Saturday, August 03, 2024

මදැයි ඔයින් බේරුනා








ජනාධිපතිවරණය උනුුසුම් වෙමින් තිබේ. කකුළුවෝ එකා දෙන්නා උණු තෙල් තාච්චියට බසිමින් සිටී. පිච්චී විනාශ වන බව දැන දැනම මොවුන් පනින්නේ මැතිවරණ කොමිසම විසින් වියදම් කරන ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නට මිස වෙන මොන මගුලකටදැයි මම සිතමි.
මමත් මෝඩ වැඩ කරන බව තේරුම් ගියේ විශ්ලේෂකයින්ට පහසු වෙන්න කියා 2019 ජනාධිපතිවරණ ප්‍රතිපල මෙටාවේ පලකරන්න යාමෙනි.
මගේ පෝස්ට් එකේ

සමස්ත ඡන්ද ප්‍රතිපලය.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- ඡන්ද 6,924,255 (52.25%)
සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- ඡන්ද 5,564,239 (41,99%)
අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- ඡන්ද 418,553 (3.16)
තිබුනේ එපමනකි.

ලැබුන ප්‍රතිචාර නම් අපුරුය.
කියවන්නන්ගේ මනස විකාර වී ඇත්දැයි මට සිතිනි.
මේ ඒක් මෙටාවෙක් මා සමග කළ සංවාදයයි.. ඔහු මගේ පෝස්ට් ඒකේ ගියවර ජාතික බලවේගය ගත් ඡන්ද ප්‍රතිශතය පලවී තිබිම ගැන උරණ වී තිබිනි. මම ඒ්ටිකට අහගත් අවලාද බලන්න.
N
ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින්
මම
මාර නිගමනයක් නේ ...
N
ඔබතුමා මේ පෝස්ට් එකෙන් දෙන්න හදන නිගමනය වර්තමාන දේශපාලන තත්වයේ අවබෝධයෙන් ඉන්න කෙනෙකුට අමු මෝඩ නිගමනයක්
මම
මේ පෝස්ට් එකේ තියෙන්නේ ගියවර ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලය . ඒක මේ පාරට අදාල නැහැ .නමුත් ගෝඨාභය ගත් ඡන්ද යන තැන් ගැන හිතන්න මුලාශ්‍රයක් ඒ දත්ත තුල තියෙනවා
මම
"ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින් " මෙවැනි නිගමනයන්ට එන්න ඔබ ප්‍රමාණිකයෙක් කියලා ඔබම පසුව පල කරලා තිබුනා .මම කනගාටු වනවා නිසරු මතවාදයක් පල කලාට. ( ඔහු ඉහල අධ්‍යපනයක් ලත් ව්‍යාපාරිකයෙකු බවත පලකර තිබිනි. 
N
සජිත්ට මේ පාර ඔය ඡන්ද ටිකවත් ගන්න බෑ.
ඥාති පුතාට ලබන පාර විපක්ෂයටවත් පාර්ලිමේන්තු යන්න දරන උත්සාහය හොඳයි. 
මම
ඒ වෙන ගමනක් .මෙටාවේ අදහස් මතිමතාන්තර පලකරන්න මට බාදාවක් නැහැ .මගේ සිතැගියි මම ලියන්නේ .
N
ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබේ අදහස් හා ඔබේ ඡන්දය මත මගේ දරුවාගේ අනාගතය තීරණය වෙන හින්දා ඔබේ අදහස් හා ඔබේ දේශපාලන චින්තනය පැහැදිලිවම වැරදියි කියලා මගේ අදහස පල කරනවා.ඔබ ප්රභූ දේශපාලන පවුලක ඉහළම කෙනෙක් නිසා ඔබත් එක්ක විතරක් මේක තර්ක කරලා වැඩක් නෑ. ඔබේ මතය ඔබේ අදහස දරන ගොඩක් දේශපාලන නූගත් මිනිස්සු ගොඩක් ඕගොල්ලන්ගේ අදහස වටේ එකතුවෙලා ඒවට චන්දෙ දීලා කාලයක් මේ රට පාලනය කළා. ගෝඨාභය එනකොට එයාට සජිත්ට එනකොට එයාට විදිහට මේ රට ගොඩක් කල් ඔයගොල්ලෝ පාලනය කරානෙ අපි හැමදාම කියන්නේ ඔය ක්රමය වැරදි මහජන පාලනයකට මේ රට යන්න ඕන ඔයගොල්ලෝ වගේ තව පවුල් කීපයක් (සීයක් වගේ) ලංකාව පුරා එකතු වෙලා මේ රට මෙච්චර කල් පාලනය කරේ, ඒක වැරදියි. ගමේ පොඩි මිනිහට පාලනයට එන්න අවස්ථාවක් හැදෙන්න ඕන, ඒ අවස්ථාව මෙච්චර කල් තිබුනේ ඉතාම සුළුවෙන්, ජාතික ජන බලවේගය අපි වගේ පුංචි මිනිස්සුන්ටත් ඒගොල්ලන්ගේ පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා ඒක නිසා අපි ඒකට කැමති. දේශපාලන පවුලක ඉපදුනා නම් මමත් ඔය මතය දරන්න ඉඩ තිබුණා. මොකද භුක්ති විඳින්න හම්බවෙන දේශපාලනික අත්දැකීම් මත දේශපාලන තීරණ ඒ වගේ වෙනවා, හැබැයි රටේ බහුතරයක් මිනිස්සු ඔබතුමාලා වගේ ප්රභූ දේශපාලන පවුල්වල අය නෙමෙයි අන්න ඒකයි මම ඔබතුමාගේ සජබලට හිතවත් පෝස්ට් වලට කමෙන්ට් කරන්න හැබැයි මම දන්නවා තමන්ගේ දේශපාලන පවුලේ අනාගතය වෙනුවෙන් කැපවෙන ඔබත් එක්ක තර්ක කරලා ඔබ වෙනස් කරන්න මට බෑ. හැබැයි ඔබ ජයග්රහණය කරන්න හදන දේශපාලන මතය වැරදි ඒක වෙනුවෙන් තව දේශපාලනය නොදන්න දේශපාලන නූගත් මිනිස්සු එකතු වුණොත් රටට ලොකු හානියක්.

මම

දැනුම්වත් කලාට ස්තුතියි .

 සටහන

 අපි 71 දැක ඇත්තෙමු .88 -89 දැක ඇත්තෙමු . යකඩෙන් ලෙයින් කදුුලින් නිමවු ඒ අතීතය යලිත් බිහි නොවනු ඇතැයි විශ්වාස කරමු. ඒ නටබුන් තුලින් මතුවන දෝංකාරයක් ඇත්නම් එයට බියවමු. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ විට කලාමැදිරියාටත් අප බියවමු.

බිමෙහි දේශපාලන හැසීරීම මගේ හැසිරීම නොවේ. අවුරුදු 76 ක පැවැත්ම එක් එක් අය තේරුම් ගෙන ඇති ආකාරය වෙනස් බැවින් ප්‍රතිචාර ද වෙනස් වේ. රටට යහපත් කළමනාකාරිත්වයක් තිබිය යුුතුවේ. උඩ සිට පහල මට්ටම දක්වාම විධිමත් පාලනයක් ඇතිවිය යුතුවේ. මේ බව හදුනා ගෙන ඇත්තෙක් රටට නායකත්වය දෙන විට රට සමෘද්ධිමත් වේ. නිතර වැරැද්ද නිවරදි කරනු පිණිස කෑ මොර දෙන පිරිස් වෙත බලය හුවමාරු වීමෙන් සංහිදියාවක් සහ සහයෝගීතාවයක් උපදින බව මගේ හැගීමයි.

 


A day in the life

0 comments: