මහගමයන් 1973 එලිදැක්වු “නොමියෙමි“ මගේ ඇස ගැටෙන විට එකල මට අවුරුදු 25 ක් විතර ඇති. මට එකල මහා අප්‍රබංශයක් මේ පද හරඹය. නොයෙකුත් විචාර කියවන කොට විචාරකයෝ කියන්නේ මොනවද කියලත් තේරුම් ගන්න බැරි වුන මම නොමියෙම් කොපමන වාරයක් කියෙව්වද , තවත් කියවමින් මහගමයන්ගේ සදාකාලිකවු සත්‍යයයන් සොයන්නේ ආශාවෙන්.
දහසක් කම්කටොළු වලට මුහුණ දෙමින් මරණයේ එලිපත්තේ සිට නොමියෙමි නැවත දකින්නේ මහගමයන්ගේ තුන්කල් දුටු බුද්ධි මහිමය අගේ කරම්න්.
මම මරණය විදිනවා.මරණය විදවන්නේ නැතිව කෙළවර වෙනවා නම්… කියලා හිතනවා.
“පරෙස්සම් වෙන්ඩ වෙයි
දැන් ඉතිං
කෑමෙන් බීමෙන්
අවුරුද්දක් දෙකක් තුනක්
පරෙස්සම් නූනොතින්
අංශබාගෙට හැරෙයි
සන්නිපාතෙට හැරෙයි
නහර පුපුරයි
උන් හිටි ගමන් මැරෙයි
හිටියා අපේ ගමේ එක මිනිහෙක්
හැදිලා ඔය ලෙඩේම
පරිස්සම් උණා මුළු අවුරුද්දක්
කිසිම වැඩක් පලක් නොකර
අවුරුද්දකට පස්සේ ඔහු හිතුවා
දැන් මට නෑ කිසිම ලෙඩක්
එහෙම හිතලා
කෙහෙල් ගහක් ළගට ගිහින්
පොළව ටිකක් උදළු ගෑවා
විනාඩි දහයක් ගියේ නෑ
එතනම මැරිලා වැටුුණ
බොහොම බයානකයි
නයෙක් කෑව වගේ තමයි.
ඒ උණාට
ලෙඩක් ය කියලා ඔය ගැන
හිත හිතා ඉන්න එපා
කිසිම දෙයක් ගණන් නොගෙන
සන්තෝසෙන් ඉන්ඩ ඕනෑ
ලෙඩෙක් කියලා හිතුවොත්
හැමදාමත් ලෙඩෙක් වේවි.“
මේ ටික අපි කොච්චරක් අහලා තියෙනව ද ?
මේ විදියට.
බය වෙනවා කියලා හිතන්නේ නැතිව ආදරේට කියනවා.
අහගෙන ඉන්න කෙනා අහන්නේ කොයි වගේ සිතිවිල්ලක ඉදගෙන ද කියලා
හිතන්නේ නැතිව .
A day in the life
A day in the life
0 comments:
Post a Comment