ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2024-01-01

සක් දෙවිඳුගේ කවිපොතින්


එදත් එහෙමයි අදත් මෙහෙමයි
නරයො ඔක්කොම ගන්නෙ තීරණ
නඩුත් හාමුදුරුවන්ගෙ කිව්වට
බඩුත් ඒ ගිණුමටම දැම්මට

අල්ලගත් සැකකරුට එරෙහිව
සාක්කිත් උන් මෙහෙයවාගෙන
දංගෙඩියටම යවයි ඔහු හිස
එරෙහි වූවොත් යමෙක් මේ ගැන

එන්නෙ වටකර අවි දරාගෙන
සියලු තතු තම ඇසින් දුටු ලෙස
නිවැරදිම විනිසක් ලබාදුන්
විනිසකරුටත් දී විවේචන

නිදොස් වී සැකකරුව නිදහස්
වුවොත් උන් කෝපවෙයි එසැනින
විචාරව බුද්ධියෙන් විමසා
බැලී නම් එදවසත් මිනිසා

රිංගන්න සිදුවෙයිද මාහට
මීයෙකුගෙ වේශයක් අරගෙන
මට තරම් නැති අර අපිරිසිදු
චිඤ්චාවගේ රෙද්ද අස්සට

පී. ජී. ආරියපාල

notes of imaginary

0 ප්‍රතිචාර: