රටරටවල මුදල් නෝට්ටු දහයක් .......... තවත් නෝට්ටු කිහිපයක් ඊලග වියමනේ .
සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.
(වේදනාදි චෛතසික) ධර්මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.
ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.
නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.
"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.
කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම |
කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?. |
සළඹයා හදුනාගන්න. |
ගල්පර මතු පිට හුනෙක්. |
ගසේ කදයි මේ සලඹයයි වෙන් කර හදුනා ගත හැකිද ?. |
දම් පැහැ ගෙම්බා සොයන්න |
දිරා ගිය කොළ අතර සිටින සළඹයෙක් |
දිරා ගිය කොළ අතර සිටින තණකොල පෙත්තා. |
මේ පින්තූර 26ක එකතුව මිත්‍රයෙකු විසින් මිදුම ගේ විද්‍යුත් තැපෑලට යොමු කරන ලද්දකි. ඔහුට ස්තුති කරන අතර මෙම පින්තුර පෙල යොමු කල පරිද්දෙන්ම පලකරනුයේ මිදුම කියවන පාඨකයන් හටද එම පින්තුරවල ඇති චමත්කාරයට වඩා යමක් ඇතැයි සිතන බැවිනි. මේ පුර්විකාව සහ පින්තුර සමග පලවන උධෘතද මිත්රයාගේම සටහන් බව මීදුම නිහතමානීව සදහන් කරයි.
මෙතැන් සිට පින්තුර හය බැගින් කොටස් හතරකට මෙම පින්තූර පෙල පලවන අතර අද පලවන්නේ මුල් පින්තූර අටයි.
කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා |
හිරිපොද වැස්සක් එක්ක ගහකොළ තෙමෙන සුන්දර දවසක අළුත් බලාපොරොත්තු දවසින් දවස ටික ටික මල් පල ගැන්වෙන වෙලාවක්. ඒ සතුට තව ටිකක් අර්ථවත් කරගන්න ඔබ...
මම ජීවිතය සැදෑසමයේ.
සැදෑ සමය මට හිතෙන්නෙ කන්දක් උඩට නැග්ගා වගෙයි.
කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්.
සුන්දර මෙන්ම අසුන්දර දේ මේ අතර තියෙනවා.
ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට මේ සියල්ල සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
අපි බලමු........ වියමන් තුල ඒවා දියවෙන්න පුළුවන් සමහර විට .
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. මේ දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු .
කොහාටත් කලින් නෑ ගමන් ඇවිදින් පුරුදු හකුරු පැණි ගෙනැත් දී අවුරුද්ද සරු කරපු මගුලටත් මරණෙටත් එකවාගෙ දුව පැනපු බණ්ඩාර මාමාට කවුද හිටියේ සතුරු .
නගින්නට පෙර කිතුල් ගහට තෙවරක් වැඳපු පෙණ දමන රා මුට්ටියේ කුහුඹුවන් හැරපු කමලාගෙ දර මඩුව අඩු නැතුව පුරවාපු හීලෑ කරන් ඇය ඉඟ නෙරියෙ රැළි බිඳපු .
වාරු නැති කොඳු ඇටය මැදින් පුපුරා ගියපු ගෙදර අය නාඳුනන “සද්දන්තයා” හිටපු “මළා නම් හොඳයි” උන් දුක දරාගෙන කියපු කිතුල බාගෙට කැපූ හෙළයි කඳුළක් උණපු .
රෝ.සි.
2024.09 .02.මීදුම.
බණ්ඩාර මාමා පොදු චරිතයක් කියලා මට හිතෙනවා. මෙහේ හිටියා හීන්මුදියන්සේ කියලා වැඩිහිටියෙක්. එයත් කිතුල් මල් කපනවා. බණ්ඩාර මාමාගේ චරිතයමයි.
එයා ලගට යන ඔක්කොට රහමෙර නෑ නොකියා දෙනවා. ඒ හින්දා නමක් පට බැදිලා තිබුනා පච්ච තන්නි කියලා. දෙමළ බසින් සිංහලට ඇල් වතුර.
කමලාගේ නම මෙහේදී වෙනස්. දරු පවුල් දෙකක් හිටියා. වරපට බිදී මෙතුමත් කිතුලෙන් බිමට වැටිලා කොදු ඇට පෙලට හාණි වෙලා එක්තැන් වුනා ඔහු දිවියෙන් සමුුුගන්නා තුරු සැලකුම් ලැබුුවේ ඉග නෙරිය බිදු කුලවමිය
..ඒ පද වැල මට සම්පාත වුුන හැටි . කිතුල් පැණිවගේ මිහිරක් තියෙන පද රචනයක් රහයි.