. කවුන්ටරෙත් සීරෝ ” දිව්‍ය පුත්‍රයා උත්තර බැන්දා.

“එතකොට අර තියෙන්නේ ?” තව ඔරලෝසු පෙන්නලා සිරිපාල අහනවා.

දිව්‍ය පුත්‍රයා , සිරිපාල ආවේ ශ්‍රී ලංකාවෙන් නිසා මනුස්සයා ඕපදූප කාරයෙක් කියලා මුලින්ම හිතා ගත්තා.

මේ තියෙන්නේ ඩී. එස් . සේනානානායක මහත්තයාගේ ......එතුමා බොරුකියලා තියෙන්නේ දෙකයි. 

මේක සර් ජෝන්ගේ , මේක ඩඩ්ලිගේ ......මේක බණ්ඩාරනායක මහත්තයාගේ .......ඒවායේ කවුන්ටර් වල තියෙන්නේ පහට පහත ගනන්. .........ඔය විදියට කියා ගෙන යනවා.  

සිරිපාල කියනවා "හෝව් හෝව් මට තේරුනා ...මට තේරුනා මට පෙන්නන්නකෝ ඊයේ පෙරේදා අලුතින් එකතු කරපු ඔරලෝසුව." 

එතකොටයි දේව පුත්‍රයාට මතක් වුනේ .විශේෂ නියෝගයක් මත ඔරලෝසුවක් සක්‍රයාගේ ඔෆීස් එකට ගෙනිහින් ඔලුවට උඩින් හයි කර ගත්ත විත්තිය.  
දැන් ඒක ශක්‍රයා සීලිං ෆෑන් එකට අරගෙන.

 ( උපුටා ගන්න ලද්දකි.)


A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon