අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Sunday, August 25, 2024

8/25/2024 08:00:00 am
1




කිරිදි ඇල්ල මගේ මතකය දශක පහකටත් එහා අරගෙන යනවා. අපි දහයේ එකොළහ වසර වල ඉන්න කාලේ...........සෑම සැමරීමකම තෝරා ගන්නේ කිරිදි ඇල්ලට චාරිකාවක්.


එදා අද වගේ ජනාකීර්ණ නැහැ. යාබද සරු සාර තේ වත්තක්. අද ජනාකීර්ණ වෙලා තේ වගාව වෙනුවට අවුුරුදු තිහ හතලිහයක් වයස වනාන්තරයක්. අපි පැල්මඩුල්ලේ සිට මේ ගමන ගියේ දෙනවක ගග දිගේ. අතරින් පතර කෛටි මාර්ග ගම්මාන පහුකරගෙන මේ ගිය ගමන් චමත්කාරයි. අපිට පින්තූර ගන්න කැමරා තිබුනේ නැහැ. ඒත් හිතේ ඇදුන පාරිසරික සෞන්දාර්මක චිත්‍ර තවමත් අවධි කරන්නේ සුනන්දරාත්මක මතකයන්.


රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටාපිටිය අතුරු මාර්ගයේ කිලෝ මීටර් හතක් දුර ගෙවන කුට්ටා පිටිය හමුවනවා.කුට්ටටාපිටියේ ශ්‍රී පාද රක්‍ෂිතයේ කිරිදි ඇල්ල පිහිටා තියෙනවා.

උසින් ලංකාවේ දිය ඇලි අතර හත්වෙනි ස්ථානය ගන්නේ කිරිදි ඇල්ල. උස මීටර් 116 යි.

දියඇල්ලේ පාමුලට ලගාවෙන්න නම් මාර්ගයේ ඉදන් තවත් මීටර් 500ක් විතර පල්ලෙහාට ගමන් කරන්න ඕනෙ. කිරිදි ඇල්ල සංරක්ෂණය කිරීම හා වැඩිදියුනු කිරීමේ ව්‍යපෘතිය මගින් ඇල්ල පාමුලටම යනකම් තියෙන අඩිපාර පඩිපෙළවල් හදලා සකස් කරල තියෙනවා. ඒත් වර්තමානෙ වෙනකොට මේ මාර්ගය නඩත්තුවක් නැතිකමින් වල්බිහි වෙන්න පටන්ගෙන තියෙන නිසා ගමන ටිකක් දුශ්කරයි.


 



A day in the life

1 ප්‍රතිචාර: