Nalinda Bee II
උපුටා ගැනීම -----"මචං අර අහවල් රටේ හැම එකාම අඳින්නෙ බ්‍රෑන්ඩඩ් බං, ලංකාවේ අපි ගැන මාර දුකයි. මුං අපේ සල්ලි හොරා කාලා අපට බ්‍රෑන්ඩඩ් ගන්න තියන චාන්ස් එක නැති කරලා.ඔව් බං, රැල්ෆ් ලෝරන්, හියුගෝ බොස් වගේ බ්‍රෑන්ඩ් වල දේවල් ගන්න අපට බෑ. මාර අවුල් බං. කොහොම හරි මුං එලවන්න ඕන. එතකොට ලංකාවේ ඔක්කොටම බ්‍රෑන්ඩඩ් ගන්න පුළුවන්."---- උපුටා ගැනීම අවසන්බ්රෑන්ඩඩ් කියන එක ලංකාවේ හොට් ටොපික් එකක් වෙලා මේ දවස්වල.කට්ටියක් උඩින් බ්‍රෑන්ඩඩ් ඇඳලා හිල් තියන යට ඇඳුම් අඳිනකොට, තවත් අය උඩින් යටින් තියා මොකෙන්වත් බ්‍රෑන්ඩඩ් අඳින්න බැරුව ලතවෙනවා.මොනවාද මේ බ්‍රෑන්ඩ්ස්.ලංකාවේ ජනප්‍රියව දන්න බ්‍රෑන්ඩ් තමයි, Ralph Lauren (RL), Tommy Hilfiger( TH ), Hugo Boss වගේ සන්නාම. මේ ගොඩක් බ්‍රෑන්ඩ් True Luxury brands නෙවෙයි. නම හදාගත්තට පස්සේ mass production වලට යොමු වෙච්ච ආයතන.ඒ නිසා මේ වගේ බ්‍රෑන්ඩ් වල බඩු ගොඩක් අයට මිලදී ගන්න පුළුවන් මිල පරාසයක තියනවා.True Luxury brands කියන්නේ ඉතාම උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගෙන එක් අයිතමයකින් කුඩා ප්‍රමාණයක් නිපදවන ආයතන. Louis Vuitton ( ලූඊ වහ්ටෝන්), Christian Dior ( ක්‍රිස්ටියන් ඩියෝ), Hermes ( හ මීස්) , Gucci ( ගූචි ) , Chanel ( ෂනේල් ), Cartier ( කා ටියේ ), Balenciaga ( බලෙන්සියාගා ) වගේ බ්‍රෑන්ඩ් True Luxury brands විදියට පවසන්න පුළුවන්.RL men's dress shirt එකක් USD 125 ක් විතර වෙනකොට, Hermes dress shirt එකක් USD 1,100 ක් විතර වෙනවා.මේ බ්‍රෑන්ඩ් අයිති විවිධ රටවල් වල සමාගම් වලට. ඒ රටවල් වල ඉන්න හැමෝම එකම ආදායම් මට්ටම තියන අය නෙවෙයි. ඒ වගේ රටවල් ලොවෙත් නෑ.( පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගිහින් සරල දෙයක් කියන්නම්. ආදායම අතින් හැමෝම සමාන කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කො හැමෝම පොහොසත් කරන්න ඕන, නැත්තං හැමෝම දුප්පත් කරන්න ඕන. ඉතුරු ටික හිතාගන්න. )බ්‍රෑන්ඩ් වල focus එක expendable income නැත්තං පහසුවෙන් වියදම් කල හැකි ධනය වැඩියෙන් තියන ගැණුම්කරුවන්.ඕනම රටක එහෙම අය ඉන්නෙ සීමිත පිරිසක්. වැඩි පිරිසක් ඉන්නෙ middle class නැත්තං මධ්‍යම පාන්තික අය.සාමාන්‍යය මනුෂ්‍ය ස්වභාවය අනුව ඕනෑම කෙනෙක්, මේ ලියුම්කරු ද ඇතුලත්ව, කැමතියි උසස්ම තත්වයේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගෙන පරිහරණය කරන්න. ඒක ඉතාම ස්වාභාවික හැඟීමක්. හැබැයි එහෙම බැරිඋනා කියලා විස්සෝප වෙලා අනේ අපොයි කියන එක, නැත්තං ඒ දේවල් ගන්න හැකියාවක් තියන අයට ඊර්ෂ්‍යා කරන එක නං මානසික ව්‍යාධියක්.දැන් මේක කියවන කාටහරි හිතෙනවා නං අනේ උඹ දන්න රෙද්ද කියලා, ඔව් මං දන්නෙ රෙද්ද තමයි. අවුරුදු 26 ක් තිස්සේ ලෝකයේ බොහෝ ප්‍රධාන ඇඟලුම් ගැණුම්කරුවන් සමග කෙලින්ම ඇණවුම් සපයන්නෙක් ලෙස කටයුතු කරලා තියන මම දන්නෙ රෙද්ද තමයි. In fact මම ඕනම රෙද්දක් දන්නවා. Basic fabric ඉඳං High performance fabric වෙනකං හැම රෙද්දක්ම දන්නවා.ලෝකෙ top brands එක්ක වැඩ කරලා තියන මම, කැමතිම shirts තමයි ලංකාවේ නිෂ්පාදනයක් වන Emerald shirts. මම මාර ආසයි Emerald shirts වල cut and fit එකට. මගේ ලඟ තියන ඔක්කොම dress shirt Emerald නෙවෙයි, නමුත් මම කැමතිම Emerald වලට.ඒ වගේම තමයි Signature. කවුරුන් දන්න Hameedias ලා කරන shirt brand එක.ලංකාවේ තව company එකක් තියනවා Stripes and Checks කියලා. Bespoke tailored shirts නැත්තං පාරිභෝගිකයා ගේ මිම්මට ඇඳුම් මසන ආයතනයක්. ලෝකෙ හොඳම රෙදි භාවිතා කරලා තමයි මහන්නෙ. කැමති කෙනෙක්ට තමන්ගේ නමේ මුල් අකුරු නැත්තං තමන් කැමති ලෝගෝ එකක් ෂර්ට් එකේ මහගන්න ( Monogram කරගන්න ) පුළුවන්.ඒ වගේම casual wear වලින් මම කැමතියි T Shirt Republic එක කරන T shirts වලට, Basic T shirts නං Bear Appeal එකේ ඒවත් ඉතා හොඳයි. තව ඉතා හොඳ තත්වයේ T Shirt brands කීපයක්ම තියෙනවා ලංකාවේ, Carnage , LCY වගේ.ඒ වගේම ඉතාම හොඳ තත්වයේ sportswear නිපදවන ආයතන කීපයක්ම ලංකාවේ තියනවා. නම් වශයෙන් මට බොහෝ සඳහන් කරන්න පුළුවන්.මේ ආයතන, තමන් මූණ දෙන හැම අභියෝගයක්ම නිර්භීතව නියම ලාංකිකයන් විදියට ජයගෙන අභීතව ඉදිරියට යන අය. මොන ආණ්ඩුව හිටියත් කවදාවත් සාධනීය උදව්වක් නොලැබුන ඇඟලුම් ක්ෂේත්‍රයේ ලාංකීය වෙළඳපොල වීරයෝ තමයි මේ !මේ වගේ ලංකාවේ පාරිභෝගිකයන් සඳහා පිරිමි, කාන්තා සහ ළමුන් වෙනුවෙන් ඉතා හොඳ තත්වයේ ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතන වලින් මිලදී ගත්තම කෙලින්ම ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබ දායක වෙනවා.එම ආයතන වල සේවකයින්ට ඔබේ මිලදී ගැනීම තමන්ගේ මාසික ආදායම සරුකර ගැනීමට පිටුවහලක් වෙනවා, එම ආයතනවලට භාණ්ඩ සපයන සැපයුම් කරුවන් ට ඔබේ මිලදී ගැනීම තුලින් මහත් ශක්තියක් ලැබෙනවා, මේ ආයතන හා සම්බන්ධ සෑම දෙනාටම ගොඩ එන්න ඔබ අත දෙනවා.මේක නෙවෙයි ද පුතා සමාජවාදය ! තමන්ගේ රටේ උන් ගොඩ දාන්න පැකිලෙන උන්ට කියන්න වචන තියනවා, මෙතන කියන්න බෑ.කවුරු හරි පිටරට බ්‍රෑන්ඩ් අඳින්න බැරුව කම්පා වෙන ආර්ථික විශේෂඥයෙක්ට පැහැදිලි කරන්න පුළුවන්ද බ්‍රෑන්ඩඩ් බඩු ගෙන්නන්න ඩොලර් පිටරට යවලා රට ගොඩ දාන විදිය?කාටහරි, ඔය ෂෝ එකට කියන විදිහට, රට ගොඩ දාන්න ඕන නං, ඇත්තටම කරන්න ඕන, අපේ තියන quality බ්‍රෑන්ඩ් හොයලා අරගන්න එක.රට හදන්න කිඹුල් කඳුළු හෙලන ගමන් බ්‍රෑන්ඩඩ් නෑ නෑ කියලා අඬන ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ අයට ගැලපෙනම යෙදුම තමයි මේ ලිපියෙ මාතෘකාව විදියට යොදාගෙන තියෙන්නේ.ඉතිං ඔබ තව දුරටත් අනුන්ගෙ වස්ත්‍ර ගැන කම්පා නොවී ඇත්තටම රට ගැන කැක්කුමක් තියනවා නං, ගන්න අපේ දේ. හැම රෙද්දම නෙවෙයි, හොඳ quality දේ.කුමා සංගක්කාර Oxford Union spirit of cricket speech එකකදී කියපු කතාවක් මම ඉතා අගය කරනවා.ඔහු කියනවා, "I am today, and always, proudly Sri Lankan",( මම අද මෙන්ම සැමදාමත් අභිමානවත් ලාංකිකයෙක් මි). එය අපි හැමෝගෙම උදාන වාක්‍යය විය යුතුයි.So be a proud Sri Lankan and not a branded donkey !
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment