ගේ ඉදිරිපිට පාරෙන් නිරතුරු ඇසෙනාසුපුරුදු හඬක් විය පීකරයෙන් කියනාපොල්කටු පොල්මැඬිද අප ඉවතට දමනාමිලකට ගන්නවලු නොම අදහන වටිනාපත්තර පරණ පොත් හා යකඩද තිබෙනවත්තට පැමිණ බැලුවේ කොලුවෙකි තරුණතිස්සෙම නැතත් ඉඳහිට දවසක රැගෙනදුන්නා අතට මුදලක් බිරිඳට ඔබිනමේ ලෙස ගෙවෙන විට කාලය නොදැනීමබිරිඳගෙ සිරිත විය උදයෙහි අතුගෑමපොල්කටු ලොරිය දැක මිදුලෙහි ගැවසීමමගෙ ඇසගැටුනෙ නැහැ කරුමය පලදීමමෙච්චර ඉවතලන දේ නිතරම පිරුනේකොයිලෙසකින්ද නිකමටවත් නෑ හිතුනේළංවන විටදි රිය ඒ දෙසටම ඇදුනේලස්සන මලක් මෙනි ඇගෙ මුහුණම පිපුනේදිනකදි පුරුදු ලෙස පැමිණෙන කල ලොරියඑළියට ඇවිත් වටපිට බැලුවා බිරියමහලොකු මල්ලකුත් පටවා ගෙන දිරියඅසුනට ගොඩවුනා අයියෝ වුන හරියඇදිලා යන ගමන් ලොරියෙන් හිස පෙව්වාමා දෙස බලබලා ඈ මා වෙත රැව්වා"අහපන් මචං" මම උන් පස්සෙන් දිව්වා"ප්ලාස්ටික් බේසමක්වත් දීපන්" කිව්වා
පී. ජී. ආරියපාල
0 comments:
Post a Comment