Thursday, June 23, 2011
චැනල් ෆෝ කටවල් වැසේ -
මේ 23 දිවයින පුවතක්.
අනෙක් විදේශීය තානාපතින්ට ආදර්ශයක්. ඒත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වගේ අය තානාපති සේවයේ ඉන්නේ එක්කෙනෙක් විතරනම් කරන්න දෙයක් නැහැ.
නිව්යෝර්ක් හමුව උණුසුම් වෙයි
ශවේන්ද්‍රගේ මෙහෙයුමෙන්
චැනල් ෆෝ කටවල් වැසේ
කීර්ති වර්ණකුලසූරිය
විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්ස් වොච්, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය නිර්මාණය කළ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්හි දේවස්ථාන මධ්‍යස්ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ව්‍යර්ථ කර ඇත.මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය තිරගත වී ප්‍රශ්න අසන අවස්ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.
මේ වන විට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් සිටි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්‍රපටය ගැන ප්‍රතිචාර දැක්වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යෑයි ප්‍රකාශ කර ඇත.
එම අවස්ථාවේදී චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ සිය චිත්‍රපටය ගැන සාවද්‍ය තොරතුරු දැක්වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.
"චැනල් ෆෝ" චිත්‍රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක් වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක් යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්‍රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්‍රකාශය සාවද්‍ය යෑයි දක්වමින් ඇය කොටි ත්රස්තයන් සමග එක්ව කටයුතු කළ තැනැත්තියක් යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.
මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්‍රකාශ අප සතුව තිබෙනවා. දික්කසාද වූ තැනැත්තියක් වූ දමිල්වානි බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේට කට උත්තර නැතිවී තිබේ.
මෙහිදී නැගී සිටි මැක්රේ "ඔබ උගත් පාඩම් හා ප්රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්ෂි නුදුන්නේ මන්දැයි" ජනරාල් සිල්වාගෙන් ප්‍රශ්න කළේය.
"මම දෙවරක් සාක්ෂි දුන්නා. ඒ සාක්කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක් නැහැ. මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්‍ය විරෝධීන්ගේ උපක්රමවලට ගොදුරු වී තිබෙනවා" යෑයි ඊට ප්‍රතිචාර දැක්වූ ජනරාල්වරයා කියා සිටියේය.
මේ ප්‍රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත.
චැනල් ෆෝ අධ්යක්ෂ කැල්ලම් මැක්රේ ඒ සමගම නිහඬ වී තිබේ

Tuesday, June 21, 2011
හේන පාළුවට යන විට ගෙදර තිබෙන මුව හමට බැට දීම
Image by DFID - UK Department for International Development via Flickr
චැනල් 4 කාරයින්ගේ killing field in Sri Lanka අන්තර්ජාලය හරහා විසිර යනවිට අපි - අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නේදෑයි මීදුමට ආපසු හැරී විදේශ සේවය දෙස බලන්න සිහිපත්විය.
විදේශ සේවයේ තානාපති , මහ කොමසාරිස් , කොන්සල්වරුන් යන විවිධ තනතුරු හිමි අප රටේ නියෝජිතයෝ රට රට වල සිටිති. ඔවුන්ගේ කාර්යාලත් කාර්යාල මණ්ඩලත් නඩත්තු කරන්නේ මිලියන ගනන් අපේ රටේ බදු මුදල් වලිනි. ඔවුන් අපේ මුදල් වියදම් කරමින් එම රට රටවල සුවපහසුව සිට අපේ රට වෙනුවෙන් කරන්නේ කුමක්ද යන්න කිලින්ෆීල්ඩ් වැනි මහ කුණාටුවලින් මතුවන පැනයකි.
යුද්ධයක් කිසිදා සර්ව සාධාරන ලෙස යුද්ධ කල නොහැක. කෙසේ හෝ යුද්ධයක් අතර සිදුවන එක් සුළු සිද්ධියක් පදනම් කරගෙන හෝ අනාගතයේදී චෝදනාවක් කරගෙන රට වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සුළු සෙබලවිරුවාගේ පටන් සේනාධිනායකයා දක්වා අනතුරේ හෙලිය හැක.
ප්රභාකරන් වන්නියේ සැගව සිට ශ්‍රී ලංකාවම මලගෙයක් බවට පත්කරමින් අවුරුදු 30 ක් සිට නන්දිකඩාල් කලපුවෙන් පරලොව යාම වරදක් කොට සිතන “චැනල් 4 “ වැනි අය අවුරුදු 30 ක් තිස්සේ LTTE ය අපට ඉතිරි කල දුන්නේ මොනවාද සහ LTTE ය නිහඩවු පසු අපට ඉතිරි වෙන්නේ මොනවාද යන්න සමබරව කතා කරන්නේ නැත.
එය දන්නේ ලාංකීය ජනතාව පමනක් හෙයින් විදේශිකයන්ට මේවා තේරුම් කර දෙන්නට අපට විධිමත් ප්රචාරක ජාලයක් නැතිවීම“චැනල් 4 “ වැනි මාධ්‍යකාරයින්ට මෙවැනි මඩ ව්‍යාපාර වපින් ජාත්‍යයන්තර මතවාද ඇති කිරීමට රුකුලක්ව ඇත. එම හිදස ප්‍රයෝජනයට ගන්නා විදේශීය රටවල් වල ජීවත්වන මෙරට අර්බූද තුලින් මුදල් උපයන අතලොස්ස අරඹා ඇති මාධ්‍ය යුද්ධයට යුද්ධ ප්‍රකාශ කල යුතු විදේශ සේවය මර නින්දේ සිටින බව මෙවැනි දේට ඔරොත්තුදීමේ නොහැකියාව තුලින් පැහැදිලිය.
ශුී ලංකාවේ පවත්වන්නා සංහිදියාව නිසා ආර්ථිකව විශාල පාඩු විදින ජාත්‍යන්තර සංවිධාන , විදේශ ගත පුද්ගලයෝ සිටිනවා විය හැක. වෙලෙන්දා තම භාණ්ඩ අළවි කර ගැණිමට නොයෙක් අයුරු ප්‍රචාරකපට නිර්මාණය කරනවා මෙන් මේ සංවිධාණත් තම මඩිය තර කර ගැණිමට ප්රචාරක කටයුතු කල යුතුය. මේ ප්රචාරක කටයුතු කරන්නෝ ඔවුන්ගේ ඉලක්කයට යාමට “චැනල් 4 “ මිලට ගත්තා ද විය හැක. මෙවැනි මාධ්‍ය ජාල අපේ රටේද ඇති බව මාධ්‍ය තුලින් අර්බූද මවන විට අපට හදුනා ගත හැක.
“චැනල් 4” වැනි සහ විවිධ අයුරින් අපේ රටට එරෙහිවන ජාලවලට පිළිතුරු දෙන්නට අපේ විදේශ සේවය කටයුතු සංවිධාණය කල යුතුය. එහෙත් එවැන්නකට ප්‍රමානවත් වු සහ සුදුසු පිරිසක් විදේශ සේවයේ නැති බව මේ “ කනවෝ - කනවෝ “ යයි පානා අඩහැරයෙන් අපට සිහිපත් වන්නේය.
අපේ කොල්ලෝ සහ කෙල්ලෝ සටන් කලේ විධිමත් හමුදාවක් සමග නොවන බව දන්නේ අපි පමනකි. විදේශිකයින්ට LTTE විසින් අපේ හමුදා හදුන්වා දී තිබුනේ විනයක් නැති හමුදාවක් ලෙස බව දැන් අමතක නොකල යුතුය. එදාද අපට විදේශ රටවල අපේ ප්රචාරක ජාලයක් තිබුනේ නැත. අදද නොමැති බව මේ අඩහැරයෙන් ප්රකාශිතය. මිලේඡ්චත්වය LTTE යට “චැනල් 4 “හදුන්වා දෙන තරමේ යුද සම්ප්‍රදායන් තිබුනේ නැත. එහෙත් තිස් අවුරුද්දක් තිස්සේ පැවති ආණ්ඩුවලට වඩා ඥාණයක් තිබුනේය. අප දැන්වත් අන්තර්ජාලයේ සිට අපට උපයෝගී කර ගතහැකි සියළු මාධ්‍යයන් “චැනල් 4 “ වැනි ඒක පාර්ශවීය මාධ්‍යයන්ට පිලිතුරු දීමට යොදා ගැණිමට කටයුතු කල යුතුය. එසේ නැතිව “හේන පාළුවට යන විට ගෙදර තිබෙන මුව හමට බැට දී “ පලක් වන්නේ නැත.
උතුර සහ නැගණහිර වෙනුවෙන් පමනක් නොව ලාංකීය ජනතාවට නිදහසේ තම අයිතිවාසිකම් බුක්ති විදිය හැකි දේශපාලන සංහිදියාවක් සහ විසදුමක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම විකාශණය විය යුතු වන අතර . LTTE යුද යාන්ත්‍රණය යුද්ධයෙන් නිමා කලා සේම LTTE ය වැනි සංවිධාණ වලට තරුණ පරපුර යලි බිලි ගැණිමට නොහැකිවනසේ දේශපාලන සංහිදියාවක් සහ විසදුමක් ඇති කළයුතුය.
එයට අවස්ථාවාදී සහ බඩ ගෝස්තරවාදී දේශපාලනය යොදා නොගෙන සියළු දේශපාලන පන්ෂ සහ සංවිධාණ එක්විය යුතුය. උතුරේ මෙන්ම දකුනේ ජනතාවද අවස්ථාවාදී සහ බඩ ගෝස්තරවාදී දේශපාලනය හදුනාගෙන අත්වැල් බැද ගත යුතුය.
Friday, June 17, 2011
බලලා එවර වෙලා මටත් දෙනවද ?
6/17/2011 09:54:00 pm
1 comment
ඇයි ?.
හිනාවුනේ ?.
මේ පොතේ තිබ්බ දේකට .....
මොකක්ද ඒ.?.
මේ... ඒ තමයි
කොර ගගහා යන මනුස්සයෙක් දැකලා
තව මනුස්සයෙක් අහනවා
ඇයි ඔයා කොර ගහන්නේ ?. කියලා
එතකොට අර කොර ගගහා ගිය මනුස්සයා කියනවා
ඒ මගේ මේ දතේ අමාරුවක් හින්දා ..කියලා
බලලා එවර වෙලා මටත් දෙනවද ?
පොතතද ?.
නෑ...
ඇස් දෙක.
Thursday, June 16, 2011
Sunday, June 12, 2011
අදුරු කුටිය තුල - ටී.එම්. ජයරත්න
- අදුරු කුටිය තුල -
- දොරගුළු ලාගෙන -
- ගයන ගීතිකා යදින යාතිකා
- දෙවියන් හට නෑසේ
- දෙවියන් හට නෑසේ
- පොලොව කොටන තැන
- පාර තනන තැන
- ගිනියම් අව්වේ
- මසවරුසාවේ
- දෙවියෝ වැඩ ඉන්නේ
- දෙවියෝ වැඩ ඉන්නේ
- බලන් කඩතුරා හැර දෑසේ
- බලන් කඩතුරා හැර දෑසේ
- ආ ආ
- සිනිදු සුවැති සළු
- සිරසින් හැරදා
- දූවිලි මඩ වැකි පිලි ගත පලදා
- දෙවියන් රුව
- දක්නට හැක්කේ
- අදුරු කුටිය තුල -
- දොරගුළු ලාගෙන -
- ගයන ගීතිකා යදින යාතිකා
- දෙවියන් හට නෑසේ
- දෙවියන් හට නෑසේ
- පොලොව කොටන තැන
- පාර තනන තැන
- ගිනියම් අව්වේ
- මසවරුසාවේ
- දෙවියෝ වැඩ ඉන්නේ
- දෙවියෝ වැඩ ඉන්නේ
- බලන් කඩතුරා හැර දෑසේ
- බලන් කඩතුරා හැර දෑසේ
- ආ ආ
- කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
- ගත නැගි දාදිය සුවදින් සැරසී
- දෙවියන් හා
- එක්විය හැක්කේ
- අදුරු කුටිය තුල -
- දොරගුළු ලාගෙන -
- ගයන ගීතිකා යදින යාතිකා
- දෙවියන් හට නෑසේ
- දෙවියන් හට නෑසේ
- පොලොව කොටන තැන
- පාර තනන තැන
- ගිනියම් අව්වේ
- මහ වරුසාවේ
- දෙවියෝ වැඩ ඉන්නේ
- දෙවියෝ වැඩ ඉන්නේ
- බලන් කඩතුරා හැර දෑසේ
- බලන් කඩතුරා හැර දෑසේ
Wednesday, June 08, 2011
Tuesday, June 07, 2011
මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය
සත්ව සිරුරක් |
පාන්දර ගංගානම් ගගේ දර්ශණයක් |
මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය |
සුන්බුන් ?. |
මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස්වු ජීවිතය |
?. |
මේත් මලසිරුරකි. |
අපි කවදා දකිමුද මෙවන් දසුන් |
Add caption |
අපි කවදා දකිමුද මෙවන් දසුන් |
මගී වාහනයක ගරු සරු නැතිව |
සුලබ දසුනක් |
වාරය එනතුරු සාමදානයෙන් සැතපෙන සිරුරක් |
ආගමික වතාවත්........... |
සිරුරක සුන්බුන් |
මේ පින්තූර මීදුමට යොමුවුනේ සහෘදයෙකුගේ විද්‍යුත් තැපැලෙනි.
එහි උපුටාගත් මුලාශ්‍රයන් සදහන් නොවිනි.
පින්තූර වලින් පෙන්වන ඉන්දියාණු සංස්කෘතිකමය ගුණාංගය ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර ලෙස පලකරන ලෙස මීදුම ආරාධණය කරයි.
Wednesday, June 01, 2011
ගංගානම් ගග අසබඩ
කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත |
කසල සහ දඩාවතේ යන සතුන් |
හිසට සෙවනක් නැතිව |
අපිරිසිදු බව |
අවිධිමත්ව කසල බැහැර කර ඇති අන්දම |
ශුද්ධවු ගංගා නම් නදියේ අශුද්ධ කතාව |
ගග දියට එක්වන මල සිරුරු |
දියේ පා කර හරින ලද සිරුරක්. |
අශුද්ධවු ශුද්ධ ජලය |
මේත් මලසිරුරක්. |
මලසිරුරක්. |
මේ අපේ අසල්වැසි රටේ ගංගානම් ගගේ සහ අවට පරිසරයේ දර්ශණ කිහිපයකි.
මගේ විද්‍යුත් තැපෑලට යොමුවු මේ පින්තූර පිලිවෙලින් පලකරන්න මට සිතිනි. සිතන්නට බොහෝ දේ සමග අප බැහැර කරන යම් යම් දේ බැහැර නොකර ඒ අයුරින්ම යොදා ගන්නා අයුරුත් දියුනු ජන සමාජයක මෙවැනි දේ සිදුවිය හැකිදැයි සිතිවිල්ලකුත් හිතේ ඇදිනි.
මීදුම විවරනයකට එන්න කලින් මේ පින්තූර පල කරයි.
මීලග වියමනට තවත් මෙවැනිම දර්ශන එකතුවේ