මහගෙදර කුස්සියේ පැදුරු ආනක තිබුණු
රටා පැදුරක් අරන් දිග අරින්නෙමි සොඳින්
රතුපාට සුදුපාට ජ්‍යාමිතික හැඩ මවන
රමණීය පන් පැදුර මගේ ඇස ගැටෙනවා .
මිටි බංකුවේ හිඳ යොදා කඩිසර දෑතවකුටු වී නැමීගෙන රෑපුරා නිදි වරානිදි කුමාරිගෙ ඉඳන් කියූ රස ජන කතාපන් ගහක් ගානේම තැවරිලා තියෙනවා .
අත්තම්මගේ සුමුදු පන් පැදුරෙ නිදියන්ටපොරකාපු දඟ එවුන් රටෙත් නෑ දැකගන්ටකඳු ශිඛර තැනිතලා නිම්න හා බඩවැටි දපැදුර මත දිග හැරුණු අපූරුව පෙනෙනවා .
සැවැන්දර සුවඳ දෙන කම්බාය ඇන්දාමඋකුලෙ හිස තියාගෙන ඇස් පියං ඉන්නවාඔළුවෙ නිය ගගහ ඈ සෙත් පිරිත් කියනකොටපොඩි වුන්ට පන් පැදුරෙ රස හීන පේනවා .
කාල යානය දිගේ අතීතෙට දුවනකොටසිහිනයෙන් ගෑ සුවඳ පන් පැදුරෙ එතෙනවාපරිගණක සිරමැදිරි අතර අපි දැවෙන කොටබිඳුණු ලෙන්ගතු හැඟුම් හිතේ ඉකි බිඳිනවා .
---------රෝ.සි.
1 comments:
අත්තම්ම කෙනෙක්ගේ ගෙදරක පැදුරුවල නිදාගෙන තිබෙනවා . ඇත්තටම ලෙන්ගතුයි ඒක
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.