Tuesday, April 30, 2024

මැයි දිනය



අපේ රටේ මැයි දිනය එක් ඒක් දේශපාලන පක්ෂවල හයිය පෙන්වා කයිවාරු ඇද බා මෝඩ චූන් ගන්නා දිනයකි. හතර දිග් බාගයෙන් බස්රථවලින් දූම්රියෙන්  සහ විවිධ ප්‍රවාහන පහසූකම් සපයා ටී ෂර්ට් ඒකක් තොප්පියක් පලදා අරක්කු ටිකක් කෑම පාර්සලයකින් සප්පායම් කරවා වේදිකාවට හුරේ දම්මවා ගැනීම මිස මැයි දිනක අරුතක් වත් ලංකාවේ මැයි දිනය දා දක්නට නැත.

1886 වර්ෂයේ ඇමෙරිකාවේ  වැඩවර්ජන හා පෙළපාලිවලින් යුත් අරගල වසරක් විය. ඊට තුඩු දුන් ප්‍රධාන ඉල්ලීම වූයේ පැය අටකට සීමා වූ සේවා කාලයක් දිනකට ලබා ගැනීමයි.

1886 යේ මැයි 1 දින චිකාගෝ නගරයට හතළිස් දහසක පමණ වැඩ වර්ජිත කම්කරුවන් පිරිසක් වීදි බැස සාමකාමී පෙළපාලියක් පැවැත්වූහ. මේ පෙළපාලිය මැයි 2 හා 3 යන දෙදින තුළත් පැවැත් විණ. චිකාගේ නගරයේ මැක්කොමික් කර්මාන්ත ශාලාවේ වැඩවර්ජනය කඩා කප්පල් කර දැමීමට හාම්පුතුන් දැරූ උත්සහයේදී වැඩ වර්ජකයින් හා එය මර්දනය කිරීමට පැමිණි අය අතර ගැටුම් ඇති විය. මැයි 3 වන දින මේ සිදුවීම් උග්‍රවීම හේතුකොට ගෙන පොලීසියේ  වෙඩි තැබීම නිසා හය දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබූහ.

මේ වෙඩි තැබීමට විරෝධය පාමින් මැයි 4 වන දින යෝධ රැලියක් චිකාගෝ නගරයේ මධ්‍යම චතුරශ්‍රයේ පවත්වනු ලැබීය. හාම්පුතුන්ට විරෝධය පළ කිරීමට පැවැති මේ අරගලය පසුව පොලීසියට විරුද්ධත්වය පළ කිරීමට පැවැති අරගලයක ස්වරූපයක් ගත්තේය. ආණ්ඩුව තවදුරටත් හිංසාකාරී පිළිවෙතකට පිවිසීමට ඉඩ ඇති හෙයින් නොසැලී සාමකාමීව සංවිධානාත්මකව අරගලය ඉදිරියට ගෙන යෑමට නායකයෝ වැඩ වර්ජිකයින්ට උපදෙස් දුන්හ.

 රැලිය අවසන්වීමට මදකට පෙර පොලිසිය ඒ ප්‍රදේශයට පිවිසියේය.  නාඳුනන පුද්ගලයෙකු විසින් විසිකරනු ලැබූ අත්බෝම්බයකින් පස්දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයකු මරුමුවට පත් වූයේය. මෙසේ මරුමුවට පත් වූ පුද්ගලයා පොලිස් නිලධාරියකු බැවින් එතැන් පටන් පොලීසිය ඉවක් බවක් නොමැතිව කම්කරුවන්ට වෙඩි තබන්නට පටන් ගත්තෝය. ඉන් පසු පොලීසියේ මර්දනකාරී වැඩපිළිවෙළ මුළු ඇමෙරිකාව පුරාම ක්‍රියාත්මක විය.

වැඩවර්ජකයින් හට පහර දෙන්නටත් වෘත්තීය සමිති කාර්යාල කඩා බිඳ දමන්නටත් පටන් ගත්තේය. එතැන් පටන් සටන ආණ්ඩුව සහ කම්කරුවන් අතර සටනක් බවට පරිවර්තනය විය. බෝම්බ ගැසූ සිදුවීම සම්බන්ධයෙන් චිකාගෝ නගරයේ කම්කරු නායකයන් අට දෙනකු අධිකරණය හමුවට මිනීමැරුම් චෝදනා මත ඉදිරිපත් කෙරිණි. ඉන් හත් දෙනකු සිද්ධිය වූ මොහොතේ නොසිටියත් ඔවුන්ට විරුද්ධව විරෝධතා ගොනු කෙරිණි. නඩු විභාගය අපක්‍ෂපාතී නොවීය. කම්කරු විරෝධී පුද්ගලයන් මේ ජූරි සභාවට කැඳවා තිබිණි. ඒ දැඩි දඬුවම් ලබාදීමේ පූර්ණ නිගමනවලට අනුවය. මෙහි සාක්ෂි ලබාදුන් අයට අල්ලස් දී තිබූ බව පසු කලෙක හෙළිදරව් විය.

අධිකරණයට ඉදිරිපත් වු විත්තිකරුවන් දැඩි ආත්ම ගෞරවයකින් හා එඩිතර බවකින් යුක්තව තමන් නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කරමින් ආණ්ඩුවටත් පොලීසියටත් විරුද්ධව තියුණු ලෙස චෝදනා ඉදිරිපත් කළෝය. මෙහිදී ඔස්කාර් තිබේම යන වෘත්තීය සමිති නායකයාට වසර පහළොවක සිරදඬුවමක් හා අනෙකුත් සියලු කම්කරු නායකයන් එල්ලා මරා දැමීමට නියම කෙරුණි. 

මරණ දිනය ළං වෙත්ම අධිකරණ තීන්දුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මුළු රට පුරාම දියත් කරනු ලැබීය.  විරෝධය පළ කොට විදේශ රටවලින්ද පෙත්සම් ගලා එන්නට විය. මේ පිරිසට ලබාදී තිබෙන දඬුවම ලිහිල් කරන ලෙසද ඉල්ලා සමාජයේ විවිධ  බලපෑම් එල්ලවන්නට විය. මේ බලපෑම් නිසාම සැමුවෙල් පීල්ඩන් සහ ඉයුජින් ෂවාබ්ට පමුණුවා තිබූ මරණීය දණ්ඩනය  ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට මාරුවිය. 1893 දී සිර දඬුවම් ලබමින් සිටි ධිකරණයට ඉදිරිපත් වු විත්තිකරුවන් දැඩි ආත්ම ගෞරවයකින් හා එඩිතර බවකින් යුක්තව තමන් නිවැරැදිකරුවන් බව ප්රකාශ කරමින් ආණ්ඩුවටත් පොලීසියටත් විරුද්ධව තියුණු ලෙස චෝදනා ඉදිරිපත් කළෝය.

මෙහිදී ඔස්කාර් තිබේම යන වෘත්තීය සමිති නායකයාට වසර පහළොවක සිරදඬුවමක් හා අනෙකුත් සියලු කම්කරු නායකයන් එල්ලා මරා දැමීමට නියම කෙරුණි. සැමුවෙල් පීල්ඩන් සහ ඉයුජින් ෂවාබ්ට පමුණුවා තිබූ මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලිහිල් විය. මොවුන් එල්ලා මරා දැමීමට නියමිතව තිබූ 1887 නොවැම්බර් 11 වන දිනට පෙර දිනයේ 10 වන දින ලුවිස් ලින්ග් සියදිවි නසා ගත්තේය. ඒ අනුව 11 වන දින ඇල්බට් පර්සන්ස්, ඕගස්ට් ස්පයිස්, ජෝර්ජ් ඒංගල් සහ ඇඩෝල්ප් පිෂර් යන කම්කරු නායකයින් හතර දෙනා එල්ලා මරා දමන ලදී. ඔවුන් කම්කරු පන්ති විමුක්තියේ වීර භටයින් ලෙස මරණයට එඩිතරව මුහුණ දුන්හ. එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඕගස්ට් ස්පයිස් අවසාන වශයෙන් මෙසේ ප්රකාශ කළේය. “අපේ වචනවලට වඩා අපේ නිශ්ශබ්දතාව බලගතු වන කාලයක් වැඩි කල් නොගොස් උදාවෙන ඇත.”

සැමුවෙල්, ඉයුජින් හා ඔස්කාර් යන තිදෙනා නිදහස් කරන ලදී. මේ වනවිට ඉලිනොයිස් ප්රාන්තයේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජෝන් පී. ඇල්ටිහෙල්සි නම් අයෙක් පත් වූයේය. පසුව ඔහු මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්රකාශයක් කළේය. ඒ අනුව යථෝක්ත නඩු විභාගය පක්ෂපාතීව පවත්වා තිබෙන බවත් එල්ලා මරා දමනු ලැබූ පුද්ගලයන් ඇතුළු අට දෙනාටම විරුද්ධව චෝදනා එල්ලවී නොතිබුණු බවත් පක්ෂපාතී ජූරි සභාවක් තෝරා ගෙන තිබුණු බවත් පලවිය.

මේ අනුව දිනකට පැය අටක් වැඩ ඉල්ලා 1886 මැයි මාසයේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැවැති වැඩ වර්ජනයේදී හය දෙනකු වෙඩි තබා මරා දමනු ලැබු අතර සතර දෙනකු එල්ලා මරා දමනු ලැබීය. එක් අයකු සියදිවි හානි කර ගත්තේය. තිදෙනකු හත් වසරක් සිර දඬුවම් ලැබූහ. සියගණන් වෙඩි උණ්ඩවලට ලක් වූ අතර දහස් ගණනක් අත්අඩංගුවට ගැණිනි. පොලිස් ප්රහාරයන්ට ලක් වූ ප්රමාණය අපමණය. අද පැය අටේ වැඩ දිනය භුක්ති විඳින මුළු ලොව පුරාවූ කම්කරු පන්ති ජනතාව දිවිපිදූ ඒ වීර ඇමෙරිකානු කම්කරු නායකයන් සැමරීම සහ ඔවුන්ට ගෞරවය දැක්වීමට තම පන්තිමය යුතුකමක් වශයෙන් සලකමින් වසරක් පාසා මැයි 01 වන දින රැලි හා පෙළපාලි පවත්වති.

1886 මැයි අරගල ඛේදවාචකයකින් අවසන් වූවත් ඇමෙරිකානු කම්කරු පන්තියේ සටන් රැල්ල නොනැවතී පැවැතිණ. සමස්තයක් වශයෙන් ගත් කල 1886 මුළු වැඩ වර්ජන ව්‍යාපාරය ජාත්යන්තර කම්කරු පන්ති ්‍යාපාරය ජය ස්ථම්භයක් වශයෙන් සලකනු ලබයි.

 

අඩු මාලිමාව විතරයි.
අඩු මාලිමාව විතරයි. මෙහෙම ඔක්කොම එකතු වෙනවා නම්......

දිවයින -

එස්. සුදසිංහ
නියෝජ්ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

 ලිපියක් ඇස‍ුරෙනි.


A day in the life

කෞටිල්‍ය චාණක්‍ය



මගධ මෞර්ය රාජවංශයේ නිර්මාණකරු

ලෝක ඉතිහාසයේ මා දුටු සුවිශිෂ්ටත ම දේශපාලන විශේෂඥයා. ඒ සුප්රකට අර්ථ ශාස්ත්රය ග්රන්ථයේ කර්තෘ කෞටිල්ය චාණක්ය. විෂ්ණු ගුප්ත කියන නමින් හඳුන්වන්නෙත් මොහු ම තමා. ඉන්දියානු ඉතිහාසයේ විතරක් නෙවෙ යි, ලංකා ඉතිහාසයේත් සමහර අවස්ථාවල කෞටිල්ගේ අදහස් සුවිශේෂී බලපෑමක් කරපු බව පේනවා. ලංකාවෙ සමහර රජවරු පවා කෞටිල්ය ගේ පාලන තන්ත්රය පිළිබඳ උපදෙස්වලට අවධානය යොමු කරපු බව සඳහන්.
කෞටිල්ය කියන්නෙ චන්ද්රගුප්ත මෞර්ය රජතුමා ගෙ ප්රධාන උපදේශකවරයා. චන්ද්රගුප්ත මෞර්ය, බින්දුසාර, අශෝක කියන්නෙ මෞර්ය රාජවංශයෙ පිළිවෙලින් රජ වුණු රජවරු.
ඉතිහාස පොත්වල කෞටිල්ය ගැන තියෙන තොරතුරුවලින් පේනවා කෞටිල්ය කියන්නෙ කොයි තරම් සූක්ෂ්ම බුද්ධියක් තිබුණු කෙනෙක් ද කියලා. ගොපලු දරුවෙක් විදියට හිටපු චන්ද්රගුප්ත ව ඉන්දියාවේ ප්රබල රජෙක් බවට පත් කිරීම දක්වාත්, චන්ද්රගුප්ත ගේ පාලනයේත් නියමුවා වුණේ කෞටිල්ය. රාජ්ය පාලනයට උපදෙස් දෙමින් ඔහු රචනා කරපු අර්ථ ශාස්ත්රය අදත් ලෝකයේ ඉහළින් සාකච්ඡාවට භාජනය වෙන ග්රන්ථයක්. ඉන්දියාව, ලංකාව වගේ රටවල්වල දේශපාලන චින්තනයේ අසමසම පෙරැළියක් කළ කෞටිල්ය චාණක්ය ගැන කෙටි ලිපියක් මේ.
කෞටිල්ය ගෙ ජීවිතය ගැන යම් යම් තොරතුරු ලංකාවෙ පොත්වලත් ලියැවිලා තියෙනවා. මහාවංස ටීකාව එයින් ප්රමුඛත ම පොත. ඉන්දියාවෙත් යම් යම් ලේඛනවල කෞටිල්ය ගැන ලියැවිලා තියෙනවා. නමුත් ඒ හැම ලේඛනයක ම තියෙන කාරණා කතා කරන්න ගියොත් දීර්ඝ ලිපියක් ලියන්න වෙන නිසා මහාවංස ටීකාව කෞටිල්ය ගැන කරන විස්තරය පාදක කරගෙන මේ ලිපිය සටහන් කරනවා. අවශ්ය යැ යි හැ‍‍ඟෙන අවස්ථාවල විතරක් ඉන්දියානු ලේඛනවල කරුණුත් සටහන් කරන්න උත්සාහ කරන්නම්.
බිම්බිසාර, අජාසත්ත වගේ රජවරු පාලනය කරපු මගධ අධිරාජ්යය රජවරු කීප දෙනෙක් ගේ ම ඇවෑමෙන් මහා පද්ම කියන රජතුමා යටතට පත් වෙනවා. මගධ අධිරාජ්යයේ සුප්රකට නන්ද රාජවංශයේ ආරම්භකයා ඔහු. මහා පද්ම ගෙ ඇවෑමෙන් ඔහු ගෙ පුතුන් අට දෙනෙක් පිළිවෙලින් රජකමට පත් වුණා. අන්තිමයා තමා ධනනන්ද කියන්නෙ. ධනනන්ද ගැන ඒ තරම් ප්රසාදයක් රටවැසියන්ට තිබුණෙ නෑ. ඔහු තදින් වස්තුව රැස් කරන්න කටයුතු කරපු පාලකයෙක්. නමුත් ඔහු අතිශය දුර්වල පාලකයෙක් විදියට නම් කරන්නත් ටිකක් අපහසු බව පේනවා. ධනනන්ද ගෙ සමහර වැඩ නිසා අතිශයින් පීඩාවට පත් වුණු පිරිසක් වුණේ බ්රාහ්මණයින්. ධනනන්ද ගෙ අවසානයත් සිද්ධ වෙන්නෙ කෞටිල්ය චාණක්ය නමැති බ්රාහ්මණයා නිසා.
චාණක්ගෙ පියාත් බ්රාහ්මණයෙක්. ජීවත් වුණේ තක්ෂිලාවෙ. චාණක්ය ගෙ පියා ගෙ නම ආචාර්ය අජය කියලත් අදහසක් තියෙනවා. ඔහු ධනනන්දට විරුද්ධ ව කැරළි ගහලා සිරගත වූ බ්රාහ්මණයෙක්. කොහොම නමුත් චාණක්ය ගෙ පියා පවුලෙන් දුරස්වීමත් එක්ක ම ඔහු මව සමඟ තනි වෙනවා. නමුත් චාණක්ය බොහොම හොඳින් අධ්යාපනය ලැබුවා. මහාවංස ටීකාව කියන විදියට චාණක්ය කියන්නෙ ත්රිවේදයේ පරප්රාප්ත, මන්ත්රාධ්යනයේ නියුක්ත, උපායේ දක්ෂ නීතිවේදියෙක්.
චාණක්ය ගෙ තිබුණු විශිෂ්ටත්වය නිසා ම ඔහු රජකමට වුණත් සුදුස්සෙක් කියලා අදහසක් ප්රචලිත වෙන්න පටන් ගත්තා. හැබැයි ඔහුට පිහිටලා තිබුණෙ විකෘති ශරීරාංග. දත් නැති, කිලුටු සහ වකුටු වුණු පාද සහිත කෙනෙක් විදියට යි පත පොතේ ඔහු ගැන සඳහන්.
එක් දවසක්, ධනනන්ද රජතුමා ගෙන් දානයක් ලබා ගැනීමේ අරමුණින් චාණක්ය රජතුමා ගෙ දන්හලට යනවා. ගිහින් බමුණන් වෙනුවෙන් තිබුණු ප්රධාන ආසනයේ ම ඉඳගන්නවා. මේ විදියට දාන සාලාවට වෙලා චාණක්ය ඉන්න අතරේ ධනනන්ද රජතුමාත් තමන් ගෙ පරිවාරය සමඟ දාන සාලාවට එනවා. බ්රාහ්මණයන් වෙනුවෙන් සකස් කරපු මුල් ආසනයේ ම ඉන්න චාණක්ය ව රජතුමා දකින්නෙ මේ අතරවාරයේ. නමුත් ඔහු ගැන රජතුමා ගෙ හිතේ ඇති වුණේ ඒ තරම් යහපත් හැඟීමක් නෙවෙ යි. විශේෂයෙන් චාණක්ය ගෙ ශරීර ස්වභාවය නිසා රජතුමා ඔහු ව දාන ශාලාවෙන් නෙරපන්න රාජ පුරුෂයන්ට අණ කරනවා.
මේ සිදුවීමෙන් කෝපයට පත් වුණු චාණක්ය බ්රාහ්මණයා රජතුමාට සාප කරමින් දාන ශාලවෙන් පිට ව යනවා. මේ ශාප කිරීම නිසා රජතුමා තවත් කෝප වෙනවා. චාණක්ය ව අත් අඩංගුවට ගැනීමට අණ කරනවා. නමුත් ඔහුට පුළුවන් වෙනවා රාජ පුරුෂයන් ගෙන් බේරෙන්න. ටීකාව කියන විදියට ආජීවක වෙස් ගත් චාණක්ය රාජ පුරුෂයන් ව මග හරින්න සමත් වෙනවා. නමුත් ඔහු රාජාංගණයෙන් පිටවෙන්න කටයුතු කළේ නැහැ.
මේ විදියට දින කීපයක් ගත කරද්දි චාණක්ය දකිනවා ධනනන්ද රජතුමා ගෙ පුත්රයා වුණු පර්වත කියන කුමාරයා බලන්න එන මිනිස්සුන් ව. ඔහුත් කුමාරයා බලන්න යන මිනිස්සු එක්ක පර්වත කුමාරයා ව හමු වෙන්න යනවා. ගිහින් උපාය ඥාණයෙන් කුමාරයා ව අවනත කරවා ගන්නවා. පර්වත කුමාරයා ගෙන් චාණක්යට දැනගන්න ලැබෙනවා මාලිගාවෙන් පිටතට යන රහස් උමගක් ගැන. ඔහු මේ උමගෙන් රහසේ ම වින්ධ්යා වනයට පළා යනවා. ඒ රජතුමා ගෙ පුත්රයා වුණු පර්වත කුමාරයාත් එක්ක. මේ විදියට වින්ධ්යා වනයේ ජීවත් වෙද්දි චාණක්ය වස්තුව රැස් කරන්න පටන් ගන්නවා. පොත පත කියන විදියට අසූ කෙළක් විතර ධනය රැස් කරගන්න චාණක්ය සමත් වුණා ලු. පර්වත කුමාරයා චාණක්ය ගාව හිටියත්, ඔහු එක පාරට ම කැමැති වුණේ නෑ කුමාරයා ව රජ කරවන්න. ඒ නිසා රජ කරවන්න සුදුසු කෙනෙක් හොයමින් ඔහු විවිධ තැන්වල ඇවිදින්න පටන් ගත්තා.
මේ යන අතරෙ යි චන්ද්රගුප්ත කියන කුමාරයා ව චාණක්ය දකින්නෙ. මහාවංස ටීකාව කියන විදියට නං චන්ද්රගුප්තටත් රාජකීය සම්බන්ධයක් තියෙනවා. නමුත් ඔහු හැදී වැඩෙන්නෙ ගොපල්ලෙක් ගාව. ඒකට හේතුව වෙන්නෙ චන්ද්රගුප්ත ගෙ උපතින් පස්සෙ ගවහලක දොරටුව ගාව තනි කරලා යන්න ඔහු ගෙ මව කටයුතු කරපු නිසා. මේ විදියට වයසින් මුහුකුරා යන චන්ද්රගුප්ත ගෙ ජීවිතය වෙනස් වෙන විදියෙ සිද්ධියක් ඇති වුණා.
එක්තරා දවසක් ගවයන් රකින්න චන්ද්රගුප්ත පිටත් ව යනවා. ඒ ගමේ අනෙක් දරුවනුත් එක්ක. ගවයන් ව නිදහස් කළාට පස්සෙ ඔවුන් ‘රාජක්රීඩා’ නමින් හඳුන්වපු ක්රීඩාවක් කරන්න පටන් ගත්තා. මේ ක්රීඩාවෙ රජතුමා ගෙ චරිතය කළේ චන්ද්රගුප්ත. ක්රීඩාවෙ ස්වභාවය අනුව විවිධාකාරයේ නඩු විසඳන්න චන්ද්රගුප්තට සිදු වුණා. ගොපලු දරුවො ටික මේ විදියට ක්රීඩා කර කර ඉන්න අතරවාරයේ චාණක්යත් මේ ළඟින් යමින් හිටියා. ඔහු දැක්කා චන්ද්රගුප්ත මේ ක්රීඩාවෙ කටයුතු කරපු විදිය. චාණක්යට වැටහුණා චන්ද්රගුප්ත ගෙ තියෙන සුවිශේෂිත්වය. චන්ද්රගුප්ත ව හදා වඩාගත් අයට කහවණු දාහක් ගෙවලා, මේ ගොපලු දරුවා (චන්ද්රගුප්ත) වත් තමන් ජීවත් වෙන තැනට අරගෙන යන්න චාණක්ය කටයුතු කළා. හැබැයි චන්ද්රගුප්ත, චාණක්ය ජීවත් වුණු තැනට යද්දි තවත් කෙනෙක් එතැන හිටියා. ඒ ධනනන්ද රජතුමා ගෙ පුතා වුණු පර්වත කුමාරයා.
චන්ද්රගුප්ත වත්, පර්වත කුමාරයා වත් ළඟට කැඳවන චාණක්ය වෙන වෙන ම රත්රන් කෙන්දකින් ඔතපු කම්බිලි හූ වැටියක් චන්ද්රගුප්ත ගේත්, පර්වත කුමාරයා ගේත් ගෙලේ පළඳනවා.
චාණක්යට අවශ්ය වෙනවා මේ දෙන්න ගෙන් රජකමට වඩාත් ම සුදුසු කවුරුද කියන කාරණාව දැනගන්න. ඔහු ඒකට උපක්රමයක් කල්පනා කළා. චන්ද්රගුප්ත නින්දට ගියාට පස්සෙ, පර්වත කුමාරයා ව ළඟට කැඳවන චාණක්ය කඩුවක් අතට දීලා කියනවා, ‘චන්ද්රගුප්ත කුමාරයා ව අවදි නො කර ඔහු ගෙ ගෙලේ තියෙන කම්බිලි හූ වැටිය ගලවාගෙන එන්න’ කියලා. නමුත් චන්ද්රගුප්ත ව අවදි නො කර ඒ වැඩේ කරන්න පර්වත කුමාරයා අසමත් වුණා.
තවත් දවසක ඒ විදියට ම චන්ද්රගුප්ත ව පිටත් කරන්න චාණක්ය කටයුතු කළා. පර්වත කුමාරයා නිදාගෙන හිටපු තැනට යන චන්ද්රගුප්තට අවබෝධ වෙනවා කුමාරයා අවදි නො කර බෙල්ලෙ තියෙන කම්බිලි හූ වැටිය ගලවගන්න බැහැ කියලා. ඔහුට වැටහුණා මේකට තියෙන එක ම විකල්පය පර්වත කුමාරයා ගෙ බෙල්ල කපලා මරණ එක විතර යි කියලා. චන්ද්රගුප්ත ඒ දේ කළා. පර්වත කුමාරයා ගෙ ගෙලේ තිබුණු කම්බිලි හූ වැටිය චාණක්යට ගෙනත් දුන්නා. චාණක්ය තේරුම් ගත්තා රජකමට වඩාත් ම සුදුස්සා චන්ද්රගුප්ත කියන කාරණාව. රජ කෙනෙකුට අවශ්ය කරන ආකාරයේ ශිල්ප උගන්වන්න චාණක්ය කටයුතු කරන්නෙ ඊට පස්සෙ.
කාලය ගෙවුණා. රාජ්ය බලය ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව වැටහුණා. මේ වෙද්දි රාජ්යය බලය ලබා ගැනීමට සුදුසු ආකාරයෙන් ශික්ෂණයක් චාණක්ය විසින් චන්ද්රගුප්ත තුළ ඇති කරල යි තිබුණෙ. සැලැකිය යුතු පිරිසකුත් මේ වෙද්දි චන්ද්රගුප්ත එකතු කරගෙන හිටියා. ධනනන්දට විරුද්ධ ව පළමු කැරැල්ල චන්ද්රගුප්ත ඇති කළා. නමුත් අවාසනාවන්ත විදියට ඒ කැරැල්ල මර්ධනය වුණා. ඒකට හේතුව වුණේ චන්ද්රගුප්ත එක්වර ම ඇතුළු ජනපදවලට ආක්රමණ එල්ල කිරීම. චන්ද්රගුප්ත ගෙ මේ ක්රියාව නිසා ඔහු ගෙ සේනාව කොටු කරගෙන පහර දෙන්න ජනපදවාසීන්ට හැකි වුණා.
නමුත් දෙවෙනි පාරට චන්ද්රගුප්ත එල්ල කරපු ආක්රමණය අසාර්ථක වුණේ නැහැ. ඒ අවස්ථාවෙදි ඔහු ඇතුල් ජනපදවලට එක් වර ම පහර නො දී ක්රමානුකූල ව ජනපද ආක්රමණය කරන්න පටන් ගත්තා. මේ විදියට ඒ ඒ ජනපද ආක්රමණය කරමින් පාඨලීපුත්රයට එන චන්ද්රගුප්ත, ධනනන්ද රජු ගෙන් බලය පැහැරගෙන ඔහු ව මරා දමනවා. ඔය විදියට යි චන්ද්රගුප්ත මගධ අධිරාජ්යයේ බලය අත්පත් කරගන්නෙ. ඔහු ගෙ රාජ්යත්වය පසු පස සිටි අසමසම බලවේගය වුණේ කෞටිල්ය චාණක්ය.
මේ විස්තරය පුළුවන් තරම් කෙටියෙන් සටහන් කළේ. මේ විස්තරයෙ අතුරු කථා කීපයක් ම ඉන්දියානු මූලාශ්රයවල සටහන් වෙලා තියෙනවා. ඒ කථාවල කෞටිල්ය ගෙ උපායශීලී ඥානය ප්රකට වෙන තොරතුරුත් දැක ගන්න පුළුවන්. ධනනන්ද ගෙ පක්ෂය උපක්රමවලින් චාණක්ය විසින් කොටු කරපු හැටි. සතුරු පක්ෂයෙ ඇතමුන් චන්ද්රගුප්ත⁣ට නම්මවා ගත් හැටි, චන්ද්රගුප්ත ගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් චාණක්ය සූක්ෂම වූ හැටි වගේ දේවල් මේ අතුරුකතාවල තියෙනවා. නමුත් මේ සටහනෙදි මම ඒ අතුරු කථා සියල්ල ම පැත්තකට කළා.
