රටක් විදියට අපේ අතීතය දිහා බැලුවම පේන්නේ නිදහසෙන් පස්සේ ආර්ථිකය පැත්තෙන් ලොකු පිමමක් තියන්න golden opportunities අපිට හැම දශකයේම ලැබිලා තියනවා. නමුත් අවාසනාවකට විවිධ හේතූන් මත අපිට ඒ ඒ අවස්ථා capitalize කරලා ඉස්සරහට එන්න බැරිවුනා. අපිට මග හැරුණු ඒ අවස්තා බොහාමයක් අපේ කලාපයේ රටවල් (Malaysia, Thailand, Singapore, Vietnam, ...) ලබාගත්තා. මේ මොහොතේ වුනත් ලෝකය AI දෙසට යනකොට අපි ඉස්සරහින් ඉන්නවට වඩා ගොඩක් පස්සෙන් පටන් ගන්නේ. අපි 2000 විතර ඉදන් තාම digitalize වෙනවා කියන රටක්. අපි ලොකු පිමි ගොඩක් එකපාර තියන්න ඕන දියුණු රටක් වෙන්න නම්.
ලංකාව අතීතයේ සිංගප්පූරුවට සමාන ආර්ථික තත්ත්වයක් තිබුන රටක්ද? අපිට සිංගප්පූරුවක් වෙන්න කොතරම් කල් යනවද?
නැත. ඒක පුද්ගල ආදායමෙන් ගත්තම (GDP per Capita) නිදහසින් පස්සේ ලංකාව සිංගප්පූරුවට පිටිපස්සෙන් හැම විටම ඉදලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන් බ්‍රිතාන්‍යයන් සිංගප්පූරුව සහ ලංකාව ඔවුන්ගේ ආර්ථික කටයුතු වලට දායක කරගත්ත ආකාරය (අපේ එකල ආර්ථිකය තේ (Tea) නිශ්පාදනය එක්ක සෘජුවම බැදිලා තිබුනේ). අනිත් එක තමයි ලංකාවට සපේක්ෂව පොඩි රටක් වුන සිංගප්පූරුවට හිටපු තැන සිට එකවර ඉදිරියට එන්න තිබුන ඉඩ වැඩියි සහ පහසුයි.
ඒක පුද්ගල ආදායමෙන් (GDP per Capita) සිංගප්පුරුව අපිට ඉස්සරහින් හිටියත් දල දේශිය නිශ්පාදිතයෙන් (GDP) අපිව පහුකරන්නේ 1970/71 දී (ඩොලර් බිලියන 2 සීමාව). 1968/69 ලංකාවේ සහ සිංගප්පුරුවේ ආර්ථික වර්ධන වේගය ආසන්න වශයෙන් සමානයි. 1971 අපිව පාස් කරපු සිංගප්පූරුව ඒ පිම්මටම ඉස්සරහට ගිහින් 1987 Black Monday සහ 1988 election එකෙන් පස්සේ ඒ දියුනුව වඩාත් ශීග්‍ර වෙලා දැන් ඉන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා.
අද සිංගප්පුරුවේ GDP එක ඩොලර් බිලියන 500ක් 600ක්. අපේ බිලියන 80-90ක්. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 88,000. අපේ 4,000ක් කිටුටුව දැන් ඇති. අපේ ඒක පුද්ගල ආදායම දැන් සිංගපුපුරුව මට්ටම ගේනන අවුරුදු 50 කට වඩා යනවා අපි හැම අවුරුද්දෙම 6% ගානේ වර්ධනය වුනත්.
සරලව කියනවා නම් අපිට ලංකාව සිංගප්පූරුව දැන් ඉන්න තත්වයට එන්න 2075 වෙනකන් වත් බෑ.
අපි එතකොට 1980 වගේ කාලේ මොනවගේ ආර්තිකයක් තිබුන රටක්ද?
ලංකාවේ GDP per Capita, GDP එක සහ ජනග්‍රහනය ගත්තම 1980දී ආසන්නව සමාන වෙන්නේ Sudan, Ethiopia සහ Mozambique වගේ රට වලට. ඒ වෙද්දිත් අපි ඉතා කුඩා ආරථිකයක් තිබුණ රටක්.
ඒත් අපේ හිත්වල ලංකාවේ අවුරුදු 2500ක ඉතිහාසය, අපේ රජ පරපුර ඒවා මේවා එක්ක ගත්තම අපිට හැම වෙලේම හිතෙන්නේ අපි ඉතා ඉස්සරහින් හිටියා කියලා. අවුරුදු 1000කට කලින් එහෙම වුනත් 1948න් පස්සේ නම් එහෙම වෙලා නෑ. නමුත් 1948 ඉදන් අපේ පිහිටීම, විදේශ බලපෑම සහ අනිකුත් කරුණු එක්ක ගත්තම මේ වෙද්දි එතනින් ඉස්සරහට සාපේක්ෂව හොද ගමනත් ඇවිල්ලා තියෙනවා අපේ මට්ටමේ තිබුන අනිත් රටවලට සාපේක්ෂව.
මේ කාලය තුලම චීනය සීඝ්‍ර දියුණවත් අරගෙන තියෙනවා අපේ වගේ GDP per Capita එකක ඉදන් මේ වෙද්දී $12,000 වෙනකන්.
අද ලංකාව මොන වගේ මට්ටමක තියෙන රටක්ද?
ලංකාවේ GDP per Capita, GDP එක සහ ජනග්‍රහනය ගත්තම අද ලංකාවට ආසන්න වශයෙන් සමාන රටවල් තමයි Guatemala, Angola සහ Morocco. ලංකාව මොන වගේද ඇහුවොත් "Guatemala" වගේ කියලා තමයි කියලා කියන්න පුලුවන්. (Note: රටවල් දෙකේ ආදායම් මාර්ග පිහිටීම එක්ක ගත්තම සෑහෙන්න වෙනස්)
ලංකාව වගේ ජනග්‍රහනයක් තියෙන අද අපිට වඩා ඉස්සරහින් සිටින රටවල් මොනවද? ඒ රටවල් දැන් ඉන්න මට්ටමට එන්න අපිට කොතරම් කල් යනවද?
-Taiwan: අවුරුදු 35
-Australia: අවුරුදු 50
-Netherlands: අවුරුදු 50
-Romania: අවුරුදු 29
-Chile: අවුරුදු 28
-Ecuador: අවුරුදු 11
ඇයි ලංකාවට දියුනු වෙන්න බැරි වුනේ?
ලංකාවට වුන ලොකුම වැරදි ඇවිල්ලා අපි කෙලින්ම දක්ශිනාංශික නම් United Kingdom වගේ රටවල සහ වාමාංශික නම් Russia, China වගේ රටවල ප්‍රතිපත්ති, 1948න් පස්සේ කෙලින්ම ලංකාවේ implement කරන්න ගියපු එක ඒ ඒ කාලවල ඒ ඒ රජයන් යටතේ. අවුරුදු 5න් 5ට 10න් 10ට රජය, රට පාලන කරන පක්ෂය සහ ප්‍රතිපත්ති මාරු කර කර, බලයට එන අයත් හැම වෙලාවෙම සහන දෙමින් ඉන්න එක අපි වගේ පුංචි රටකට absorb කරන් දියුණු රටක් වෙන්න බෑ.
United Kingdom කියන්නේ ඒකාලේ අදිරාජවාදයෙන් ධනවත් වුන රටක්. Russia කියන්නේ සම්පත් සෑහෙන්න තියන රටක්. China කියන්නේ ලොකු මානව සම්පතක් සහ බාහිර ආක්‍රමණ බලපෑම් අඩුවෙන් ඉස්සරහට ආපු රටක්.
ඒ දේවල් අධ්‍යනයකින් තොරව අපි වෙනස්කම් මේවා කරේ අපේ රටේ ජනග්‍රහණය, සම්පත්, මිනිස්සුන්ගේ capacity එක සහ අනෙක් සාධක ගැන හොයන්නේ බලන්නේ නැතිව. ඒ මුලදි වෙච්ච වැරැද්ද තමයි ඒ ඒ ආභාශයන් එක්ක දැන් දිගටම මේ වන තෙක් අපි ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට අපි සුබසාදනයට බර දුප්තත් මිනිස්සුන්ට අතනොදී හැමදාම දුප්පත්ව තියාගෙන ඉන්න සහ ඒ මිනිස්සු ඒ ජිවන රටාවට හුරු කරලා සහන වලින් නඩත්තු කරන vicious cycle එකක එකක යන රටක්.
අනිත් හේතුව තමයි මම කලින් කිව්වා වගේ රටක් විදියට අපේ අතීතය දිහා බලලා අපි තුල තිබුන අදිතක්සේරුව. සමහර විට නිදහසෙන් පස්සේ ලංකාව තනි පක්ෂයක් පාලනය කරානම් (Singapore වගේ), අනිත් දේවල් කෙසේ වෙතත් මිනිස්සු ආර්ථිකව මීට වඩා හොද තැනක ඉන්න තිබුනා (මෙහෙම වුනානම් හොදයි කියලා මම කියන්නේ නෑ.)
හේතු list කරනවා නම්;
-1948 සිට රජයේ වෙනස්කම් සමඟ නිතර ප්‍රතිපත්ති වෙනස්කම් (frequent shifts in policies with government changes since 1948)
-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැඩි වෙනස්කම් (radical changes to the constitution)
-ආදායමක් ජනනය නොකරන වැරදි ව්‍යවසාය ආයෝජන (miscalculated large investments with no revenue)
-දූෂණය (corruption)
-තිරසර නැති ණය (unsustainable debt)
-යුද්ධ සහ කැරලි (wars and riots)
අපි මෙතනින් ඉස්සරට යන්නේ කොහොමද?
මේ මොහොතේ අපේ රටේ ආර්තිකය bankrupt වුනාට පස්සේ යතා තත්වයට ඇවිල්ලා නෑ. තාම එන්න පටන් ගන්න පියවරකි තිව්වා විතරයි. තවම ඉතාම අමාරුවෙන් manage කරන් යන්නේ. මම දකින විදියට අපිට රටක් විදියට මේ වෙලාවේ ලොකු සහන දෙන්න, පඩි වැඩි කරන්න, සැලකිය යුතු ලෙස බදු අඩු කරන්න හැකියාවක් ණැ. මොකද ඒ කරන හැම දෙයකින්ම වෙන්නේ රට පස්සට යන එක. ලබන අවුරුද්ද ගත්තම අපේ අයවැය හිගයම රුපිලය් ට්‍රිලියන තුනක් විතර. 2028 ඉදන් අපි Bilateral Debt සහ ISB වලට ගෙවන්න ඕන. අපේ රටට තාම credit rating එකක් නෑ default වුනාට පස්සේ.
අපිට ඉස්සරහට යන්න හොද කෙටිකාලීන සහ දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති, හොද සැලැස්මක් තියෙන්න ඕන.
තවකත් වැදගත්ම දෙයක් තමයි කවුරු බලයට ආවත් ඔවුන්ට අඩුමගානේ අවුරුදු 10ක් 15ක් දීලා බලන්න ඕන කියලා අපේ ආකල්ප හදාගන්න ඕන. මොකද අවුරුදු 5න් මේ රට හදන්න බෑ. බලයට එන අය ඒක රැකගන්න කටයුතු කරන එක ඔවුනගේ වගකීම. මොන හේතුවකට හරි අවුරුදු 5න් 5ට ආණ්ඩු වෙනස් වෙවි ගියොත් ඒක රටේ අවාසනාව. නමුත් ජනතාව විදියට අපි පුරුදු වෙලා තියෙන්නේ අපිට අපි බලාපොරොත්තු වුන දේ ඉක්මනින් ලැබුනේ නැත්නම් අවුරුදු 5න් ගෙදර යවන්න. අපිට එහෙම බලාපොරොත්තු කන්දක් දෙන අයත් මේකෙට වග කින්න ඕන.
මේකෙන් මිදෙන්න අපේ ජනතාවට පෞද්ගලික හෝ දේශපාලන වාසි නොමැතිව, දීර්ඝකාලීනව රටේ දියුණුව ගැන හිතලා විශ්වාසවන්ත පුද්ගලයන් බලයට පත්කරන්න සංවිධානය වෙන්න පුලුවන් නම් රට හොද පාරකට ඒවි. එවිට බලය ඉල්ලන පුද්ගලයන් මේ වගේ සහන මලු එක්ක බලයට පැමිණීමට උත්සාහ නොකරාවි. කවදා හෝ මෙය සිදුවුනහොත්, එය අපේ රටට විශාල ජයග්‍රහණයක්.
රටක් දියුණු වෙන්න ස්තාවර ආණ්ඩුවක්, හොද ජාතික ප්‍රතිපත්ති, හැම රටක් එක්කම හොද විදේශ සබදතා, ආයෝජකයිනට හොද පසුබිමක්, ගැලපෙන කම්කරු නීති, ... තියෙන්න ඕන. විදුලිය, ඉන්දන, ජලය, සෞඛය සහ අධ්‍යාපනය තිරසරව තියෙන්න ඕන.
අපි කෙටි කාලීනව IT, Tourism, Apparels, Foreign Remittances තවත් දියුනු කරගන්න ගමන් අලුත් exports වලට ආයේජන කරන්න ඕන අවුරුදු 10 කින් 15 කින් ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන්. මොකද 2028/2030 වෙනකන් තියන ප්‍රශ්න විසදන්න එකපාර අලුත් ආදායම් මාර්ග හදන්න බෑ. තියන දේවල් දියුණු කිරීම සහ කාර්යක්ෂම කිරීම විතරයි කරන්න පුලුවන්.
අවසානයට කියනවා නම් දැනට තියන AI trend එකෙන් පස්සේ ලෝකේ එන trend එකන් අපේ quota එක වෙන් කරගන්න දැන්ම ඉදන් සූදානම් වෙන්න ඕන. AI trend එකටත් පුලුවන් වාදියට enter වෙන්න ඕන. මෙහෙම හොද පාරක ගියොත් අවුරුදු 20/30 ක් යද්දී අපේ Humans Development Index (HDI) එක දියුණු රටක මට්ටමට ඇවිල්ලා තියේවි. 2075 දී ලංකාව සිංගප්පූරුවක් වේවි.
Note: මෙය හුදෙක් දේශපාලන පක්ශයක් ප්‍රවර්දනය කරන පෝස්ටුවක් නොව අනාගතයේ දවසක මටම 2024 දී රට තිබුන තත්වය මතක් කරගැනීම සදහා දමන පෝස්ටුවක් පමණි.
Note: GPD සහ GDP per Capita මිනුම් දෙකෙන් විතරක්ම රටක ආර්ථිකය ගැන කියන්න බෑ. ඒත් ඒ දෙකම රටේ ආර්ථිකය සහ දිශානතිය ගැන අවබෝධයක් ගන්න හොද මිනුම් දඩු.
Note: මම ලංකාව සිංගප්පූරුවක්ම වියයුතු යැයි කියන්නේ නැත. ලංකාව වියයුත්තේ "දියුණු ලංකාවක්" ය. මම එය උදාහරණයකට ගත්තේ අපි හැමෝගෙම කණට ඇහුනු උදාහරණය "ලංකාව සිංගප්පූරුවක් කරනවා" කියන එක නිසා සිංගප්පූරුවේ දැන් තිබෙන ආර්ථික මට්ටමට අපිට එන්න කොතරම් අවුරුදු ප්‍රමාණයක් ගතවේදැයි කියන එක ගැන දළ අදහසක් ලබාදීමටයි. අවාසනාවකට ලංකාවේ ඒක පුද්ගල ආදායම එම මට්ටමට අපේ ජීවිත කාලය තුල ගෙන ඒම ඉතාමත් අසීරු කාර්යයක් බව පෙන්වාදීමටය. අපිට ඊලග අවුරුදු 20/30 ඇතුලට අපේ GDP එක තව ඩොලර් බිලියන 200ක් 250ක් වගේ ප්‍රමාණයකින් වැඩිකරගෙන, එයත් සමග අනෙකුත් ආර්ථික සහ සාමාජීය සාධකත් ප්‍රවර්ධනය වෙනවා නම් ලිපියේ ඉහල පවසා ඇති පරිදි ලංකාවේ HDI එක දියුණු රටක් HDI එකක මට්ටමකට ගෙන එන්න හැකියාවක් තිබේ. අපිට ඩොලර් $12,000 ඒක පුද්ගල ආදායම පසුකරන්න පුලුවන්.
Chamika Sudusinghe
References:
https://data.worldbank.org/indicator/NY.GDP.PCAP.CD...
https://www.imf.org/.../Publi.../WEO/weo-database/2024/April
https://atlas.cid.harvard.edu/explore?country=128...
A day in the life
0 comments:
Post a Comment