2024-03-20

3/20/2024 11:11:00 am
1

අන්ධ නිසා තමන්ටම වෛර කළ තරුණියක් සිටියා. ඇය තම පෙම්වතාට හැර අන් සියල්ලන්ට ම වෛර කළා.. ඔහු නිතරම ඇය වෙනුවෙන් සිටියා. ඇය තම පෙම්වතාට පැවසුවේ ‘මට ලෝකය පෙනෙන්නේ නම් පමණක් මම ඔබව විවාහ කරගනිමි’ යනුවෙන්...
දවසක් කෙනෙක් ඇයට ඇස් යුගලක් පරිත්‍යාග කළා. දැන් ඇයට ඇගේ පෙම්වතා ඇතුළු සියල්ල දැකගත හැකිය. ඔහු ඇගෙන් ඇසුවේ, 'දැන් ඔබට ලෝකය පෙනෙන නිසා ඔබ මාව බඳිනවාද?' යනුවෙන්...
ගැහැණු ළමයා තම පෙම්වතා දෙස බැලූ විට ඔහු අන්ධ බව දුටුවාය. ඔහුගේ වැසුණු ඇසිපිය වල දසුනින් ඇය තිගැස්සී ගියා. මන්ද එවැන්නක් ඇය කිසිදා බලාපොරොත්තු වූයේ නැත!
තම ජීවිතයේ ඉතිරි කාලය ඔහු දෙස බැලීමේ සිතුවිල්ලේ ඇති භයානක බව දැනී ඇය ඔහු සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කළා.. ඇගේ පෙම්වතා කඳුළු සලමින් ඇය හැර ගිය අතර දින කිහිපයකට පසු ඇයට ඔහු වෙන කෙනෙකු මගින් මේ සටහන එවීය...
"ඔබේ ඇස් හොඳින් බලාගන්න, මක්නිසාද ඒවා ඔබේ වීමට පෙර මගේ ඒවා විය...."
අපේ මොළය බොහෝ විට ක්‍රියා කරන ආකාරය මෙයයි.
තත්ත්වය වෙනස් වූ පසු පෙර ජීවිතය කෙබඳුද යන්නත්, වඩාත් වේදනාකාරී අවස්ථාවන්හිදී අපේ පැත්තේ සිටි අයත් ගැන මතක තබාගන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි.
"ජීවිතය යනු තෑග්ගකි..."
ඔබ අද කාට හෝ අකාරුණික වචනයක් කියන්නට පෙර |කතාකිරීමට නොහැකි කෙනෙකු ගැන සිතන්න!
ඔබේ ආහාරයේ රසය ගැන පැමිණිලි කිරීමට පෙර | කෑමට කිසිවක් නැති කෙනෙකු ගැන සිතන්න!
ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ගැන පැමිණිලි කිරීමට පෙර |සහකාරියක්, සහකරුවෙක් ඉල්ලා සර්වබලධාරී දෙවියන්ට කන්නලව් කරන කෙනෙකු ගැන සිතන්න!
අද ඔබ ජීවිතය ගැන පැමිණිලි කිරීමට පෙර |අඩු වයසින් මිය ගිය කෙනෙකු ගැන සිතන්න.
ඔබ ඔබේ දරුවන් ගැන පැමිණිලි කිරීමට පෙර |දරුවන්ට ආශා මුත් වඳ කෙනෙක් ගැන සිතන්න.
|ඔබේ නිවස ගැන තර්ක කිරීමට පෙර, පිරිසිදු කර හෝ අතුගා නැති වීදියක වැටී ජීවත් වෙන පුද්ගලයින් ගැන සිතන්න.
ඔබ රථය පදවන දුර ගැන කෙඳිරිගාන්නට පෙර |තම පාද වලින් ඒ දුරම යන කෙනෙකු ගැන සිතන්න.
ඔබ වෙහෙසට පත්ව ඔබේ රැකියාව ගැන පැමිණිලි කරන විට |රැකියා විරහිතයන්, ආබාධිතයන් ආදී ඔබේ රැකියාව ඔවුන්ට තිබුණා යැයි සිතන අය ගැන හිතන්න.
මිතුර ලැබුණා වූ ජිවිතයට ස්තුති කරන්න!
Copied form Sagara Diyagama


A day in the life

1 ප්‍රතිචාර:

නමියගෙ වීදිය said...

මරැ සටහන 🙏
අන්ධයට මුලින්ම පෙනීම ලැබුණම අතහරින්නෙ සැරැටිය කියනවත් නෙ!