කෞටිල්ය ගැන මේ තියෙන තොරතුරු බාහිර මූලාශ්රයවල තියෙන ඒවා. නමුත් කෞටිල්ය ගෙ දැක්ම මොන වගේ ද කියලා දැනගන්න පුළුවන් අර්ථ ශාස්ත්රය වගේ ලේඛන අපි අතර තියෙනවා. අර්ථ ශාස්ත්රය ලියන්නෙ කෞටිල්ය විසින් කියන කාරණාව මම නැවැත මතක් කළ යුතු නැහැ. අර්ථ ශාස්ත්රයෙ කෞටිල්ය පාලනය සම්බන්ධයෙන් දෙන උපදෙස් කීපයක් අර්ථ ශාස්ත්රය අතරින් පතර පෙරළලා මම සටහන් කරන්නම්. රාජ්ය පාලනය ගැන කෞටිල්ය ගෙ අවබෝධය සහ දැක්ම මොන විදියට ද තිබුණෙ කියන කාරණාව තේරුම් ගන්න ඒක උපකාර වේ වි.
අර්ථ ශාස්ත්‍‍යේ 13 වෙනි ආධ්යායෙ කෞටිල්ය මෙහෙම කියනවා.
“යම් රජෙක් තමාගේ ගුප්ත අදහස් හා ගුප්ත මන්ත්රණ සඟවා නොසිටියිද, ඔහු උසස් තත්ත්වයට පත්වී සිටියත් පහතට වැටෙයි. මුහුදෙහිදී නැව බිඳීයාමක් මෙන් ඔහු විනාශයට පත් වෙයි.”
මේ 5 වෙනි ආධ්යයෙ කියමනක්.
“ජයග්රහණය අපේක්ෂා කරන්නා මිත්රයන් සමග භේද ඇති නොකළ යුතුය. නැතහොත් කිසියම් දෝෂයක් ඇති වුවොත් දෝෂය විනාශ කරන ගුණ මගින් තත් කාලයේ ඒවා ශාන්ත බවට පත් කළ යුතුය.”
4 වෙනි ආධ්යයේ කියමනක්.
“සුළු කම්කරුවන්ගේ අඩුව සම්පූර්ණ කළ හැකිය. එහෙත් ප්රමුඛ නිළධාරීන්ගේ අඩුව සම්පූර්ණ කළ නොහැකිය.”
රජයේ අධ්යක්ෂවරුන් ගේ කාර්යභාරය (27 ප්රකරණය) තුළ එන කියමනක්.
“යම් ආකාරයකින් ජලයේ වසන මත්ස්යයන් ජලය පානය කරනු දැකිය නොහැකිද, ඒ ආකාරයෙන්ම ධනය පිළිබඳ කාර්යන්හි යොදනු ලබන නිළධාරින් ධනය පැහැර ගැනීම දැකිය නොහැකිය.
අකාශයේ ඉගිලෙන පක්ෂින්ගේ ගති දැකගත හැකි නමුත් ගුප්ත හැසිරීම් ඇති ධනය පැහැර ගන්නා වූ නිලධාරින්ගේ ගති විධි දත නොහැකිය.”
නීතිය හා විනිශ්චය මණ්ඩල (72 ප්රකරණය) තුළ එන කියමනක්.
“යම් පුද්ගලයකුට කුෂ්ට ඇත්තා, උන්මත්තකයා, නපුංසකයා ආදි වචනවලින් නින්දා කළ හොත් පණ දොළසක් දඬුවම් කළ යුතුය. යමෙක් අසත්ය, මිථ්යා ස්තුතියෙන් නින්දා කළ හොත් පිළිවෙලින් පණ දොළසක්, විසිහතරක් හා පණ තිස් හයක් දඬුවම් කළ යුතුය. ...”
කෞටිල්ය ගැන ලියනවා නං ලියන්න පුළුවන් දීර්ඝ ලිපියක්. නමුත් දැනට මෙය ප්රමාණවත් බව ම⁣ගෙ හැඟීම.

- ශකිල රාජකරුණා✍️
Shakila Rajakaruna

A day in the life