මාතර යුගයේ හිටි කවියන් අතර,
සංකීර්ණ චරිතයක් "බරණ ගණිතාචාර්ය තුමා".
සාමාන්යය වහරෙදි "බරණ ගණිතයා".
"ආර්ථිකය හා නීතිය" විෂයෙහි බලපෑමක් කළද,
අධ්යාපනය පැවතුනේ පන්සල කේන්ද්ර කර ගෙනම,ය.
සිටිනාමළුවේ යතීන්ද්රයන් වෙතින් ශිල්ප හදාල බරණ,
වෙසෙසින් ප්රසිද්ධ වන්නෙ,"වස් කවි,සහ සෙත් කවි"ප්රබන්ධය පිළිබඳව ය.
මෙනිසා බරණට මිතුරන්ට වඩා සතුරන් වූ බව කියති.
"වනපොත් කිරීම"හෙවත්"කට පාඩම් කිරීම"ශිල්ප ක්රමයක් ලෙස සැළකුන
මේ අවදියේ මිනිසුන්ගේ "මතක තබා ගැනීමේ ශක්තිය "උසස් එකක් විය.
අහම්බයකින් බරණ ගණිතයාට මහමඟදී හමුවන
නොඑසේනම්,කිරින්දට දීග ගොස්
තම ගමට පැමිණ ආපසු යන
රෑමත් ළඳක් දැක බරණ ගණිතාචාර්ය වරයා එකෙනෙහි පබැඳූ
මෙම කවිය මෙළෙස යළි ඇසුරු කරන්නට නොලැබෙනු ඇත.
"සුරින්ඳගේ අඟනන් මෙන - බරින් බිමට බටු සන්දන
කිරින්දෙ සිට අවුදින්,යන - බිරින්දගේ සොබනා
රැවින්,ඇගේ යසසින්,වන - රතින්ඳුගේ,ඔද සින්දන
ලෙසින් කියමි එළඳුන් ගැන - සිතින් හැඟෙන පමණා
"තදින් තකිට දිමිතොන්" ,යන -පෙදෙන් නටන ඇගෙ පුන් තන
එරන් තිසර පැටියන් මෙන - නෙතින් නෙතට පෙණුනා
මෙවන් අඟන මට දැන් ගෙන - විඳින්ට රති සැප දුන් තැන
ඔවුන්ට දෙමි මසුරන් ගෙන - රැකෙන්ට මට තිබෙනා
රැවින් සදසි සිරිකල් වන - නුවන් යුගැති ඉඳුනිල් වන
කුසුම් වරළ සිකිපිල් වන - ගගන් අකුස විලසා
ලෙවන් අදර වදමල් වන - දසන් දෙපල කොඳතුල් වන
වදන් කියන සුරතල් වන - පෙමින් බලන අඩැසා
සුපුන් දෙතන සුලකල් වන -පෙදින් පෙදට නිති සෙල්වෙන
සෙදින් සළෙලු මන අල්වන - ලෙසින් හසිනි නොලසා
මෙවන්,රැසිරි නුඹෙ දුල්,වන - කුසුම් සරුගෙ ඔද සොල්වන
විඳින්ඩ රති සැප කල් වන - වරෙන් පියඹ විගසා.
"බරණ ගණිතාචාර්ය වරයා"හෙවත් "බරණ ගණිතයා"ගැන පෙර සටහකදී
ඔහු ජන ප්රසාදයට මෙන්ම,අප්රසාදයට පත්ව සිටි වගක් කිවුවා.
නිසි ගන පිහිටුවා "වස් කවි "කීමෙන්
"සොර සතුරන්ට දඬුවම් දීම " කළ හැකි යැයි මතයක් පවතිනවා.
මාළු ඇල්ලීම සඳහා ඇටවූ "කෙමනක් සොරා ගත්තාට"
බරණ කී වස් කවි පෙළකිය මේ.
මුරු අණ බෙලෙන් රෝදුක් ගත වැඩීයන්
දොරු වන වදින ඉස්සන් බඩ ඉරාගන්
කිරැමෙන තරාදිය බරණින් බලා ගත්
ගුරු දින කෙමන ගත්තෙකු යකු මරා ගන්
බහින ජලය මෙන් සියගත ඇදීයන්
නඟින ගහෙන් උගුලෙන් උල ඇනීයන්
බහින බැම්මිවල හැරපට කැඩීයන්
කෙමන ගත් සොරා හතරට පැළීයන්
කලුවන තැනය යනි රෑපාන නොවැළකූ
මැලි නොව සිතේ කැපකර ගන්න බිල්ලෙකූ
මුළු ලොව බලන තෙද ඇති මහ සොහොන් යකූ
අළු කර ගන්න අල්ලා කෙමන ගත් යකූ
දිනෙක රෑ ගස්වල සිටම කුරුම්බා බිවු සොරනට කියූ වස් කවක්.
මොකාදෝ එකා මට නොදනෙයි ඒකා
කකා කුරම්බා ගෙඩි බිම දමන එකා
යකා ඇට නහර මස් බිලි ගන් සැනෙකා
විකාමහ සොහොන් දෙවි දිවි හරින් මකා
තෙළි දිය සොරකම් කළාට කී කවක්.
ලා වෙලා තුබුළා කිතුල්මල තුබූ තෙළි දිය ගෙන අළුත්
ඒ බලා නුමුලා සොරෙක් බීලා ගියා සැළ ගෙන අළුත්
ලෝතුලා තුබුලා පසිඳු යස තෙද බලැති දෙවියනි අළුත්
ඌ හෙලා නුමුළා ගසින් හළ මැනවි දැන් නොතබා අළුත්
0 comments:
Post a Comment