කන්නසාමිට කන්නසාමිටදොන්ත දොමිකිට කියමිනාකන්ද උඩරට පොන්ත ගිවිසුමකුංචනාදෙන් ඇවිලුණාලොන්ත නිලමේවරුන් අළු යටඅඟුරු ටික තලුමරමිනාකන්නසාමිගෙ බෙල්ල හිරකොටතොණ්ඩු අඹරා ඇඹරුණාසුද්දගේ ලොම් ඩිංග අද්දරතප්පුලන පරයන් දිනාඇස් පනා පිට පත්තුවී ගියගින්දරෙන් මං පිච්චුණාඑංගලන්තේ ජෝර්ජ් පප්පගෙකිරීටේ බල පෙන්වනාබින්න බහිනා ගිවිසුමක් යටකන්ද උඩරට යටවුණාමඟුල් මඩුවේ වහල හොල්ලනඅස්ප කුර හඬ මතුවුණාදවුල් බෙර සක් උදම් සද්දෙකඋගුල් ගිවිසුම්ගත වුණාඋගත් මල්වතු සේ ම අස්ගිරිඋසස් යතිවරු සමඟිනාමොහොට්ටාලල මුලාදෑනිලාපහත් වී තැන්පත් වුණාතීන්දුවකින් තීන්දුවකටවාන් දමනා වේදනාජෝන් ඩොයිලිගෙ හීන් නූලකචූන් එක උඩ පාවුණාතුවක්කු ද බයිනෙත්තු හිටගෙනකුලප්පුව උඩ කැරකුණාබුලත් විට කන මටත් ඇප නැතමඩිස්සලයට කෙළවුණාදනිස් වෙව්ලන ප්රභූවරු ටිකහුඹස් කටවල් අරිමිනාවිරිත්තනකොට රෙද්ද පල්ලෙන්හැබැයි සුළුදිය බේරුණාරට්ටු පාවා දීපු උන්ගේහක්කෙ බුදුරැස් මතුවුණාපස්ස පැත්තට වස්තිකරගෙනබොක්කෙ ගෙරි මස් දියවුණාලැජ්ජ බය උඩ ගෙජ්ජි බැඳගෙනරට්ටු නටවන නැකතිනාඅම්මපල්ලා කජ්ජ පුහුලමහුජ්ජ බරට ම රතුවුණාඉස් මුදුන් උඩ තුප්පොට්ටි බැඳරදල පිරිවර කැරකුණාසුද්දගේ මස් කටු උරන්නටබත් නොකෑ උන් වටවුණාවිද්ද වෙඩි සැර කාපු විරුවන්සද්ද නොකර ම වැළලුණාරෙද්ද උස්සන රදල බැලයන්සුද්දගෙන් හුරතල් වුණාඅත්සනක් යට අත්සනක් යටකප්පරක් ගින්දර උනාහත්තිලව්වයි රදල රෙද්දකහත්තිලව්වයි රදල රෙද්දකහත්තිලව්වයි රදල රෙද්දකහුජ්ජ පැල්ලම් මතුවුණාපසුව ලියමි...........වැඩ ඇරී මං ගෙදර එනකොටහීන් අඩියක් ගේනවාඑදා මං දුටු හුජ්ජ පැල්ලම්අදත් හැබැහින් පේනවා
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
1 comments:
+++++++++++++++
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.