ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2025-05-03

Lenin in Paris




මේ ප්‍රසිද්ධ සහ වටිනා චිත්‍රය මොස්කව් ආර්ට් ගැලරියේ ප්‍රදර්ශනයට තබා තිබුණි...
එහි නම වූයේ,
'Lenin in Paris'/ 'ලෙනින් පැරීසියේ'
යන්නයි..
කවුරුත් අනුමාන කලේ ලෙනින් පැරිසියේ ඉන්න කාලයේ හමුවූනු ලඳක් සමග යහනේ ඉන්නවා කියලයි. නමුත් කිසි දිනක කවුරුවත් එහි තේරුම චිත්‍ර ශිල්පයාගෙන් අසා නොතිබුනි..
වසර හතලිහකට පමන පසු, එක් තරුණයෙක් වයෝවෘද්ධ චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍රය ගැන කතා කොට මේ ප්‍රශ්නය ඇසුවේය...
"දැන්වත් ඔබ කියනවද ඒ ගැහැනිය කවුද කියා..?"
"ඒ නදියෂ්දා කෲප්ස්කායා"
ඔහුගෙ පිලිතුර විය.
ඒ ලෙනින්ගේ නෝනගෙ නමයි.
"නෝනයි මහත්තයයි ඇඳේ ඉන්නේ, මේ පැරිසියේ ද..?"
"නෑ මේ මොස්කව් ක්‍රෙම්ලීනය ඇතුලේ.."
"ඉතින් ඒ ඉන්නෙ ලෙනින් නේ..?"
"නෑ.... ඒ ස්ටාලින්"
"මොනවා...? එතකොට කෝ ලෙනින්..?"
"ආන්න ඒකයි චිත්‍රයේ නම වෙන්නේ - ලෙනින් පැරීසියේ (Lenin in Paris).
..
ජය ❤❤
Jordan M Fernandes

පලි.
ලෙනින්ගේ ස්ටාලින් ගේත් දේශපාලනික වෙනස මෙසේ දැක්වුවා ද ? කියලත් හිතෙනවා.

A day in the life

0 ප්‍රතිචාර: