මොකද දැන් ලියන්නේ නැත්තේ. ?.
මළ ගෙදරකදී හමුවු සහෘදයෙකුගේ පැනයක්.
මට උත්තර නැත.
ලියන්නත් කම්මැලියි මම කියමි. නවය දහය වන විට නිදිමතයි.
සිරුර ඉල්ලන්නේම විවේකයයි.
නිදාගනිමි.
සුවසේ නිදා ගනීදැයි මම නොදනිමි .
සීයා ගේ කාමරයේ “ලී මෝලක් සවි කර ඇති බව” නම් මුනුපුරන් නිතර කියති.
පාන්දර හය වන විට ඇහැරෙයි.
ඇදේ සිටම තවමත් ජීවත්ව සිටීදැයි මම මගෙන් විමසමි.
ඔව්. ඔබ තවමත් ජීවතුන් අතරය.
ලීමෝල නතරව තිබුනොත් ............................සීයා ගිය බව සිතනු ඇත.
දවස අරඹයි.ඒ දවසත් ගෙවීයයි.
ආයෙත් පෙර පරිදිමචක්‍රය කරකැවේ .
එය මගේ ජීවිතය වී තිබේ.
කුමක් හෝ රූපවාහිණි විකාශනයක පත්තර පිටුව බලමි.
මේ දිනවල නම් මැතිවරණ කතා බොහොමයකි.
මේ හැම කතාවකම පම්පෝරි මිස නිර්මාණාත්මක දෙයක් නැති තරම්ය
ආර්ථිකයට සල්ලි පොම්ප කරන කතාවක් අසමි.
පොම්ප කරන්න උනන්නේ කොහෙන්දැයි දේශකයාද නොදනී.
වැඩසටහනේ වැදගත්ම කොටස කාටූන් ශිල්පීන්ගේ කාටුන්ය.
පහන් සිතින් ඒකොටස නරඹමි.දවසේ රූපවාහිණි වැඩ සටහන් නැරඹීම එතෙකින් අවසන් වේ.
අනෙක් වීෂුක දර්ශන වැඩ සටහන් නැරඹිය නොහැකිය.එතරම්ම ඒවා එකාකාරීය නිසරුය .
අවුරුදු දහයක පමන කාලයක් ටිකින් ටික වෙනස් වෙමින් වර්ධණවු ජීවිත රටාව පසුගිය අවුරුදු දෙක තුල සීග්‍ර ලෙස වෙනස් වෙන්නට පටන් ගති.
ලියමින් සිටි වියමන්ද ටිකින් ටික අවපාතය කරා යමින් සිටී.
සීනී වලන් පටන් ගත් වෛද්‍යවරයා කොලොස්ටරෝල් වලටත් හෘද වේදනාවටත් දැන් වකුගඩුවේ අසාදනයකටත් පිලියම් සොයයි.
ඒ සමග “ මිස්ටර් ලයනල් , බලන්න කොන්ඩේ සුදු වෙලා...හම ටිකින් ටික රැලි වැටිලා....ඇස් කන්නාඩි යෙන් සැරසිලා. කන්නාඩියත් වරිනි වර අළුත් වෙනවා. ඇග පතේ රුදාවල් පෙරට වඩා දැනෙනවා... මහන්සි ගතිය වැඩියි..
ගනන් ගන්න එපා . අපි ටිකින් ටික බලමු” .
මම පෙරට පනිමි.
“ජීවිතේ ඔහොම තමයි.අපි ගනන් නොගෙන යමු”.
වෛද්‍යවරයා සිනාසෙයි.
මට ගෙවන්න වෙන්නේ චැනල් සෙන්ටර් එකේ සේවා ගාස්තුව පමනි.
වෛද්‍යවරයාට ස්තුති කරමි.
ඔසුසැලට ගියවිට මාසෙක ඖෂධ සදහා ඉලක්කම් පහකට ආසන්න මිලක් ගෙවමි
මා සුවපත්ව සිටීද ? මම විමසමි.
හා හා ඔයා ඔහොම ඉන්න. ඔයාට ඕක කරන්න බැහැ
හැමදෙයින්ම මා වලක්වයි
සීයාට බැහැ. සීයා වැටෙයි.
තාත්තා නිකම් ඉන්න
කෝ මම කරන්නම්.
මම නිකම්ම දුබලයෙක් වෙමි.
සහෘදයෝ එකා දෙන්නා කඩුළු දවාගෙන පිටියෙන් නික්ම යති.
පොදු ව්‍යාධි කන්දරාවක් සහෘද සමාගම සතුයි
එක්කෙනෙක්වත් තමන් ගේ සෞඛ්‍ය තත්වය නොවිමසති.
විමසුවත්....
“බෙහෙත් බිබි සනීපෙන් සිටිනවා ”
සමාන පිළිතුරක් ලැබේ
3 comments:
ඕක තමයි අපි හැමෝටම වෙන්නේ
කොහොම උනත් ඔබට දිගාසිරි පතමි
කියවීම සහ ලිවීම තමයි හොඳම බෙහෙත මට නම්. විශ්‍රාමය දීලා තියෙන්නේ වැඩ කරපු කාලේ කරන්න බැරි උන දේ කරලා සතුටෙන් ඉන්නයි.
Just take it easy. I am also in the same boat. Just enjoy the moment, don't think very far...Have a good day...
Post a Comment