As soon as U start trusting Ur self
U ‘ll know how to live.)
_ Author Unknown
සුනිල් පැහැයෙන් පිරුණු අහසකි
වරෙක ඔබ සිත බඳනා
රකුසු වෙස් ගෙන මොහොතකින්
නුබ ගැබම කළුවෙන් වැසෙනා .
දෙකම්මුල් සිප හාදු පුදමින්
මඳනල ක් සේ හමනා
කුණාටුව වී අසුරු සැණෙකින්
සැඩ සුළං බිය ගෙනෙනා .
වනස්පතියකි මලින් සුවඳින්
පිරී සෙවනක් සදනා
ගිම්හානයට නුඹේ සියොළඟ
දිරාගිය අතු සැලෙනා .
වෙනස්වන හැම නිමේෂයකම
ජීවිතය සළු කරනා
බිය නො වන්නෙමි පියාපත් වල
සවිය තනිකම මකනා .රෝ.සි.
2024 .10.22.
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.