අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Thursday, January 04, 2024

1/04/2024 10:14:00 pm


ටීචර් කෙනෙක්වද බැඳ ගන්නට ඉන්නේ
දැනටත් බැඳලාද එහෙනම් අහ ගන්නේ
1.30 ට පාසල අවසන් වන්නේ
ඒකයි ගොඩක් අය ටීචර්ලව බැන්ඳේ....
සීයක් දෙසීයක් ඇත පොත් බලන්නට
දින, සති වාර සටහන් ඇත ලියන්නට
හෙට පාඩමට සූදානම් වී යන්න
බරටම ගෙදර වැඩ පැවරී ඇත ඇයට....
Office යන මහතුනේ මෙය දැන ගන්න
ඔබටත් දෙනවාද GM ගෙදර වැඩ
ආවත් ඔබට කලියෙන් ඈ නිවස වෙත
පොත් අතරමයි ඈ ඔබ එනතුරුම ගෙට....
වාර විභාගය දවසට යුද්ධෙ වැනී
Paper ගොඩක් මැද ඇය හිර වෙලා ඇතී
ඒ වගෙ දිනෙක රෑ කෑමත් නැති වේවී
පානුයි පරිප්පුයි ඔබටත් රස වේවී....
දහස් ගණන් ජීවිත වල එළිය වෙවී
සිනහ සිසී වෙහෙසෙන ආදර මව්නී
හෙට ලෝකයට ජීවය දෙන හැඩකාරී
ආඩම්බරෙන් කියපන් ඒ නුඹෙ භාරී....
චුට්ටක් සැරයි කට පොඩ්ඩක් සද්දෙ වැඩියි
ඉවසාගෙන ඉන්න ගුරුවරු එහෙම තමයි
ඔය හැමදේම එක්ක ආදරෙ නුඹට වැඩියි
සෙනෙහෙන් ඉන්න ඇය හැමදා නුඹට ලැදියි...




-------විද්‍ය පීඨ අපේ එකමුතුව
notes of imaginary












0 ප්‍රතිචාර: