ඒ මට මතක විදියට අසූව දශකයේ මුල් බාගයේ මගෙ හිතවත් අයියා කෙනෙක් හිටීය කැළණි විශ්ව විද්යාලයේ උපාධියක් හදාරමින් .එයා එක දවසක් කිව්ව කැම්පස් එකේ ව්ක්ටර්ගෙ ස' පෙන්නනවා කියල .කෙසේ හෝ පහුවෙනිදා ඒ ගැන අහද්දී එයා දීපු උත්තරේ තමයි ".නියමෙට ගියා මල්ලි හැබැයි පටන් ගැන්මෙයි ඉවර වෙද්දි යි " අපි ඔක්කොම රජවරු " කියන කොට හූව දැම්ම.අනික් ඒවට නම් කන පිරෙන්න් අත්පුඩියයි ව්ෂිල් පාරයි"කියල.එදා ඒක මට ගානක් නොවුනත් දැනුම් තේරුම් තියෙන වයසට එනකොට මට මේ සිද්දිය ගළපා ගන්න උනා තවත් සිද්දියක් එක්ක.ඒ 1974-75 කාලෙ .ව්ක්ටර්ගෙ ස ඉහලම ජනප්රියත්වයෙන් දිවයින පුරා ප්රදර්ශනය වෙනවා.ඔය වෙනකොට යාපනය ව්ශ්ව ව්ද්යාලයේ සිංහල අංශයට පත් වෙලා එනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්.යාපනයේ අන්තිම සිංහල දිසාපති උන ලයනල් ප්රනාන්දු මහතාගේ සේවා කාලය .එතුමා ප්රවීණ කළාවේදිනි සෝමලතා සුභසිංහ මහත්මියගේ දයාබර සැමියා .මේ කට්ටිය එකතු වෙලා ස ප්රසංගය පෙන්නනවා යාපනය ව්ශ්ව ව්ද්යාලයේ .යාපනයේ කලාකාමී ජනතාව කෙතරම් ආදරයෙන් ප්රසංගය වැළඳ ගත්තදකියනවානම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරිලා.සමහර උපකරණ (බෆල් සෙට් වගේ )අයින් කරනවා ඔවුන්ට වාඩිවෙන්න ඉඩ හදන්න.හැබැයි එක දෙකක් උනා.එයල එදා අපි ඔක්කොම රජවරු සිංදුවට හූ තිබ්බේ නෑ .සිංදුවෙන් සිංදුවට අත්පුඩි ගැහුවා .ව්ශ්ව ව්ද්යාලයේ පාලකයන් වේදිකාවේදී කිව්වේ මේ ඇහෙන සංගීතය අපේම ජීවන සංගීතයයි කියල .ලයනල් ප්රනාන්දු මහතා යාපනයේ රාජකාරි කරන කොට එතුමාගේ මෑණියනුත් වාසය කර තිබෙන්නේ එතුමත් සමගම යාපනයේමයි.අවාසනාවකට එතුමිය ජීවිතයෙන් සමු ගත්තම දිසාපති පුතුනුවන් දැන් අවසන් කටයුතු කරන්න දේහය කොළඹට ගේන්න හදන කොට යාපනයේ ජනතාව මොකද කියල තියෙන්නේ ?"සර් අම්මා හිටියෙ මෙහෙ අපිත්එක්ක.ඔබතුමාට වගේම එතුමිය අපිටත් අම්මා කෙනෙක් .ඒක නිසා දේහය කොහේවත් ගෙනියන්න එපා . යාපනයේම භූමදානය කරන්න කියලමේ සිද්දියත් ඊට ආසන්න කාල වකවානුව කදීසිදු උනේ.එවකට අගමැතිණි සිරිමාවෝ මැතිණිය යාපනයේ සංචාරය කරනවා යාපනයේ විශ්ව ව්ද්යාලයේ ව්වුර්ත කිරීමේ උත්සවයකට .එය සංවිධානය කරන්නෙ එවකට යාපනයේ නගරාධිපති ඇල්ෆ්රඩ් දොරේඅප්පා මහතා .අගමැතිණිය පිලිගන්නට එදා යාපනයේ ජනතාව සූදානම් කරලා තිබුණේ හරිම සංවේදී ආකාරයකට .ඉතා දිග කොණ්ඩා තිබුණු තමිල් කාන්තාවන් පේළි දෙකකට බෙදිලා බිම ඇන තියාගෙනඔවුන්ගේ කෙස් වලළු බිමට දාගෙන පලසක් වගේ හදල තියෙනවා මැතිණියට ඒ උඩ්න් ගමන් කරන්න කියලා.එතුමිය ඉතා සුහදසීලීව එම ආරාධනය ප්රතික්ෂේප කලාලු.යාපනයේ ජනතාව කවදත් මැතිණිය හදුන්වනු ලබන්නේ අම්මා කියල .දෑවැදි ප්රශ්නය ඉතා උග්ර ව තිබුණ යාපනයේ පලාතේ පියවරුන්ට දෑවැදි හොයාගන කරදරයක් නැතුව තම දූවරුන් ව්වාහ කරලා දෙන්න මැතිණියගේ වගා සංග්රාම වයාපාරය ඔවුන්ට ලොකු පිටුවහලක් වුනා කියන එදා හරි ජනප්රිය කතාවක් .1982ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුව මහත්තයව අල ලුණු මිරිස් වලින් හදපු මාලයක් දාල පිළි අරගෙන එතුමව ජයග්රහණය කලේ මුළු දිවයිනෙන්ම යාපනයේ ජනතාව පමණයි.ඒ අවුරුදු ගනනාවක් ගිහිල්ලාත් ඔවුන්ට අතීතය අමතක නොවුණු නිසා වෙන්නැති .ඊටත් බොහොම කාලෙකට පස්සේ කස්ටම් එකේ අපේ අයියා කෙනකුට මාරුවක් ලැබෙන වා ත්රිකුණාමලය වරායට.එයා ටිකක් පිච්චර් පිස්සා.ඔය කාලෙදී එහේ චිත්රපට හෝල්වල පෙන්නුවේ "නීල කඩලින් ඕරිත්තිලයි"කියන චිත්රපටය .නම එහෙම උනාට මේකේ ප්රධාන චරිතය රගපෑවේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහත්තයා .පලාතේ ඒ වෙනකොටත් මතු වෙමින් තිබුණු අසහනකාරීතත්ත්වයන් උඩ අපේ අයියා දැන් බොහොම කුතුහලයෙන් බලා ඉන්නවා ප්රේක්ෂක ප්රතිචාර කොහොමද වේව්ද කියල ගාමිණිට.ගාමිණිගේ රුව තිරයේ දිස්වුනා විතරයි නැගී ආ ව්ශිල් හඩ හා අත්පොලසන් නාදය අපේ අයියා කවදාකවත් දකුණේ හෝල් එක්කින් අහල තිබුණේ නෑ.එහෙම දයාවෙන් කරුනාවෙන් සලකපු ජාතියක් ඊට අවුරුදු හතරකට පහකට පස්සේවෛරයේ අවි ඔසවා ගත්තෙ කොහොමද කියන එක මට නම් අදටත් ගැටලුවක් .පිටස්තර බලවේග මේ පිටිපස්සෙ හිටිය කියල හිතෙන්නේ කවදත් ඒ සහෝදර ජනතාවගෙ හදවත් තේරුම් ගැනීමේ හැකියාව මට තිබුණු නිසාමයි.මේ 1989 90 වසර .මම සේවය කළේ කොලඹ ඉන්දියානු බැංකුවේ .අපේ බැංකුවේ මිතුරියක් ව්වාහ උනා .උත්සවය තිබුණේ යාපනයේ චුන්නාකම් වල.ඉන්දීය සාම හමුදාව යාපනයේ ඉන්න කාලෙ .යාපනයේ මිතුරෝ මට අරාදනා කරනවා යමු යාපනයේ කියල .හිතේ තිබුණු ආශාවට මාත් ඔවුන් සමග ගමනට එක් උනේ ගෙදරට අනුරාධපුරයේ යනවා කියල .දැන් මං විතරයි එකම සිංහලයා .මමත් තමිල් යාළුවෝ එක්කම ව්වාහ මංගල උත්සවයට සහභාගි වෙලා සද්ද නැතුව ඉන්නවා.දැන් දිවා බෝජන වේලාව .සැවොම බිම වාඩ්වෙලා කෙහෙල් කොලේ බත් කනවා පට්ට රසයි .ඊලගට පායාසම් බෙදනවා.මං කාපු පායාසමක් නෑනෙ.මම ඇගිලි වලින් බත් කනවා වගේ පායාසම් කන්න හදනවා .කොහෙද පායාසම් ඇගිලි අස්සෙන් පයිනවා.ඇගිලි එකට තියලා හැන්දෙන් ගන්නවා වගේලු කන්න ඕනෑ .කවුද දන්නෙ ?මේක බලන් හිටිය කෑම බෙදපු තරුණයෙක් .වේට්ටිය ඇදලා ටිකක් හැඩි දැඩි පෙනුම .හයියෙන් හයියෙන් ආව මං ලගට.මං ලග හිටිය තමිල් යාළුවාගෙන් අහනවා මෙයා සිංහලද කියල .මගෙ පපුවත් ට්ක ටික ගැහෙනවා.මිතුරත් අසරණ ව මූනෙම්ම පිලිතුරු දුන්නා.ආපු තරුණයා හයියෙන් කතා කරනවා.කාටද ව්ධානයක් දෙනවා .මං දැන් දෙයියෝ සිහිකර ගන්නවා .යන්තම් තේරුණේ සිංහල මුනියා කියල කියනවා විතරයි .මෙන්න බොලේ තරුනයෙක් එනවා හැන්දක් අරන්.තව තරුණයෙක් එනවා වතුර අරන්.අරයා කියල තියන්නෙ මෙයා සිංහල කෙනෙක් .පායාසම් කන්න හැන්දක් දීලා වතුර ටිකක් දෙන්න කියල .එයාගෙ කටේ සද්දෙට මගුල් ගෙදර හැමෝම මං ලගට ආවා.මනාළ ජෝඩුව ගැන දැන් එයාලට නිනව්වක් නෑ.දැන් සමහරු මට බත් සෝරු බෙදනවා .සමහරු මෝරු,රසම් බෙදනවා .මට කන්නත් බෑ.උත්සවය ඉවර වෙලා අපි බස් එකක් ගන්න හංදිය ට ආවා.දැන් යාලුවො ටික වෙච්චි සිද්දිය ගැන කතා වෙනවා .බස් නැවතුමේ අසල තිබුණු කඩයක මුදලාලි පුටුවක් අරං ඇවිත් කඩේ හෙවනකින් තිබ්බා.එයා යාළුවන්ට කියනවා සිංහල එක්කෙනාට වාඩිවෙන්න කියල .එයා කොලඹ පිටකොටුවේ කඩේක ඉස්සර වැඩ කරලා තියෙනවලු.මම හොඳට වාඩ්වෙලා එයත් එක්ක කතා කරන කොට අනික් යාළුවෝ ටික බස් එකක් එනකල් අව්වෙ කර වෙවී හිටිය .අපි නැවත කොලඹ එන දවස උදාවුනා.කොලඹ දුම්රිය පටන් ගන්නෙ කන්කසංතුරෙන්.අපි යාපනයේ ඉදලා KKS යනවා .හවස නිසා වැඩි සෙනඟකුත් නෑ.අපිත් නිදහසේ කතා කර යනවා .මගෙ පහසුවට යාළුවෝ සිංහලෙනුත් කතා කරනවා .බස් එකේ හිටපු අම්මෙකුයි තාත්තෙකුයි එයාලගේ පොඩි දුවට (වයස අවුරුදු දහයක් විතර ඇති )මාව පෙන්නනවා "සිංහල සිංහල "කියල .දැන් අර පොඩි ළමයත් මාත් එක්ක හිනාවෙනවා.මං එයාට අත වනනවා.බස් එක KKS ලගාවන කොට අපි හරි යාළුවෝ .හැබැයි එක වචනයක්වත් කතා කරල නෑ.බස් එක ස්ටෑන්ඩ් එකට ලංවෙලා බහින්න කිට්ටු වෙනකොට ළමයා අම්මට මොකද්ද කියලා එයාගෙ මල්ලෙන් මිදි අහුරක් අතට ගන්නවා .ඒ කාලෙ යාපනයේ මිදි වාරෙ.මම බහින්න හදන කොටම එයා මගෙ ලගට ඇවිත් මිදි අහුර දීලා ආපසු අම්මා ලගට දුවගෙන ගියා .මිදි පොකුර මගෙ අතේ හිරවෙන කොට මගෙ දෑස් කදුලු වලින් තෙත් වෙලා.එයාට ස්තුති පූර්වකව අත වැනුවත් ඒ රුව බොද වෙලයි පෙනුණේ .මේ මම මගේ ජීවිතයේ ලබපු ඉතාම වටිනා කිසිදා අමතක නොවන උතුම්ම තිලිණයකි.
බන්දුල පෙරේරා
1 comments:
මම ජීවිතේට කියවපු ආදරණීයම බ්ලොග් සටහන!
Post a Comment